සතියේ දින වල රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.මෙරිල් ඇමතිගේ ගොලයෙක් රයිනි කුමක් හෝ තැනකට යන බව දකිනවා.ඉන්පසු ඇයව තමා දුටු බව මෙරිල් ඇමති හට කතා කර ඔහු පවසනවා.සත්‍යා කැම්පස් එකට යනවා .ඉන්පසු ජේරාජ්ගේ ගෝලයන් ඔහුට ඇමතුමක් ගෙන සත්‍යා කැම්පස් ආ බව පවසනවා.මේ අතර බාබු හා ශිවා තෝමස් හමුවීමට යනවා.මේ අතර සන්තුෂ් යෙනුකි හමුවීමට යනවා .ඉන්පසු කාර් එකට නගින ලෙස යෙනුකි හට පවසනවා.ඉන්පසු කෝපයෙන් සන්තුෂ් හට බැන වැදුනු යෙනුකි එතැනින් පිටව යනවා.රයිනි හමුවීමට ජේරාජ් පැමිණෙනවා .ඔහු වෙත එන රයිනි හට අව්කණ්ණාඩියක් ලබා දී එහි සියලු දේ රෙකෝඩ් වන බව පවසනවා එය පරිස්සමින් තියාගන්න ලෙස රයිනි හට ජේරාජ් පවසනවා.බාබුගේ උපන්දිනයට සත්‍යා යෙනුකි හට ඇමතුමක්ගෙන කුමක් හෝ දෙයක් කල යුතු බව පවසනවා.ඉන්පසු සියලු දෙනා බාබුගේ නිවසට යනවා.මේ අතර රයිනි සිටින කාමරයට මෙරිල් ඇමතිතුමා පැමිනෙනවා.ඉන්පසු වීරවර්ණ දුන් කණ්ණාඩිය තුළ සියලු දේ සටහන් වන අකාරයට එය තබා තියනවා.රයිනි ඉන්පසු ඉක්මනින් එතැනින් පිටව යනවා.

මේ අතර රයිනි වීරවර්ණ හට කණ්ණාඩිය දෙනවා.මේ අතරවිරවර්ණ මෙරිල් ඇමති හට කතාකර තමා සිදුකල දේ ගැන පවසනවා.රයිනි හා යහළුවා හට වීරවර්ණ නැවතීමට හෝටලයක් සුදානම් කර දෙනවා.රාත්‍රියේදි යෙනුකි හට ඇමතුමක් ගන්නා සන්තුෂ් තාම සමඟ හැප්පීමට හදනවාද කියා විමසා තමා මෙය ලේසියෙන් අත අරින්නේ නැති බව පවසනවා.වීරවර්ණ මුදලාලි මාකස් හට පැමිණ තමා හමුවන ලෙස පවසනවා.ඉන්පසු මාකස් ඔහු අසලට පැමිණෙනවා.වහාම ශිවා හට සත්‍යාගෙන් ඈත් ව සිටන ලෙස පවසනවා.මේ අතර මෙරිල් ඇමතිතුමා වීරවර්ණ හමුවීමට යනවා.ඉල්ලන ඕන ම දෙයක් කරන ලෙසත් ඉන්පසු එම වීඩියෝව අයින් කරන ලෙස පවසනවා.සැම්සන්ව පාවිච්චි කර බොරු නඩුවකට තමා හිරේ යැවු බවත් එය ඔවුන් බාරගෙන තමා නිර්දෝශි බව පවසනලෙසත් , තමා හෝටලයක් හැදිමට යන බවත් එයට උදව් කරන බවත් පවසනවා.ඒවාට කැමතිනම් පමණක් මෙය විසදන ලෙස වීරවර්ණ පවසනවා.මේ අතර සන්තුෂ් හා යහළුවෙක් රයිනි සිටින හෝටලයට පැමිණෙනවා.ඇයව දකින සන්තුෂ් තමා රයිනිව දුටු බව පවසනවා.රයිනි වෙත යන සන්තුෂ් තමා මෙරිල් ඇමතිගේ පුතා බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *