සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ අවස්ථාවේ ඔෆිස් එකේ වැඩ ගැන අක්ෂා සමඟින් කතා කරමින් සිටින රදීෂ් ළඟට පැමිණෙන ඩිලාන් ඔහු අවුලෙන් වැඩ කටයුතු කරන්නේ ඇයිද කියා විමසද්දී එසේ නැත බව රදීෂ් පවසනවා. මේ වේලාවේ ලිහිණි සමඟින් ඔහුගේ තිබෙන සම්බන්ධතාවයට වෙනදා කරමටම රමණිගේ මේ වෙද්දී අකමැත්තක් නැති බවත් ලිහිණිව ළඟදී මුණගැසුණාද කියාත් ඇය සමඟින් කතා කරාද කියාත් ඩිලාන් විමසද්දී ඇය සමඟ ඔහු කතා කලද ඇය දැන් සිටින්නේ සියළු දේ එපා වී වගේ බවත් ඔහු සමඟින් වෙනදා මෙන් කතා කරන්නේ නැති බවත් රදීෂ් පවසනවා. ලිහිණි වෙනදාට ඔහු එනවාට කතා කරනවාට කැමති වුවද දැන් ඇය ඉන්නේ කලකිරිමෙන් බවත් රදීෂ් පවසනවා.ඇය මෙසේ වී ඇත්තේ ඔහුව මැරයන් අල්ලා ගත් සිද්ධියෙන් පසු ලිහිණිව හමුවන්නට ඔහු යන්නට සුදානම් වෙද්දී අම්මා යන්න නොදුන් නිසා බවත් රදීෂ් පවසනවා.

මේ වේලාවේ හදිසියේම උදේනිට කතා කර ඇයව හමුවන්නට පැමිණෙන කියන්න අනු, ලොකු බරපතළ ප්‍රශ්නයක් ඇති වෙන්න යන බව කියමින් ඇයටත් ඒ ගැන කිවේ අරුණි  බව පවසමින් දෙව්මිව බලන්නට පැමිණි එම කොල්ලා සමඟින් මේ වෙද්දී දෙව්මි සැරින් සැරේ දුරකථනයෙන් කතා කරනා බවත් ඔහු දෙවතාවක් නිවසටත් පැමිණිය බවත් නමුත් ඇය සහ එම ළමයා කතා කරන්නේ බොරුවට බවත් ඔවුන් රඟපැමක් කරමින් සිටින බවත් අනු උදේනි සමඟින් පවසද්දී බොරුවට කතා කරනවා කියන්නේ මොකද්ද කියා විමසනවා.ඇයත් මේ ගැන දන්නේ නැති බවත් දෙව්මි ඒ පිළිබද අරුණි සමඟින් කියා තිබෙන බවත් අනු පවසා සිටිනවා.දෙව්මි එම පිරිමි ළමයා නිවසට පැමිණි දවසේම අවන්ත ගැන කියා තිබෙන බවත් එම පිරිමි ළමයාටත් කෙල්ලක් සිටින බවත් ඔවුන් දෙදෙනාම එකතු වී මේ කරන්නේ රඟපැමක් බවත් ඔවුන් එසේ කරන්නේ ආනන්දව සතුටු කරන්නට බවත් අනු පවසනවා.මෙය අසා පුදුම වෙන උදේනි ඔවුන් මේ කරන දේ හොඳ දෙයක් නොවන බවත් මෙය දැනගත් දවසට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන බවත් උදේනි පවසමින් මේ ගැන පොඩි හෝ දෙයක්වත් ඇයත් සමඟින් දෙව්මි කිවේ නැ කියා උදේනි පවසනවා. මේ වේලාවෙ අරුණි කුමක්ද කියන්නේ කියා උදේනි අසද්දී, ඇය මේ බව කියු බව දෙව්මිට දැනගන්නට තියන්න එපා කියු බව අනු පවසා සිටිනවා.

මේ වේලාවේ මයුරව හමුවන්නට යන දෙව්මිගෙන් ඇය මෙලෙස ඔහුව හමුවන්නට පැමිණි බව ආනන්ද දන්නවාද කියා විමසද්දී ඇය ඒ ගැන කිවේ නැති බවත් ඔහුටද එ ගැන කියන්නට එපා කියාත් දෙව්මි ඉල්ලා සිටිනවා.ඒ අවස්ථාවේ තාත්තාට කියා එන්නට තිබු බව ඔහු පවසද්දී එසේ කිවාම ඔහු සිතන්නේ ඔවුන් දෙදෙනා යාළුයි කියා බව දෙව්මි පවසනවාත් සමඟම එය තමයි විය යුත්තේ කියාත්  පවසද්දී ඔවුන් මෙසේ යාළුයි වගේ රඟපාලා ඇත්තටම මේ ප්‍රශ්නයෙන් ඔවුන් ගැලවෙන්නේ කෙසේද කියා දෙව්මි අසනවාත් සමඟම එතැනට අහම්බයෙන් වගේ පැමිණෙන අමීෂා දෙව්මි වෙනත් කෙනෙකු සමඟින් එහි සිටිනවා දැක  ඇයට කතා කර ඔහු කවුරුන්ද කියා ඇගෙන් විමසද්දී ඒ සිටින්නේ ආනන්ද විසින් ඇයට විවාහ යෝජනාව ගෙන ආ කෙනා බවත් පවසද්දී ඔවුන් දෙස අමුතුවට බලන අමීෂා ඇය කිසිදින දෙව්මි මෙවැනි කෙනෙකු කියා සිතුවේ නැති බවත් පවසමින් ඇය මේ සියළු දේ ගැන අවන්තට කියන බව පවසා එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *