සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ විශාල්ගෙන් ඔහුගේ පෞද්ගලික ජිවිතයේ තොරතුරු ගැන දිගින් දිගටම ප්‍රශ්න කිරීම හේතුවෙන් හ් පිළිබඳ සැකයක් ඇති වුන විශාල් ඔහු මෙසේ ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ ඇයිද කියා අගස්තිගෙන් විමසමින් අචිනි බලන් සිටින බව කියමින් ඔහු එතැනින් යන්නට උත්සහා කරද්දී අගස්ති යළිත් ඔහුව නවතා ගනිමින් ඔහු විශාල් වගේ අයව ඕනැතරම් දැක තිබෙන බවත් ගම්වල සිටින අහිංසක ගැහැණු ළමයිනගේ ජිවිත විනාශ කරන බවත් කියද්දී ඔහුට කිසිවක් සිතාගත නොහැකිව ඔහු එලෙස විශාල්ට චෝදනා කරන්නේ ඇයිද කියා අගස්තිගෙන් විමසනවා.  ඉන්පසු අගස්ති විශාල්ට තර්ජනය කරමින් රයිසින් ස්ටාර්ස් තරඟයට පැමිණෙන එක ගැහැණු ළමයෙකුට හෝ කගෙන් හෝ කරදරවක් වුවහොත් එම කෙනාව ඔශු ඉතුරු කරන්නේ නැති බව පවසනවා. ඉන්පසු බයවෙන විශාල් කියන්නට යන දේ කියාගත නොහැතිව වේවලමින් ඔහු කිසිදින කටවත් එසේ කර නැති බව පවසා සිටිනවා. ඒ අවස්ථාවේ ඔහු මෙලෙස ගැහැණු ළමයි පිළිබඳ මෙතරම් සැලිකිලිමත් වෙන්නේ ඇයි ද කියා විශාල් අසද්දී ඔහුගෙ කොලරයෙන් අල්ලා ගන්නා අගස්ති  ඔහු එසේ බලන්නේ එ සියළුදෙනා ඔහුගේ දියිණියනව් මෙන් නිසා බව පවසමින් එය හොඳින් මතක තියා ගන්න කියා විශාල්ට අගස්ති පවසමින් ඔවුන්ගේ කතාව වෙනත් කිසිවකුට දැනගන්නට තියනන් එපා කියාත් අගස්ති ඉල්ලා සිටිනවා.

අහබ්මයෙන් මුණගැසෙන් වින්ඩි සමඟින් කතා කරමින් සමාධි ඉන්න අතරතුරේ ඊෂා ගැන කතා කරමින් හිඳි වින්ඩි එතැනින් පිටවෙනවාත් සමඟම එතැනට පැමිණෙන අගස්ති සමාධිව දැක  ඇගෙන් සැපදුක විමසනවා. ඉන්පසු සමාධි හොඳින් ඉන්නා බවබ පවසද්දී එදින ඔවුන් නුවරඑළීයේ යනවාද කියා අගස්ති අසා සිටිනවා. ඉන්පසු එදින ඔවුන්බ යන්නේ නැති බවත් අඳුරන තැනක නැවති සිටින බවත් සමාධි පවසද්දී මඳ වෙලාවක් කල්පනා කරමින් සිටින අගස්ති අය සහ තරුපති පසුගිය දින ගායනා කල ගීතය ලස්සන බව කියද්දී සිනාසි ඔහුට ස්තුතියි කරමින් ඔහු එම ගීතය ඇහුවා කියා ඇය දන්නා බව පවසා සිටිනවා.එත් සමඟම අගස්ති සමාධිට ඊෂාව පරිසස්ම් කරගන්න කියමින් මෙවැනි තරඟාවලින්ට ආවම ළමයි වෙනස් වන බවත් කියද්දී ඇය ඊෂාව අවුරුදු ගානක කිස්සේ සිට ඇය විසින් තනිව පරිස්සම් කල බවත් ඉස්සරහටත් ඇය එලෙසින්ම පරිසස්ම් කරන බවත් පවසා සිටිනවා. ඉතිං අගස්ති මේ විදියට ඇය සමඟනි කතා කරද්දී ඒ ගැන සැක සිතුන සමාධි ඔහුට මුදල් වලට කරගනන්ට බැරිවුන දේ ඔහු මෙලෙස හොඳින් කතා කර කරන්නටද හදන්නේ කියා සමාධි විමසද්දී ඔහුට ඊෂාව තරඟයෙන් ඉවත් කරගනන්ට කොහෙත්ම උවමනාවක් නැති බවත් ඔහු කිවේ ඇයව පරිසස්ම් කරගන්න කියා බවත් ඒ ඇයව ගොඩක් වටින නිසා බවත් අගස්ති පවසද්දී ඔහුගෙ වෙනස හිතාගන්නට බැරිවුන සමාධි ඔහු මෙසේ වෙනස් වුනේ ඇයිද කියාත් ඔහුට ඊෂාව දැනෙන්නට පටන්ගෙනද කියාත් ඔහු සමාධි දෙස බලා හිඳිමින් එසේ නැති බවත් එතැන සිටින හැම දරුවකුම එකවගේ ඔහුට දැනෙන බවත් අගස්ති පවසනවා.

මේ අවස්ථාවේ තරුපති පංතියේ සිටින උඳුටත් , අලීටත්, උත්තරාටත් ඔහුව හමුවෙනන්ට පැමිණෙන ලෙස දැනුම් දෙමින් ඔහුට ඔවුන්ට කියන්නට වැදගත් කාරණාවක් තිබෙන බවත් කියමින් එය කිවයුත්තේ පංතියේ සියළුදෙනා ඉදිරියේ වුවත් ඔහු ඔවුන්ට ඒ පිළබඳ කියන්නම් කියා පවසද්දී  කුමක් හෝ ප්‍රශ්නයක්ද කියා උඳුල් විමසද්දී එය එත අතකින් ප්‍රශ්නයක් වුවත් සතුටුවෙන්න පුළුවන් දෙයක් බවත් පවසමින් ඉන්දියාව් ඇකඩිමියෙන් ඔහුගේ පංතියේ ළමයි දෙදෙනෙක්ව තෝරා එවා තිබෙන බව පවසද්දී එසේ තෝරාගෙන තිබෙන්නේ කවුරුන්ද කියා අලී සතුටින් අසනවා.ඒ වේලාවේ එක් කෙනෙක් වන්නේ උඳුල් බවත් අනිත් කෙනා උත්තරා බවත් පවසනවාත් සමඟම උත්තරාට සතුට දරාගත නොහැකිව උඳුල්ව වැළඳගනිමින් ඇය සතුට උඳුල් සමඟින් බෙදා ගන්නවා. එ වෙලවේ තව මාසයකින් පමණ ඔවුන්ට යන්නට සිදුවන බවත් අවශ්‍ය කරන සියළු දේ ඔවුන් විසින් ලබාදෙන බවත් තරුපති පවසද්දී උඳුල් ඒ ගැන වැඩි කැමැත්තකින් සතුටින් නොව එතැන සිටින්නේ.ඉන්පසු ඔහු තරුපතිට ඔහු ගැන වරදවා තේරුම් ගන්නට එපා කියමින් ඔහුට මේ ගමන යන්නට බැරි බව උඳුල් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *