සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.අභිමන් සහ අමායා ජිම් එකට ගොස් පැමිණ හෝටලයක බීම බොමින් කතා කර කර ඉන්නවා අහම්බයෙන් මෙන් දකින පූජා කේන්තියෙන් පුදුම වී ඔවුන් දෙස බලා ඉන්නවාත් සමඟම අමායා දකිනවා පූජා ඈත සිට ඔවුන් දෙස බලා සිටිනවා. ඉන්පසු අමායා එය අභිමන්ට කියනවාත් සමඟම පූජා ඔවුන් අසළට පැමිණ ඇය එතැනට ආව එක කරදරයක්ද කියා අමායාගෙන් විමසද්දී එසේ නැති බව කියමින් ඇයට එතැනින් වාඩි වෙන්න කියනවා.ඉන්පසු ඇය එතැනින් වාඩි වි අභිමන් දෙස අමුතුවට බලමින් ඔහුට ළඟදී සිට ජිම් යන්නට අවශ්‍ය වෙලා නේද කියා විමසනවා.ඒ අවස්ථාවේ අමායා එය වැරැද්දක්ද කියා පූජාගෙන් අසද්දී එහි වරදක් නැති බවත් නමුත් වරදක් වෙයි කියලා ඇයට බයක් තිබෙන බවත් පූජා කියද්දී ඇගේ කතාව අභිමන්ට ඇල්ලුවේ නැ. ඒ අවස්ථාවේ පූජාට කියන දෙයක් තේරෙන්න කියන්න කියා ඔහු කියද්දී ඇය කියන දේවල් ඔහුට නොතෙරේන එක දුක බව කියමින් එතැනින් නැගිට යන්නට යනවා. ඉන්පසු ඇය යනවාත් සමඟම අමායා අභිමන්ගෙන් ඇය මොනවා ගැනද කිවේ කියා විමසද්දී අභිමන් එය ගනන් නොගන පූජාගේ හැටි එසේ බව කියමින් ඇයට ඒ ගැන සිතන්නට එපා කියා පවසා සිටිනවා.

ඔය අතරෙ කුරුළු මලින්ද ආ සතුටට එළියට වී සතුටින් කල්පනා කරමින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන රෙෂ්මාත් කුරුළු සමඟින් මලින්ද ගැන කතා කරමින් සිටින වේලාවේ ඔවුන් දෙදෙනා සිටින තැනට පැමිණෙන සුභද්‍රා ඇයටත් එදින නින්ද යන්නේ නැති බව කියද්දී ඇයට හෙට දින එළිවෙනකන් ඉවසිල්ලක් නැති බවත් පුංචි කාලයේ වගේම හෙටත් ඇයට ඔහු ළඟට දිවගොස් තාත්තාගේ අතේ එල්ලිලා ඔහුව බදාගන්න ඕන කියා ඔවුන් සමඟින් පවසනවා.ඉනපසු එය අසා සිනාසෙන රෙෂ්මා අවුරුදු ගානක් ඔහු නැතිව තනිව ජිවත් වුන ඔවුන්ට යළිත් මලින්ද එනවාත් සමඟම ඔවුන්ගේ ජිවිතයට තවත් ශක්තියක් ලැබෙන බව පවසනවා.මේ අවස්ථාවේ මලින්ද නැති කාලයේ ඔවුන් කෙතරම් අසරණව සිටියාද කියාත් කෙතරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වුණාද කියාත් කියමින් ඒ කාලයේ ඔවුන්ට මලින්දගේ ශක්තිය අවශ්‍යම වු කාලය බවත් සුභද්‍රා පවසනවා.ඒ අවස්ථාවේ ඔවුන් තුන්දෙනාම මේ වෙලාවේ ඉන්නට ඕන එකම ප්‍රාර්ථනාවක බවත් හෙට දවස හොඳ දවසක් වෙයි කියා ඔවුන් සිතමු කියාත් රෙෂ්මා පවසා සිටිනවා.

ඔය අතරේ බනුරට දුරකථන ඇමතුමක් ලබා ගන්නා පූජා, ඔහු කොහේද ඉන්නේ කියා අසමින් ඇය ඇමතුම් ගොඩක් ගත් බවත් ඔහු ඒවාට පිළිතුරු නොදී සිටියේ ඇයිද කියාත් විමසද්දී ඔහු සිටියේ ඩීඇන්ඒ වාර්තාව ගන්න ගිහින් බවත් එහෙයින් එතැන සිට ඔහුට ඇයට කතා කරන්නට විදියක් තිබුනේ නැති බවත් පවසනවා. ඒ වේලාවේ එයින් වැඩක් නැති බවත් කුමක්ද සිදුවුයේ කියාත් පූජා අසද්දී වෙන්නට ඕන දේ ඒ විදියටම සිදු වු බව කියමින් ඇයට කලබල වෙන්න එපා කියාත් ඔහුගේ සහ රෙෂ්මාගේ ඩීඇන්ඒ ගැලපුන බවත් පවසනවාත් සමඟම එය අසා පුජා පුදුම වී එසේ වුයේ කෙසේද කියා විමසනවා. ඒ වේලාවේ කෙසේ හෝ එය ගැලුපන බවත් එහෙයින් මෙ ලොකේ කිසිදු කෙනෙකුට ඔහු මලින්ද නොවේ කියා ඔප්පු කරන්නට හැකියාවක් නැති බවත් ඔහු පවසමින් ඔහු දැන් ඔහුගේ බිරිඳ සුභද්‍රාව සහ කුරුළුව බලන්නට ඔවුන්ගේ නිවසට යන බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *