සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.දෙව්මි මයුර සමඟින් රෙස්ටුරන්ට් එකක සිටිනවා දකින අමීෂා උදේනිව සොයා මේ බව කියන්නට ඇගේ නිවසට පැමිණෙනවා. ඒ වේලාවේ ඇයට උදේනි සමඟින් වැදගත් කතාවක් කියන්නට තිබෙන බව පවසද්දී කුමක් හෝ ප්‍රශ්නයක්ද කියා උදේනි අසද්දී ඔවුන් අතර ප්‍රශ්නයක් තිබෙනවා කියා හොඳින් ඇය දන්නවා නේද කියා අමීෂා අසනවා. ඒ මොහොතේ උදේනි තිබෙන ප්‍රශ්න කිසිවෙකුට විසඳගන්නට උවමනාවක් නැති බවත් එය විසඳගන්නට අවන්ත සහ දෙව්මි පමණයි උනන්දු වුයේ කියාත් උදේනි පවසනවා.එ අවස්ථාවේ ඇය ආනන්දට කියන්න තිබෙන හැම ආකාරයෙන්ම තේරුම් කර දුන් බවත් අවන්තත් එය ඔහුට පැහැදිලි කරන්නට බොහෝ සේ උත්සහා කලද එය පිළිගත්තේ නැති බවත් අවන්තට එසේ සම්බන්ධයක් තිබෙනවා නම් එ ගෑනි එන්නට ඕනේ අවන්තගේ නිවසට බවත් නමුත් ඇය කොහේද කියාත් අමීෂා අසමින් ඇය මේ වෙද්දී කවුරු ගැනවත් කිසිදු පැහැදීමක් නැති බව කියනවා. ඉන්පසු උදේනි ඇය එලෙස කතාවක් කියන්නේ ඇයිද කියා විමසද්දී දේව්මිට මේ වෙද්දී අලුත් මානමාලයෙක් බලලා නෙද් කියා අසමින් ඔහු මේ වෙද්දි නිවසටත් එනවා කියා ඇයට ආරංචි වු බව අමීෂා පවසද්දී ඊට කිසිවක් කියගන්නට නොහැකි වුන උදේනි ආනන්ද ඔවුන් කියනා කිසිවක් අහන්නේ නැති බවත් නමුත් ඒවා කෙරෙන දේවල් නොවන බවත් පවසද්දී එය එසේ වුවත් ගෙදරින් අවසරයක් නැතිනම් දෙව්මි මෙසේ පිරිමි ළමයෙකු එක්ක පාරේ රවුම් ගහන්නේ නැති බවත් අමීෂා පවසනවා.

පසුදා උදැසනින්ම අනුව හමුවන්නට හදිසියේම පැමිණෙන උදේනි, අමීෂා පෙරදින ඇගේ නිවසට පැමිණි දෙව්මිගේ විස්තරේ ගැන ඇය සමගින් කියු බවත් ඔවුන් සිතුවාට අමීෂා වෙනස් වෙලා කියා නමුත් ඇය එසේ වී නැති බවත් ඇයට ඒවා අත්හරින්නට බැරි බවත් උදේනි පවසනවා. ඒ වෙලාවේ දෙව්මිව සහ මයුරව අමීෂා කොහේදීද දැක තිබෙන්නේ කියා අනු අසනවා. අමීෂා හරියට තැන ගැන කිවේ නැති බවත් නමුත් ඇය දන්නා තරමින් මොකක් හෝ රෙස්ටුරන්ට් එකකදී බවත් උදේන පවසමින් දෙව්මිත් මේ කරන දේ වැරදි බවත් බොරුවට කරනන් ගිය දේ ඇත්තක් වෙයිද කියාත් ඇයට සිතෙන බවත් ඇය පවසනවා. ඉන්පසු උදේනි කියනා දේවල් අසාගෙන සිටිනා අනු , දැන් අමීෂා කුමක්ද කියන්නේ කියා උදේනිගෙන් අසනවා. ඒ වේලාවේ ඔවුන්ට වගකීමක් තිබෙන බවත් දෙව්මි ගැන ඔවුන් සොයා බලන්නේ නැතිද කියාත් මේ විදියට වෙන්න දෙන්න එපා කියාත් බොහෝ දේ පරණ දේවල් ගැනද මතක් කරමින් කියු බව උදේන පවසනවා.ඒ වේලාවේ මේ දේවල් ආනන්දට කියුවොත් එහෙම යළිත් පරණ ටිකම අහගන්නට වෙන බව අනු කියද්දී මේ ගැන කිසිසෙත්ම ආනන්දට දැනගන්නට ඉඩ තියන්න එපා කියා උදේනි පවසමින් ඇයට දැන් කලබල වෙන්නට එපා කියාත් වෙන්නේ කුමක්ද කියා බලා සිටිමු කියාත් උදේනි පවසනවා.

ලිහිණිගේ තාත්තා ලිහිණිගේ අම්මා සමඟින් ලිහිණි ගැන කතා කරමින් සිටින අතරතුරේ ඔහු මේ ප්‍රශ්නය ගැන රදීෂ් සමඟින් කතා කරන්නම් කියා කියද්දී ඔහු රදීෂ්ට කියන්නට යන්නේ ලිහිණිගේ බෝඩිමට එන්නට එපා කියාද කියා ඇය අසමින් එසේ ඔහුඉ එකපාරටම රදීෂ්ට එසේ කියන එක හොඳ නැති බවතක් ඔවුන් ඒ පිළිබඳ ලිහිණි සමඟින්වත් කතා කරේ නැති බවත් පවසද්දී ඔහු ලිහිණි සමඟින් ඒ ගැන කතා කර පැහැදිලි කර දෙන්නම් කියාත් ඔවුන් හැමදාම මෙලෙස බෝඩිමට වී ඇගේ තනි රකින්නට බැරි බවත් ඔහු පවසා සිටිනවා.ඉන්පසු ඔවුන් කතා කරමින් සිටින තැනට පැමිණෙන ලිහිණිගෙන් ඇගේ අම්මා ඇය ගමේ යන්නට අකමැති ඇයිද කියා විමසද්දී ඇය කොළඹ ඉන්නේ රාස්සවක් සොයා ගන්නට බවත් ගමේ ගොස් ඇය කරන්නේ කුමක්ද කියාත් අසමින් ඇය එතැනින් යන්නට යනවා.එත් සමඟම එතැනට පැමිණෙන පවනිට ලිහිණිගේ අම්මා, ලිහිණිට ගමේ යන්නට එන්න කියා කියන්න කියා පවනිගෙන් ඉල්ලා සිටිද්දී ඇය කෙසේද ලිහිණිට එසේ කියන්නේ කියාත් ගමේ ගොස් කොළඹ රැකියා සෙයාන්නේ කොහොමද කියාත් ලිහිණිගේ අම්මාගෙන් විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *