සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේනකව මුණැගසෙන්නට පැමිණෙන අශෝක, අනුහස්ලා ගැන අලුත්ම ආරංචි මොනවද කියා විමසනවා. ලලිත් ඔහුට දින කිහිපයකට කලින් කතා කල බවත් ඔෆිස් එකේ මේ දිනවල ගොඩක් ප්‍රහ්න බව ඔහු පැවසුව බවත් එහෙයින් මේ දිනවල වැඩක් කෙරෙන්නෙත් නැති බව කියු බවත් මේනක පවසනවා. ඒ අවස්ථාවේ කල්පනා කරමින් සිටින අශෝක මොන ප්‍රශ්නද ඔෆිස් එකේ තියෙන්නේ කියා අශෝක සිනාසෙමින් අසද්දී ආනන්ද දෙව්මිට අවන්ත සමඟින් විවාහ වෙන්නට දෙන්නේ නැති බවත් එ වගේම රදීෂ් ලිහිණි සමඟින් පවත්වන සම්බන්ධයට රදීෂ්ගේ අම්මා සහ අක්කා කැමති නැති බවත් පවසද්දී එසේ නම් රදීෂ් සිටින තත්ත්වයත් එක්ක ජිවිතේ එපා වී සිටිනවා ඇති කියාත් එහෙයින් මේ වේලාව ඔවුන් ගේමක් ගහනවා නම් හොඳම වේලාව බවත් අශෝක පවසද්දී අවන්ත සහ රදීෂ් නැති වුවාට අනුහස් සිටින්නේ හොඳ සිහියෙන් බව කියද්දී එය ගනන් නොගන්නා අශෝක එක් අයකුට තනිව ගේමක් ගහන්නට බැරි බව ඔහු පවසනවා. එත් එකක්ම රවී ඉන්න තැනටම අනුහස්වත් පටලවා යවමු කියාත් ඉන්පසු ඔවුන්ට පාඩුවේ ඉන්නට පුළුවන් බවත් පවසනවා. ඉතිං මේනකගේ සහ අශෝකගේ ඊළඟ ගේම කුමක්ද වෙයිද කියා ප්‍රේකෂක ඔබටත් ඇත්තේ කුතුහලයකි.

ඔය අතරේ පවනිව මුණගැසෙන්නට පැමිණෙන මලින්ත, ඇයට ඔහු ගැන හිතේ ආදරයක් තිබෙනවාද කියා විමසද්දී ඇයට ඔහු ගැන කිසිදින ආදරයක් ඇති වෙලා නැති බවත් ඇය ඔහුව දන්නේ සහේලිගේ පෙම්වතා විදියට බවත් ඔහුගේ සහ ඇගේ සම්බන්ධය ලොකු කතාවක් බවත් එසේ තිබියදී ඔහු මෙලෙස සහේලිව අමතක කර ඇය ගැන සිතන්නේ කොහොමද කියා පවනි විමසද්දී ඔහු සහේලිව අමතක කලේ නැති බවත් සහේලි ඔහුව අමතක කර දාලා ගිය බවත් පවසද්දී එය හරි බවත් නමුත් ඇය ගැන තිබු ආදරය ඔහුගේ හිතේ තියෙන්නට ඕන බවත් එය එකපාරට නැති වෙන්නේ කෙසේද කියාත් පවනි පවසද්දී එය එසේ වුවත් ඇය කියන්නේ ජිවිත කාලයම සහේලි ගැන හිත හිතා තනිව ඉන්න කියාද කියා මලින්ත අසනවා. ඉන්පසු ඇය කියන්නේ එසේ දෙයක් නොවන බවත් නමුත් දකින දකින කෙල්ලෝ පස්සේ ගිහින් එසේ ආදරය කරන්නට එපා කියා පවනි කියද්දී ඔහු එසේ දකින දකින අය පස්සේ ගියේ නැති බවත් ඔහු ඇත්තටම ඇයට ආදරය කරනා බවත් ඇගේ අදහස කුමක්ද කියාත් යළිත් මලින්ත අසනවා. මේ වේලවේ ඇයට කියන්න තිබෙන්නේ කලින් දුන් උත්තරයම බවත් ඇයට එසේ ලිහිණිගේ නංගි ආදරය කල කෙනා සමඟින් එසේ සම්බන්ධයක් පටන් ගැනීමට බැරි බවත් පවසා සිටිනවා.

ලිහිණිව සොයා බෝඩිමට පැමිණෙන රදීෂ් ඇය කල්පනා කරමින් අවුලෙන් සිටිනවා දැක ඔහුට ඇගෙන් යමක් අහන්නට තිබෙන බව පවසමින් එය අහන්නද කියා අසනවා.ඒ වේලාවේ ඔහු ටික දිනක සිට බලා සිටි බවත් ඇය ඔහුත් සමඟින් කලකිරිලා මෙන් කතා කරන්නේ ඇයිද කියාත් රදීෂ් අසනවා.ඉන්පසු ලිහිණි එහෙම දෙයක් නැති බවත් ඇයට ජිවිතේ කෙලින් තීරණයක් ගන්නට බැරිව සිටින බවත් පවසමින් ඔවුන්ට ස්ථීරව තීරණයක් ගන්නට බැහැ කියා ඔහුට හිතෙන්නේ නැතිද කියා ලිහිණි විමසනවා. රදීෂ් ඒ වේලාවේ ඇය එසේ කියන්නේ ඔහුගේ අම්මා සහ අක්කා ඇයට අකමැති නිසාද කියා අසමින් ඒ ගැන ඇගේ අම්මා සහ තාත්තා ඇහුවාද කියා රදීෂ් අසනවා. ඒ වේලාවේ ඔවුන් එසේ අහන්නේ නැතිව ඉඳිද අසමින් කෙසේ හෝ ඇය ඉක්මනින්ම තීරණයක් ගන්නා බව ලිහිණි පවසනවා.ඇය ගන්නා තීරණය කුමක්ද කියා රදීෂ් අසමින් ඇගේ තීරණය ගැන ඔහුට කියන්න කියා රදීෂ් පවසනවා. එත් එක්කම ඇය දැන් වෙද්දී ඔහුට ආදරේත් නැතුව ඇති නේද කියා ඔහු අසද්දී ආදරයක් නැතිනම් මෙසෙවත් ඇය ඔහු සමඟින් කතා කරන්නේ නැති බව ලිහිණි පවසමින් ඔහු පොඩි ළමයෙකු නොවන බවත් එහෙයින් ඔහුට තනිව තීරණයක් ගන්නට පුළුවන් වෙන්න ඕන කියාත් ඔහුට එසේ තීරණයක් ගන්න බැරි නම් ඇයට ආදරය නොකර ඉන්න තිබුනා කියාත් ලිහිණි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *