සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.උඳුල් ළඟට පැමිණෙන ආච්චි අම්මා , ඔහු එදින පංති යන්නේ නැතිද අසමින් විපුල කාලෙකින් නිවසට ආවේ නැත්තේ ඇයිද දන්නේ නැ කියා උඳුල් සමඟින් පවසනවා. ඒ අවස්ථාවෙ එය වැඩිය ගනන් නොගනිමින් ඔහු කතා කරන්නේ හෝ නිවසට එන්නේ කුමක් හෝ උවමනාවක් ඇත්නම් පමණක් බවත් එහෙයින් එසේ උවමනවාක් නැති හෙයින් ඔහු එන්නට නැතුව ඇති කියා උඳුල් පවසා සිටිනවා.ඉන්පසු ආච්චි අම්මා සිනාසෙමින් ඔහු යනඑන ගමන් විශාල්වත් ඔවුන්ගේ නිවසට එක්කගෙන එන්න කියා කියු බවත් නමුත් තවමත් ඔහු එක්කගෙන් ආවේ නැති බවත් ආච්චි අම්මා කියද්දී මඳ වේලාවක් කල්පනා කරමින් සිටින උඳුල් , විශාල් දැන්මම ඔවුන්ව හඳුනා ගන්න එක හොද නැති බවත් රයිසින් ස්ටාර්ස් තරඟාවලිය අවසන් වෙන තෙක් ඉවසමු කියාත් උඳුල් ඇගෙන් ඉල්ලා සිටිනවා.මේ අතරේ එකසැරේටම ඊෂා උඳුල්ව සොයා නිවසට පැමිණෙනවාත් සමඟම උඳුල් කලබල වී ආච්චි අම්මා ළඟට ගොස් විශාල් කියන්නේ ඔවුන්ගේ කවුරුන්ද යන වග ඊෂාට දැන්ම කියන්නට එපා කියා ඉල්ලා සිටිමන් ඔහු එය කියන්නට හේතුවක් තිබෙන බවත් එය ඇයට ඔහු කියන්නම් කියාත් පවසා සිටිනවා.

අගස්තිත් සමඟින් එළියට පැමිණෙන වින්ඩි ඇයට ඇගේ අම්මා සහ තාත්තා ගැන කේන්ති බව කියමින් ඔවුන් නිකන් ඔවුන්ට නිවසක් නැ මෙන් වජිරාගෙ නිවසේ සිටින බවත් පවසද්දී එය අසා සිනාසෙන අගස්ති ඇය මේ ඇගේ අම්මලාට ඒ නිවසේ ඇගේ බව කියා තිබෙන්නේ කියා අගස්ති පවසද්දී එය හරි බවත් නමුත් දැන් එසේ නොවන බව ඔවුන් දන්නා බවත් පවසද්දී ඇත්තටම ඔවුන් යළි වතාවතක් කොළඹ ඇවිත් තිබෙන්නේ ඇයිද කියා වින්ඩිගෙන් අගස්ති අසනවා. ඒ අවස්ථාවේ වජිරා අසනීපයෙන් සිටිනවා කියා දැනගෙන එසේ පැමිණි ඇති බවත් වජිරාත් දැන් ඔවුන් සමඟින් එකතු වී ඇති නිසා ඔවුන්ට ඇය නිවසින් යන්නට දෙන්නේ නැති බවත් වින්ඩි පවසනවා. එත් සමඟම ඇය වජිරාගේ නිවසට යන බවත් ඔහුත් ඇය සමඟින් යන්නට එනවාද කියාත් විමසද්දී ඔහුට වැඩ වගයක් තිබෙන බවත් එහෙයින් එමට නොහැකි බවත් පවසනවා.ඉන්පසු වින්ඩි අගස්තිගෙන් හෙට දිනයේ තිබෙන ප්‍රෙස් එකට ලලිත් එයිද කියා අගස්තිගෙන් අසමින් ඔහු පැමිණියහොත් ප්‍රෙස් එකේ මොන වගේ පිස්සුවක් නටයිද දන්නේ නැ කියා වින්ඩි පවසනවා. ඒ අවස්ථාවේ ඔහු එදිනටත් ප්‍රශ්නයක් දැමුවහොත් ඔහු බලා ගන්නම් කියාත් ඔහු කාත් සමඟින්වත් ප්‍රශ්න දාගන්නේ නැතුව සිටියදීත් ඔවුන්ට ඔහුට ප්‍රශ්න දාන බවත් අගස්ති පවසනවා.

මේ වේලාවේ තරුපතිගෙන් නිවසට පැමිණෙන නිලු ඔහුට වැදගත් දෙයක් ඔහු සමඟින් කියන්නට තිබෙන බව පවසමින් ඇයට ඒ පිළිබඳ කතා කරන්නට වෙන කෙනෙකු නැති බවත් සමාධිට ඇය කියන්නට යන දේ එකසැරේ කියන්නට බැරි බවත් පවසමින් ඇයට දැනෙන පරිදි ඊෂා වැරදි පැත්තකට යන බවත් ඇයට දැනෙන බවත් ඇයට සමහරක් දේ පිළිබඳ තේරුමක් නැති බවත් කියද්දී ඇය එසේ කියන්නේ ඇයිද කියා තරුපති විමසනවා.ඒ මොහොතේ ඇයට ඊෂා දෙස බැලුවහාම එසේ දැනෙන බවත් ඊෂා ගැන මීට වඩා ඔවුන් සොයා බැලුවා නම් හොඳයි කියා ඇයට සිතෙන බවත් නිලු පවසද්දී ඇය කියන්නේ ඊෂා කවුරුන් හෝ කෙනෙකු සමඟින් යාළු වී ඇති බවද කියා අසද්දී එහෙම නෙමෙයි කියාත් එහෙම දෙයක් නම් එහි ලොකු වරදකුත් නැති බවත් මන්ද ඇය මේ වෙද්දී පොඩි ළමයෙකු නොවන බවත් පවසමින් ඇයට හිතෙන විදියට ඇය සංගීතය ගැන තිබෙන කැමැත්ත උවමනාව ටික ටික අඩු වී යන බවත් ඇයට දැනෙන බව නිලු පවසා සිටිනවා.ඉන්පසු ඇය තරුපතිගෙන් හැකිනම් ඔහුට ඒ පිළිබඳ ඊෂා සමඟින් කතා කර ඇය ගැන සොයා බලන ලෙස නිලු ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ විශාල් ඊෂා සහ රේහානා සමඟින් ඔවුන් කොළඹින් කාමරයක් ගෙන එහි නැවති ඉන්න කියා කියමින් නැතිනම් මෙසේ සැරින් සැරේ නුවරඑළියේ සිට ඔවුන් පැමිණෙන එක කරදරයක් බවත් පවසද්දී ඇයට නම් එය ප්‍රශ්නයක් නොවන බවත් නමුත් ඉතිං ඊෂාව නම් එසේ ගන්නවා කියන්නේ අමාරු දෙයක් බවත් රේහානා පවසනවා. එ අවස්ථාවේ විශාල් ඊෂාගේ අත අල්ලා ගනිමින් ඇය දෙස බලාගෙන සිටිද්දී එතැනට එකසැරේටම පැමිණෙන අචිනි ඔවුන්ව දැක එතැනට කඩා පනිමින් විශාල් කියා කතා කරමින් ඔහුව වැළඳ ගනිද්දී ඇය මෙහේ ආවේ කෙසේද කියා විශාල් අසද්දී ඇය ඔහුගේ වාහනය දැක එය පසුපස පැමිණි බවත් ට්‍රැෆික් එකේදී ඔහුව මිස් වුන බවත් පවසද්දී කිසිවක් කරකියා ගන්නට බැරිවන විශාල් ඊෂාට අචිනිව හදුන්වා දෙද්දී විශාල් අසළින් වාඩිවෙන අචිනි ඔහුත් සමඟින් කතා කරමින් සිටිද්දී ඊෂා එය බලා සිටිමට නොහැකි වු හෙයින් එතැනින් නැගිට විශාල්ට යන්නම් කියමින් රේහනාවත් ඇදගෙන යන්නට යනවාත ඒ අවස්ථාවේ විශාල් ඇයව නවත්වන්නට උත්සහා කලද ඊෂා ඔහු කියනා දේ නොඅසා එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *