සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.ලිහිණිගේ බෝඩිමයට පැමිණෙන රදීෂ් සමඟින් කතා කරන ලිහිණිගේ තාත්තා ඔහු සහ ලිහිණිගේ අම්මා ලිහිණිව ටික දිනකට ගමේ එක්කගෙන යන්නට තීරණය කල බව පවසනවා.ඒ අවස්ථාවේ ඒ ඇයිද කියා විමසද්දී විභාගය කල පසු ගමෙන් පැමිණ අවුරුදු ගානක් වුන බවත් ඉන්පසු ලිහිණි සතියක් දෙකක්වත් ගමේ නැවතී සිටියේ නැති බවත් ඔහු පවසද්දී ඔහුත් එමේ නම් ගමේ යන්නට එන්නම් කියා රදීෂ් පවසනවා. ඉන්පසු මඳ සිනාවකින් යුක්තව ලිහිණිගේ තාත්තා ඔහු එසේ ගියහොත් ඔහුගේ අම්මාලා ගමේ ඇවිත් ඔවුන්ට දොස් කියයි කියාත් පවසා සිටිනවා.

මේ වෙලාවේ රදීෂ්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලිහිණි, ඔහු නිකන් අවුලෙන් වගේ ඉන්නේ ඇයිද කියා අසද්දී ඔහුට එසේ අවුලක් නැති බවත් හොඳිනප් සිටිනා බවත් පවසා සිටිනවා. ඉන්පසු ඇයත් සමඟින් ඔහු තරහද කියා විමසද්දී ඔහුට ඇයත් සමඟින් තරහා වන්නේ කුමකටද කියා අසනවා. ඉන්පසු ඇගේ තාත්තා රදීෂ් සමඟින් බෝඩිමට පැමිණි අවස්ථාවේ කතා කලේ මොනවද කියා අසා සිටිනවා. ඇගේ තාත්තා ඇයව ගමේ එක්කගෙන යන බව කියු බවත් ඔවුන් කොළඹ පැමිණ ඇත්තේ ඇයව රැගෙන යන්නට බවත් රදීෂ් පවසනවා.ඒ වෙලාවේ ඇයගෙනුත් ඒ ගැන ඇසු බවත් නමුත් ඇය කෙලින්ම ඊට අකමැති බව කියු බවත් ලිහිනි පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *