සතියේ දිනපහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.උදෑසන අවදි වන බාබුගේ පියා ත්‍රිවිල් එක නවත්තා තිබු තැන බලා එය නැති බව දැනගත් පසු බාබුගේ අම්මා හට කතා කර ඇයගෙන් කරුණු විමසනවා.ඉන්පසු බාබු හා ශිවා එය රැගෙන ගිය බව පසනවා.මේ අතර රයිනිව සම්බන්ධ කර ගැනීමට මෙරිල් ඇමතිතුමා හදනවා.ඇයට ඔහුව හමුවන ලෙස පවසනවා.සැම්සන් හට වීරවර්ණ රැගෙන ගොස් පහර දෙනවා.ඉස්සර වගේම ඔවුන් සමඟ වැඩ කිරීමට කැමති බව සැම්සන් පවසනවා.තමාව මොරුන් හට කන්න දමන බව වීරවර්ණ පවසනවා.ඔහු වෙතින් ඉවත් වන ජේරාජ් තමාට සැම්සන් ඝාතනය කිරීමට උවමනා බව පවසනවා.නමුත් ඔහු මැරෙන්නට උවමනා වන්නේ ටික ටික බව වීරවර්ණ පවසනවා.බාබු හා ශිවා යෙනුකි එනතෙක් බලා සිටිනවා.ටික වේලාවකට පසු යෙනුකි පැමිණෙනවා.බාබුගේ අතට කෙසේදැයි යෙනුකි විමසනවා.යෙනුකිවද ත්‍රිවිල් එකේ නංවාගෙන ඔවුන් දෙදෙනා එතැනින් පිටව යනවා.සිදු වූ දේ ගැන බාබු නිවසට පැමිණ කල්පනා කරමින් සිටිනවා.ඉන්පසු තමා වෙත පැමිණෙන අම්මාගෙන් අය හා තාත්තා අතර ආදර සම්බන්ධතාවය පටන් ගත්තේ කෙසේදැයි විමසනවා.කවදාහෝ දවසක යෙනුකි පැමිණ තමාගෙන් ආදරය ඉල්ලන බව බාබු පවසනවා.

වීරවර්ණ සැම්සන් හට පිහි ඇනුම් සිදු කර එතැනින් පිටව යනවා.ඉන්පසු දෙදෙනාම නිවසට පැමිණෙනවා.නිවස තුලට පැමිනෙන වීරවර්ණව දකින ඔහුගේ බිරිද බියෙන් ඔහු දෙස බලා සිටිනවා.කිසි දෙයක් නොකියා දෙදෙනාම එතැනින් පිටව යනවා.ඉන්පසු මේනකා හට සුදු මැණිකේ හට කතා කරන ලෙස පවසනවා.සත්‍යා අවදි වී වීරවර්ණ වෙත පැමිණ සිදුව ඇති දේ විමසනවා.ඉන්පසු කෝපයෙන් වීරවර්ණ සත්‍යා හට බැන එතැනින් එලවා ගන්නවා.මේ අතර අම්මා වෙත පැමිණෙන සත්‍යා කිසිදු දවසක නොමැති ලෙස තමාට බැන වැදුනු බව පවසා හඩා වැටෙනවා.මේ අතර මාධවි ජේරාජ් හට කතා කරනවා.තමා රයිනිගේ යහළුවා බවත් රයිනි සියලුම වැඩ කණපිට හැරවීමට යන බවත් ඇමති ලක්ෂ 25ක් දී ඔහුට විරුද්ධව කතා කරන බව පවසනවා.ඉන්පසු සියලු විස්තර මාධවි ඔහුට පවසනවා.රයිනි හට ජේරාජ් ඇමතුමක් ගන්නවා .ඇය දුරකථනය විසන්ධිකර ඇති බව පවසනවා.මේ අතර රයිනි හා මෙරිල් ඇමතිගේ වීඩියෝව මෙරිල් ඇමතිගේ බිරිඳ වෙත ලැබෙනවා.කෝපයෙන් මෙරිල් වෙත යන ඇය එම වීඩියෝව පෙන්වා එය කුමක්ද කියා විමසනවා.සිදුව ඇති දේ ගැන මෙරිල් ඇමති බිරිඳහට පවසනවා.උදෑසන අවිදි වී සත්‍යා කුස්සියට පැමිණෙනවා.ඉන්පසු වීරවර්ණගේ කෑම එක රැගෙන සත්‍යා ඔහු වෙත පැමිණෙනවා.තමාට තමා බලාගැනීමට පුළුවන් කියාත් තමාට බොරු අනුකම්පා උවමනා නැති බවත් වීරවර්ණ පවසනවා.රයිනි තනිව කාමරයකට වී සිටිනවා.

ඉන්පසු එයට බලෙන් මෙන් ජේරාජ් පැමිණෙනවා.ඉන්පසු තුවක්කුවක් පෙන්වා ඔවුන් සමඟ පැමිණෙන ලෙස පවසනවා.සත්‍යා ශිවා සමඟ ඇමතුමක්ගෙන සිටිනවා.වීරවර්ණ දොර අසලට වී ඔවුන් කතා කරන දේ අසා සිටිනවා.තමා කාමරයට වී සිටින විට කතා කරමින් සියේ කවුරුන් සමඟ ද කියා විමසනවා.තමා කතා කරමින් සිටියේ මාළුන් සමඟ බව පවසනවා.සත්‍යාගේ දුරකථනය වීරවර්ණ රැගෙන යාමට සුදානම් වනවා.ඉන්පසු සත්‍යා හට ශිවා දුන් මාළු දෙදෙනා සිටි ටැංකිය හට වීරවර්ණ අතින් පහරක් එල්ල කරනවා.ඉන්පසු සත්‍යා මේරි හා මේනකා හට පැමිණෙන ලෙස පැවසුවද වීරවර්ණ වෙත මුණ ගැසෙන ඔවුන් දෙදෙනා හටද වීරවර්ණ බැන එලවා ගන්නවා.ශිවා දුකින් සිටින විට ඔහුගෙන් එසේ සිටින්නේ ඇයිදැයි ඔහුගේ පියා විමසනවා.සත්‍යා හට වීරවර්ණ කරදර කරන බවත් ඇයට තමා සමඟ පැමිණීමට උවමනා බව පැවසු බව පවසනවා.ඔවුන් දෙදෙනා පැන ගිය විට තමාට වීරවර්ණ හොඳින් ඉදීමට ඉඩ නොදෙන බව පවසනවා.තමා ගැන නොහිතා ඔවුන් දෙදෙනා ගැන සිතන ලෙස ශිවාගේපියා පවසා එ තැනින් පිටව යනවා.රාත්‍රියේදි සත්‍යා ලඟ සිටි මාළුන් දෙදෙනා නැතිවෙනවා.ඇය වෙතපැමිණෙන සීයා හට තමාගේ හැමදේම තාත්තා උදුරාගත් බවත් ඔහුට තමාගේ ජීවිතය ජීවිතයද උදුරාගැනීමට හැකි බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *