සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. මේ වෙලාවේ වින්ඩි මනීෂා සමඟි රැ කෑම ගැනීමට එළියට එනවා. ඒ අවස්ථාවේ අගස්ති ගැන කතා කරමින් සිටින අතරතුරේ මනීෂා වින්ඩිගෙන් රියිසින් ස්ටාර්ස් තරඟාවලියේ එස්එම්එස් වටය පටන් ගන්නේ කවදාද කියා විමසනවා. ඒ වේලාවේ ළඟදීම එය පටන් ගන්නා බවත් ඇය අලුත් ආරංචියක් දන්නවාද කියා අසන වින්ඩි, විශාල් ඊෂා සමඟින් කුමක් හෝ සම්බන්ධයක් තිබෙනවා කියා දන්නවාද කියා මනීෂාගෙන් විමසනවා.ඒ වේලාවේ ඇය ඒ බව දන්නේ නැති බවත් නමුත් ඒ කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා හොඳට ගැලපෙන කපල් එකක් බවත් මනීෂ් පවසනවා. එත් සමඟම ඔවුන් දෙදෙනා එතැනට කතා කරමින් සිටිනවා දකින ලලිත් වින්ඩි ළගට පැමිණ කතා කරද්දී ඔහු එතැන මෙනවාද කරන්නේ කියා වින්ඩි විමසනවා. මේ වේලාවේ මනීෂාව දැක ඇය කවුරන්ද කියා වින්ඩිගෙන් අසද්දී ඒ ඇගේ යළුවකු බව ඇය කියා සිටිද්දී ඇය ඉදිරියේ ඔහුට කියන්නට තිබෙන දේ කිවාට කමක් නැතිද කියා ලලිත් අසද්දී වින්ඩි , ඔවුන්ට මොනවා කතා කරන්නද තියෙන්නේ කියා වින්ඩි කියද්දී කතා කරනන්ට ගොඩක් දේවල් තිබෙන නමුත් ඔහු තවමත් වින්ඩි පව් නිසා අගස්ති ගැන ඔහුට කියන්න තිබෙන දේ පත්තරේ පළ කලේ නැති බවත් පවසා සිටිනවා.ඒ වේලාවේ ඔහු කියනා දේට කෝප වුන වන්ඩි ඔහුට කියන්න තිබෙන දේ කුමක්ද කියාත් ලිපි ලියනවා අරක කරනවා මේක කරනවා කියා ඇයට කියමින් අනිත් පැත්තට අගස්තිට කතා කර ඇයට ඔහු කතා කර බව කියනා බවත් කියමින් ලලිත්ට ඇය බැන වදිනවා.

සමාධි නිවසට යමින් සිටින අතරේ අතරමඟ වාහනය නවතාගෙන සිටි සුජී ඇයව දැක වාහනයෙන් බැස පැමිණ, ඇය ඔහුව නොදැක්කා සේ යන්නේ ඇයිද කියා අසද්දී ඇය එසේ යන්නේ ඔහුව අඳුරන හින්දා බවත් සමාධි පවසද්දී ඇය කොහේද යන්නේ කියා අසමින් ඇයව ඔහු ඇරලවන්නම් කියා පවසනවා. මේ අවස්තාවේ ඇයට එසේ ඔහුගෙන් උදව් අවශ්‍ය වන්නේ නැති බව පවසද්දී ඇය ඒ කාලයේ ඔහුගේ අදහසට කැමති වුවා නම් ඇයට මෙදින මේ අකාරයෙන් පයින් දුක් විඳ විඳ යන්නට අවශ්‍ය වන්නේ නැති බව සුජි පවසමින් ඔහු ඉන්පසුත් ඇයට ඊෂාව හමුවන්නට සිටියදීත් ඔහු ඇයට උදව් කරන්නට හැදුවත් ඒ අවස්ථාවේදීවත් ඇය ඔහු කියනා දේ ඇසුවා නම් ඇය සැපවත් ජිවිතයක් අද වෙද්දී ගත කරන බවත් පවසනවා.ඉතිං මෙලෙස ඔහු අගස්ති ගැනත් තරුපති ගැනත් විවිධ දේවල් කියමින් ඇයව තවත් කෝපයට පත් කරද්දී ඇය ඔහු විසින් ඇය ගැන අගස්තිට කියු සියළු දේ ගැන දන්නා බවත් නමුත් ඇය ඉවසා සිටියේ ඔහු වැනි කෙනෙකු සමඟින් කතා කර වැඩක් නැති නිසා බවත් සමාධි පවසනවා.ඒ වේලාවේ ඇය තවමත් බලා සිටින්නේ අගස්ති ඇය ළඟට පැමිණෙයි කියා නම් අගස්ති ඇය ජිවත්ව සිටිනතාක් කල් ඇය ළඟට එන්නේ නැති බව සුජි පවසා සිටිනවා.එත් සමඟම ඇයව ඔහුට අයිති නොවනවා නම් වෙනත් කිසිකෙනෙකුට ඇයව අයිති වෙන්නට ඔහු ඉඩ තියන්නේ නැති බවත් ඔහු පවසනවා. ඒ වේලාවේ ඇයට අගස්තිව ඕනේ නැති බවත් ඔහුට පුළුවන් දෙයක් කරලා බලන්න කියාත් කියමින් සමාධි යන්නට යනවා.

මේ වේලාවේ අගස්තිව මුණගැසෙන්නට පැමිණෙන වසන්ත අහම්බයෙන් මෙන් සුජිව එ අසළි සිටිනවා දැක ඔහුට කතා කරනවා. ඒ වේලාවේ ඔහුව දකින සුජීව පුදුම වී මෙන් ඔහු කවදාද ලංකාවට අවේ කියා විමසද්දී මීට දින කිහිපයකට කලින් ඔහු ආ බවත් ඔහු මෙහේ කුමක්ද කරන්නේ කියාත් වසන්ත විමසද්දී ඔහු කෑම වගයක් රැගෙන යන්නට ආ බව පවසද්දී ඔහු දැන් සිටින්නේ නුවරඑළියේ නොවේද කියා වසන්ත විමසනවා.ඒ වේලාවේ එහෙත් ඉන්නවා කොළඹත් බිස්නස් තිබෙන නිසා ඉන්නා බව කියමින් අගස්ති ඔහුට වසන්තව හමුවු බවක් කිවේ නැති බව පවසද්දී අගස්ති එය ඔහුට කියන්නට බය වෙන්නට ඇති කියා අමුතුවට පවසමින් ඔහු එක එක දේ කියා අගස්තිගේ ඔළුව අවුල් කරනා බවත් වසන්ත පවසා සිටිනවා. ඒ වේලාවේ ඔහු එසේ කරන්නේ නැති බවත් අගස්ති වැරදි පැත්තකට යනවා නම් ඔවුන් යාළුවන් විදියට ඔහුව හරි පැත්තට අරගන්නට දැනගත යුතු බව සුජිව පවසද්දී නමුත් ඔහු කරන වැඩේ වැරදි බවත් සමාධි ගැන සහ තරුපති ගැන විවිධ බොරු දේවල් කියමින් අගස්තිගේ ඔළුව අවුල් කර ඇත්තේ ඔහු බවට වසන්ත සුජිවට චෝදනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *