සතියේ දින පහේම රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.උදෑසන මෙහෙමට් හට කතා කරන මෙහෙමට්ගේ පියා ඔහු අත තිබු මුදල් මෙහෙමට් හට දෙනවා.ඉන්පසු එය මෙහෙමට් ගන්නවා.මේ අතර හල්දුල් ඇඳ සිටි ඇඳුම් සියල්ල රොහල් සේවිකාවක් විසින් සෙනාම් හට ගෙනැවිත් දෙනවා.හල්දුල් මියගොස් ඇති බව ඔවුන් දැනගන්නවා.මේ අතර මෙහෙමට් සෙහෙර් හා සෙහෙර්ගේ නැන්දා පාරේ යමින් සිටිනවා.ඉන්පසු ඔවුන් හට බස් රථයක යාමට කිව්වාද එයට අකමැති වන ඔවුන් මෙහෙමට් අත ඇති මුදල්ද ගෙන කාර් රථයකට නැග එතැනින් පිටව යනවා.කැම්පස් එකට පැමිණෙන හන්ඩේ ගේට්ටුව අසලට ඉඳගෙන සිටි කුරායිව දකිනවා.ඉන්පසු එතැනට පැමිණෙන හන්ඩේ කුරායි එහි සිටින්නේ රුමා එනතුරුද කියා විමසනවා.තමන්ගේ වැඩක් බලාගෙන යන ලෙස කුරායි හන්ඩේ හට පවසනවා.හන්ඩේ එතැනින් පිටව යනවා.රුමා කැම්පස් එකට පැමිණෙනවා.ඇය දකින කුරායි ඇය වෙත යනවා.ඉන්පසු ඔහු රුමා සමඟ කතා කරද ඇය ගැන වද නොවන ලෙසත් තමාට තමා බලා ගැනීමට හැකි බව පවසා රුමා එතැනින් පිටව යනවා.

පංතිකාමරයට ගිය රුමාව එහි සිටි ළමුන් විහිළුවට ගන්නවා.පන්ති අවසාන වී තනිව රුමා කල්පනා කරමින් සිටිනවා.ඇය වෙත පැමිණෙන හන්ඩේද ඇයව අපහසුතාවට පත් වන ලෙස කතා කරනවා.විරත්ගේ ජීවිතය සමඟ රුමා සෙල්ලම් කල බව හන්ඩේ පවසනවා.තමා හට හන්ඩේ සමඟ තරඟයක් වත් කතාවක්වත් නොමැති බව රුමා පවසනවා.හන්ඩෙ හටද කිසිදු කතාවක් නැති බව පවසා එතැනින් පිටව යනවා.මේ අතර මෙහෙමට්ගේ ණය ගෙවීමට පැමිණ ලෙවෙට් ගැන තොරතුරු විරාත්ගේ පියා ඔහුගේ සහයකයාගෙන් විමසනවා.නමුත් ඔහු කිසිදු විස්තරයක් නොදන්නා බව පවසා නැත එම පුද්ගලයා පැමිණි විට තොරතුරු ලබාගන්නා ලෙස පවසනවා.මෙයට විරාත් හට මැදිහත්නොවන ලෙස උනාල් පවසා එතැනින් පිටව යනවා.රුමා තනිව පැමිණෙන විට විරාත්ගේ යහළුවෙකු එතැනට පැමිණෙනවා.ඉන්පසු රුමා වැරදි පුද්ගලයාට ලං වූ බවත් තමා හට ලං වෙන ලෙසත් ඔහු පවසා රුමා ලැඡ්ඡාවට පත් කරනවා.ඉන්පසු එය අසා සිටින විරාත්ඔහුට පහර දෙනවා.එතැනට පැමිණෙන කුරායි එය නවත්වනවා.ඉන්පසු රුමා තනිව සිටිනවා.එතැනට පැමිණෙන විරාත් තමා මෙය කල නැති බවත් එයට තමා සම්බන්ධ නැති බව පවසනවා.නමුත් රුමා කෝපයෙන් විරාත් හට කෑ ගසා එතැනින් පිටව යනවා.උමාගේ පාසලෙන් නිවසට ඇමතුමක් පැමිණෙනවා.

ඉක්මනින් දරුවා ගැන කතා කිරීමට දෙයක් ඇති බව පවසා පාසලට පැමිනෙන ලෙස පවසනවා.උමාගේ පියා පාසලට වෙතයනවා.උමාගේ ගුරුවරුන් උමා නරක විදිහට හැදි ඇති බවත් පාසලෙන් පැනගොස් ගේම් ගහන බවත් පවසනවා.ඉක්මනින් එයට කුමක්හෝ කරන බව පවසා ඔහු එතැනින් පිටව යනවා.විරාත් තනිව මුහුද අසලට වී සිටිනවා.ඔහු වෙත පැමිණෙන කුරායි විරාත් කල දේ ගැන පහදා රුමා සමඟ කතා කර මෙම ප්‍රශ්ණය විසදා ගන්නා ලෙස පවසනවා.නිවසට පැමිණෙන රිසා සිදු වූ දේ පවසනවා.රුමාගේ නැන්දා සිදුව ඇතිදේ ගැන ඔවුන් හට බැන වදිනවා.මේ අතර රාත්‍රි කෑමෙන් පසු රුමා සෙහෙර් හා ගුල්සුම් කුස්සියේ වැඩ කරමින් සිටිනවා.සෙහෙර්ගේ අත තිබු මුද්ද ඇය ගලවා පසෙකින් තබනවා.රුමා එය දකිනවා.විරාත් ගේ නිවසට හන්ඩේ පැමි‍ණෙනවා.නමුත් විරාත් ඇයට නිවසට පැමිණීමට දොර අරින්නේ නැතිව සිටිනවා.මේ අතර සෙහෙර් ගලවා තැබු මුද්ද රුමා ගන්නවා .නැවතපැමිණ මුද්ද ඇය ඉල්ලුවද රුමා එය දීමට අකමැති වනවා.සෙහෙර් හා රුමා කෑ ගසා ගන්නවා.ඉන්පසු එතැනට පැමිණෙන මෙහෙමට් ට සෙහෙර් එය ලබාදෙන ලෙස පවසනවා.රොහලේ සිට නැවතපැමිණෙන ජාන්සු හා පවුලේ උදවිය හන්ඩේ දකිනවා.ඉන්පසු ජාන්සුගෙ පියා නැති වු බව ලාරා ඇයට පවසනවා.එහිදි සෙනාම් යනු ජාන්සුගේ කුඩම්මා බව හන්ඩේ දැනගන්නවා.නිවසට පැමිණෙන ජාන්සු තම පියාගේ ඇඳුම් වල ඔහුගේ සුවද සොයමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *