සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා. පොලිසියේ සැලසුමට අනුව මලින්දගේ ඝාතනයේ සැකකරුවන් සොයා ගැනිමට උත්සහා කරන මංජු , සුභදාට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් එහු කතා කලේ ඇයට විශේෂ කාරණවක් ගැන දැනුවත් කරන්න බවත් ඔහු අසළ විශේෂ පුද්ලගයකු සිටින බවත් ඔහු ඔහුව මුණගැසෙන්නට කලින් ඔවුන්ව මුණගැසෙන්නට නිවසට පැමිණි ඇති බවත් ඔහු පවසමින් කාලයක් නැති වි සිටි කෙනෙකු ළඟදී නිවසට ආවද කියා ඇගෙන් විමසනවා. ඒ වේලාවේ ඔවුන් කලින් මැරිලා කියා සිතාගෙන සිටි මලින්ද වගේ අයකු ඔවුන්ගේ නිවසට ආ බව සුභද්‍රා පවසද්දී ඇය ඒ සිටින්නේ ඇගේ සැමියා කියා පිළිගන්නවාද කියා මංජු අසද්දී එක වගේ පෙනුම තිබ්බා කියා ඒ සිටින්නේ මලින්දම කියා විශ්වාස කරන්නට බැරි බවත් එය ඔවුන්ට තවම හිතාගන්නට බැරි බවත් සුභද්‍රා පවසද්දී ඔවුන්ටත් එය විශ්වාස කරන්නට අමාරු බවත් නමුත් ඔවුන් ඔහුව විශ්වාස කලේ කෙලින්ම ඇවිත් උදව් ඉල්ලු නිසා බවත් මංජු පවසමින් ඔවුන් මොහුව මුණගැහි තොරතුරු දැනගන්නට කැමතිද කියා අසද්දී ඒ සිටින්නේ මලින්ද නම් ඔවුන්ට ඕනම තැනකට ඇවිත් කතා කරන්නට පුළුවන් බව සුභද්‍රා පවසනවා.

ඔය අතරේ සුභද්‍රා පොලිසිය කතා කර කියු දේ ගැන සිතමින් සිටිද්දී එළියට ගොස් පැමිණෙන කුරුළුත් රේෂ්මත් ඇය කල්පනා කරමින් ඉන්නවා දැක ඇය ළඟට පැමිණ ඇය මෙසේ ඉන්නෙ ඇයි ද කියා අසද්දි ඔවුන්ගේ නිවසට පැමිණි පුද්ගලයා පොලිසියට ගොස් ඇති බවත් ඇයට ඉන්ස්පෙක්ටර් මංජු කතා කර ඒ බව කියු බවත් කියද්දී ඇය කියු දේ අදහාගන්නට බැරිවෙන රේෂ්මා කුරුළුගෙන් එතකොට එදින ඒ පැමිණියේ ඇත්තටම අගේ අයියාද කියා සතුටින් අසමින් ඔහු බොරුකාරයෙකු නම් කිසිදින එසේ පොලිසියට යන්නේ නැති බවත් කියමින් පොලිසිය තව මොනවද ඒ පිළිබඳ කිවේ කියා විමසනවා.ඒ වේලාවේ ඔවුන් තවම මොනවත් හරිහැටි නොකියන බවත් පරීක්ෂණ කිහිපයක් තිබෙන හෙයින් එවාත් සිදු කර ඉන්පසු හරියටම කියන්නට පුළුවන් බව කියු බවත් සුභද්‍රා පවසනවා.ඒ වේලාවේ ඇයට දැනෙන දේ හිතාගන්නට බැරි බවත් ඇයගේ හිතත් ඒ සිටින්නේ ඇගේ තාත්තා නෙමෙයි කියා පිළිගන්නේ නැති බවත් කුරුළු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *