සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.අසනීප වී සිටින බාබු බැලීමට යෙනුකි පැමිණෙනවා.ඉන්පසු යෙනුකි බාබු හට බැන වදිනවා.තමා බැලීමට පැමිණියාට යෙනුකි හට බාබු බැන වදිනවා.මෙරිල් ඇමතිතුමා හමුවීමට ආ සැම්සන් හට පොලිසියට බාර වන ලෙස පවසනවා.නමුත් සැම්සන් එයට අකමැති බව පෙන්වනවා.ඉන්පසු පෙර දිනයේ සැම්සන් බීමතින් කියු වීඩියෝව පෙන්වනවා.තමා හට කියන වෙන ඕනම දෙයක් කරන බවත් පොලිසියට භාර වීමට නොහැකි බවත් පවසනවා.ඉන්පසු වීරවර්ණ මරණ ලෙස සැම්සන් හට මෙරිල් ඇමති පවසනවා.ඉන්පසු ඔහුට ලක්ෂ 50ක් උවමනා බව පවසනවා.තමා හට එම මුදල දෙන්නම් කියා ඇමතිතුමා පවසනවා.ඉන්පසු තමා එය කරන බව පවසා සැම්සන් එතැනින් පිවට යනවා.රාත්‍රියේදි සත්‍යා ශිවා හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු තමා හට තාත්තා බැන බවත් තමාගේ දුක කීමට උවමනා බව පවසනවා.ශිවා හට කරදරයක් කිරීමට වීරවර්ණ හා ජේරාජ් කතා උව බව ඇයට ඇසුනු බව ඇය ශිවා හට පවසනවා.වීරවර්ණගේ නිවසේ වැඩ කරන කාන්තාවන් දෙදෙනා ගෙන්වා ඔවුන් දෙදෙනාගේ පඩි වැඩි කළ බවත් සත්‍යා කරන හැමදේම ඔහුට පවසන ලෙසත් පවසනවා.

වැලේලේ කොල්ලා සමඟ නිතරම කතා කරන බව ඔවුන් පවසනවා.මේ අතර පසුදින සත්‍යා වෙත පැමිණෙන මේනකා මේරිව විශ්වාස නොකරන බවත් දෙදෙනාව කාමරයට ගෙන්වාගෙන සත්‍යා කරන හැමදේම ඔහුට පවසන ලෙස පැවසු බව පවසනවා.ඔවුන් කුමක් පැවසුවේද කියා සත්‍යා පවසනවා.සිදු වූ සියල්ල මේනකා පවසනවා.බාබු වෙත පැමිණෙන බාබුගේ අම්මා යෙනුකි ගැන විස්තර බාබුගෙන් විමසනවා සැම්සන් වීරවර්ණ හට අමතා තමාව සොයාගත නොහැකි බවත් ඔහුට වීරවර්ණ මුණගැසීමට උවමනා බවත් පවසනවා.ඉන්පසු කෝපයෙන් වීරවර්ණ ඔහු සමුවීමට යනවා.තනිව වීරවර්ණ එතැනින් යාමට සුදානම් වනවා ජේරාජ් එය නැවැත්වීමට හැදුවද ඔහු කිසිවක් නොඅසා එතැනින් පිවට යනවා.වීරවර්ණ තමා වෙත පැමිණ ඇය සමඟ කතා කරන අයුරු අයරින් සිහිනයෙන් දකිනවා.ඇය දෑස් ඇර බලන විට එය සිහිනයක් බව දැනගන්නවා.ඉන්පසු සත්‍යා හට ඇය කතා කරනවා.තමා දුටු සිහිනය සත්‍යා වෙත ඇය පවසනවා.සැම්සන් හමුවීමට වීරවර්ණ පිටව යනවා.ඉන්පසු සැම්සන්ද එතැනට පැමිණෙනවා. ඉන්පසු කෝපයෙන් වීරවර්ණ සැම්සන් හට පහර දීමට යනවා.එතැන සිටි පිරිසක් ඔවුන් ඉදිරියට පැමිණෙනවා.සැම්සන්ගේ අණ පරිදි ඔවුන් වීරවර්ණ හට පහර දෙනවා.ඉන්පසු ඔවුන් සියලු දෙනා හට වීරවර්ණ පහර දෙනවා.සැම්සන් එතැනින් පිටව යාමට හදන විට එතැනට පැමිණෙන ජේරාජ් ඔහුව අල්ලා ගන්නවා.මේ අතර මාධවී ඔවුන් සිටි තැනින් පිවට ඇති බව රයිනි දැනගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *