සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ රදීෂ් සමඟින් කතා කරන්නට එළියට පැමිණෙන ඩිලාන් , ලිහිණි සමඟින් ඔහු කතා කරාද කියාත් ඇය කුමක්ද කරන්න හිතාගෙන ඉන්නේ කියාත් රදිෂ්ගෙන් අසද්දී, ලිහිණි කරන්න ඕන කුමක්ද කියා නොදන්නා බවත් ඇය කියන්නේ ඔහුගේ අම්මා ඇයට අකමැකි නම් ඔහුට අම්මා කැමති කෙනෙක්ව බඳින්න කියා බවත් පවසමින් ඩිලාන් ඔහුට මේ ප්‍රශ්නයට කුමක් ද කරන්න කියන්නේ කියා අසනවා. ඒ අවස්ථාවේ ඔහුට කියන්න තියෙන්නෙත් ලිහිණි කියු දේවල්ම තමයි කියාත් රමණි කැමති නම් ලිහිණි සමඟින් විවාහ වෙන්න කියාත් නැතිනම් ඔහුට අමාරුවෙන් හෝ ලිහිණිව අමතක කරන්න වෙන බවත් ඩිලාන් පවසද්දී එය අසා අමුතුවට සිනාසෙන රදීෂ්, ඩිලාන් ඔහුට එන්න කිවේ මේ ටික කියන්නද කියාත් කියමින් ඔහු එතැනින් යන්නට සුදානම් වෙද්දී ඔහුව අමාරුවෙන් ඩිලාන් නවාත්වා ගන්නවත් සමඟම ඔහුට මේ ප්‍රශ්නය ඕනේ විසඳුමක් බවත් එසේ නැතිව තවත් ප්‍රශ්න ඕනේ නැති බවත් රදීෂ් පවසද්දී ඔහුට රදීෂ් ඉන්න තත්ත්වය තෙරේන බවත් එ නිසාමයි යළිත් ඔහු ඒ පිළිබඳ රමණි සමඟින් කතා කලේ බවත් කියමින් නමුත් ඇයගේ මතය වෙන්නේ ඔහු ලිහිණිව නොව ඇය කියන කෙනා සමඟින් විවාහ විය යුතු බව බවත් ඩිලාන් පවසමින් ඔහුට මේ ප්‍රශ්නයට විසඳුමක් සොයාගත හැකි වන්නේ රමණි සමඟින් යළිත් කතා කිරිමෙන් බවත් රදීෂ්ට තේරුම් කර දෙනවා.

මේ වේලාවේ අමීෂා රමණිගෙන් ඇය ලිහිණිට බැන්නාද කියා අසද්දී එයට සිනාසෙමින් ඔව් කියාත් ඇයට ඒ ගැන කිව්වද කියාත් රමණි අසද්දී ඇයට කවුරු කියන්නද කියාත් ඇය ලිහිණි සමග අශ්‍රයක් නැති බවත් පවසද්දි ඇයි ඇය අසනීප වී සිටි කාලයේ ලිහිණි ඇයට උදව් කරන්න ආ බව කිවා නේද කියා විමසද්දී ඒ කාලයේ ඇය ආ බවත් ඇයට ගොඩක් උදව් කල බවත් නමුත් ඇය පැමිණියේ මේ නිවසට නොවන බවත් අනිත් නිවසට බවත් පවසද්දී ඉන්පසු ඇය හමුවුයේ නැතිද කියා අමීෂාගෙන් අසනවා. ඉන්පසු දෙතුන් වතාවක් ඇයව මුණගැසුණ බවත් අමීෂා කියද්දී මඳ වේලාවක් කල්පනා කරමින් සිටින රමණි ලිහිණි කියන්නේ මෝඩ කෙල්ලෙකු නේද කියා අමීෂාගෙන් අසනවා. ඒ මොහෝතේ ඇය දන්නා තරමින නම් ලිහිණි එසේ නැති බවත් පවසද්දී එ කෙසේ වුවත් ඇයට කෙනෙකු දැක්කාම එ කෙනා ගැන තේරුම් ගන්නට පුළුවන් බවත් ඇය ලිහිණිගේ ගෙවල් දොරවල් පවා දැකපු බවත් රමණි පවසද්දී ඇය එසේ සිතනවා නම් ඇයට මොනවත් කියන්නට බැරි බව අමීෂා පවසනවාත් සමඟම එතැනට පැමිණෙන රදීෂ් ඔහු එළියට යන බව කියද්දී රමණි දිගින් දිටගම ඔහු කොහේද යන්නේ කියාත් යන තැන ගැන ඇයට කියලා යන්න කියාත් පවසමින් එසේ නොකියා නිවසින් යන්නට එපා කියා පවසනවා. ඒ වේලාවේ රදීෂ් කිසිවක් කර කියා ගන්නට බැරිව බොරුවක් හදමින් ඉන්න අවස්ථාවේ එතැනට පැමිණෙන අවන්ත රමනිට බොරු කියමින් රදීෂ්ට සහ ඔහුට ඔෆිස් එකේ මීටින් එකක් තිබෙන බවත් එ නිසා ඔවුන් එදින යායුතු බවත් කියමින් රදීෂ්ව අම්මාගෙන් අමාරුවෙන් ගලවාගෙන යනවා.

මේ වේලාවේ නිවසට පැමිණෙ අක්ෂාගෙන් ලිහිණිගේ ප්‍රශ්නය ගැන උදේනි අසමින් ඇයට කුමක්ද වෙලා තියෙන්නේ කියා අනුහස්ගෙන් ඇසුවත් කියන්නේ නැති බවත් රදීෂ්ගේ ප්‍රශ්නය ගොඩක් බරපතළ වෙලාද කියා අක්ෂාගෙන් විමසනවා. ඒ වේලාවේ ඇයටත් ගොඩ කාලයකින් ලිහිණිගේ බෝඩිමට යන්නට බැරි වුන බවත් ඇයට ආරංචි වුන විදියට රදීෂ්ගේ අම්මලා ලිහිණිගේ ගමේ ගියද ඔවුන් ලිහිණිගේ සහ රදීෂ්ගේ සම්බන්ධයට විරුද්ධ බවත් ඩිලාන් පමණයි ඔවුන්ගේ සම්බන්ධයට කැමැත්ත දී තිබෙන්නේ බවත් අක්ෂා පවසනවා. ඒ වේලාවේ ලිහිනිගේ අම්මා සහ තාත්තා මේ ගැන දන්නවාද කියා උදේනි අසද්දී රදීෂ්ගේ අම්මලා ලිහිණිගේ ගමේ ගිය අවස්ථාවේ ලිහිණිගේ අම්මාගේ සහ තාත්තාගේ හිත ගොඩක් රිද්දවලා තිබෙන බවත් ඔවුන් හරි අමුතුයි කියාත් එ නිසයි අනුහසුත් එම ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැත්තේ කියාත් අක්ෂා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *