සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.තෝමස් හට ජුඩ් පැවසු දේ සත්‍යා හට ඔහු පවසනවා.තමා ගැන තීරණය කරන්න ජූඩ් හට නොහැකි බව සත්‍යා පවසා දිගටම තමා කැම්පස් යන්නේ ඔහුගේ බස් එකේ බව පවසනවා.යෙනුකි සත්‍යා හට කතා කර සන්තුෂ් තමාට කතා කර බව පවසනවා.ඔවුන් හොඳ මිනිසුන් නොවන බවත් පිරිස්සමින් සිටින ලෙස පවසනවා.මේ අතර සත්‍යා හට කතා කරන සීයා තාත්තා හට බාරයක් වීමට කලපුව මැද ඇති දූපතට ගොස් බාරයක් වන ලෙස පවසනවා.ඉන්පසු ජේරාජ් හට ඇමතුමක් ගෙන තමා සමග යාමට සුදානම් වන ලෙස පවසනවා.මේ අතර ජුඩ් සමඟ සත්‍යා දූපට යාමට පිටත් වනවා.වීරවර්ණ හට ඇප ලැබි නැවත පැමිණෙනවා.ඔහු පිළි ගැනීමට ලෙල්ලමේ සියලු දෙනා සුදානමින් සිටිනවා.මේ අතර ශිවාගේද තාත්තා නිවසට පැමිණෙනවා.ශිවා හට ඇමතුමක් ගන්නාජුඩ් වීරවර්ණ ඔහුව හමුවීමට උවමනා බව පවසනවා.

ඉන්පසු ශිවා ඔහු හමුවීමට එන බව පවසනවා.සත්‍යා හට ඇමතුමක් ගන්නා ශිවා තමා හට ඇයගේ තාත්තා හමුවීමට එන ලෙස කියු බව පවසනවා.තමාට සිදුව ඇති දේ ශිවා බාබු හට පවසනවා.වීරවර්ණ මුණ ගැසීමට රයිනි පැමිණෙනවා.ඔවුන් බාරදුන් වැඩේ හරියට කරන ලෙස පවසනවා.ඉක්මනින් ඔවුන් හට වැඩේ කර දෙන ලෙස රයිනි හට වීරවර්ණ පවසනවා.වීරවර්ණ නිවසට පැමිණිම නිසා සත්‍යා ඔහුට පාටි එකක් සුදානම් කරනවා.පසුදින ශිවා වීරවර්ණව මුණ ගැසීමට යාමට සුදානම් වනවා.මේ අතර වීරවර්ණ හමුවන සත්‍යා තමා හා ශිවා අතර ඇත්තේ යහළුකමක් බව පවසනවා.නමුත් ඇය කියු කිසිවක් වීරවර්ණ විශ්වාස නොකරනවා.ශිවා සත්‍යාගේ පියා හමුවීමට පැමිණෙනවා.වීරවර්ණ වෙත යන ශිවාගෙන් ඔහු සුදු මැණිකේව බේර ගත්තේ ආදරය නිසා ද කියා විමසනවා.මැණිකේ කියා සත්‍යා හට කතා නොකරන ලෙස පවසනවා.ඔවුන් අතර මොන සම්බන්ධය තිබුණත් ඒක අදින් ඉවර බව වීරවර්ණ ශිවා හට පවසනවා.සත්‍යා ඔහු නිවසින් පිටව යන විට සිදු වූයේ කුමක් දැයි විමසනවා.නමුත් ශිවා කිසිවක් නොපවසා එතැනින් පිටව යනවා.සත්‍යා වෙත පැමිණෙන වීරවර්ණ නැවත ඇයට තෝමස් සමඟ කැම්පස් යන ලෙස පවසනවා.වීර්වර්ණ මුණ ගැසී නිවසට පැමිණෙන ශිවාගෙන් මාකස් සිදුව ඇති දේ විමසනවා.බාබු හමුවට ගොස් ශිවා සිදු වූ දේ පවසනවා.මේඅතර යෙනුකි හා යහළුවන් සත්‍යා මුණ ගැසීමට පැමිණෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *