සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.ලොයිඩ් එළියට වී පත්තරය බලමින් සිටින අතරේදී අභිමන් ඔහුව නොදැක්කා සේ එතැනින් යන අවස්ථාවේ ඔහුගේ වෙනස දැනුන ලොයිඩ් ඔහු කුමක් හෝ ප්‍රශ්නයකද ඉන්නේ කියා විමසනවා. ඉතිං ඔහු එලෙස අසද්දී එයට සිනාසෙන අභිමන් ඔහුට ප්‍රශ්නයක් තිබෙනවා නම් එය අමායාට ගොස් කියන්නද කියා අසනවිට ඔහු ඒ කියපු කතාවේ තේරුම කුමක්ද කියා අභිමන්ගෙන් විමසනවා. ඉන්පසු අභිමන් ලොයිඩ්ගෙන් ඔහු ඔවුන්ගේ ප්‍රශ්න පිට මිනිස්සු සමඟින් ගොස් කියන්නේ ඇයිද යන්න අසමින් ඔහු කලේ අනව්‍යශ දෙයක් බවත් ලොයිඩ්ට පැහැදිලි කර දෙනවා. මේ වේලාවේ ඔහු කලේ වරදක් නොවන බව අභිමන්ට තේරුම් කර දෙන්නට ලොයිඩ් බොහෝ සේ උත්සහා කලද ඒ කිසිවක් පිළිගන්නට අභිමන් කැමති වුයේ නැහැ.

මේ අතරේ කුරුළුගේ නිවසට පැමිණ සුභද්‍රා සහ රෙෂ්මා සමඟින් අදිත්‍ය ඔවුන්ගේ නිවසට පසුගිය දින පැමිණි පුද්ගලයා ගැන කතා කරමින් සිටිනවා. මේ වේලාවේ එ පැමිණි පුද්ගලයා ගැන කුරුළු මොනවාද කියන්නේ කියා අදිත්‍ය රෙෂ්මාගෙන් විමසද්දී ඔහු එම පුද්ගලයාව ඇස් දෙකෙන් දුටුවා නම් ඔහුටත් කතා කරන්නට දෙයක් නැති වෙන බව පවසද්දී ඔවුන්ගේ කතාවට එකතුවන සුභද්‍රා ඇය නම් කිසිසෙත්ම ඒ පැමිණි පුද්ගලයා මලින්ද කියා විශ්වාස නොකර බවත් කුරුළු කලින් නාගයෙකුත් ඒ සිටින්නේ තමන්ගේ තාත්තා වන මලින්ද කියා විශ්වාස කල බවත් එහෙයින් ඇය සිතන්නේ මේ පැමිණ සිටින්නෙත් මලින්ද කියා බවත් සුභද්‍රා පවසනවා. එත් එක්කම ඇස් දෙකෙන් දකින සියළු දේ විශ්වාස කරන්නට හොඳ නැති බවත් ලොකේ වෙන්න පුළුවන් දේවල් මෙන්ම වෙන්නට බැරි දේවලුත් තිබෙන බවත් රෙෂ්මාට සුභද්‍රා පැහැදිලි කර දෙන්නට උත්සහා කරනවාත් සමඟම කුරුළු එම පුද්ගලයා සමඟින් ත්‍රිවිලරයිකින් නිවසට පැමිණෙවා ඔවුන් දකිනවා. ඉතිං මේ වේලාවේ අදිත්‍යව දකින ඔහු පැමිණි අදිත්‍යගේ නම කියමින් ඔහුගේ සැපදුක් විමසනවාත් සමඟිම අදිත්‍යත් පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා සිටිනවා. ඉන්පසු නිවස ඇතුළට පැමිණෙන ඔවුන්ට බනුර ඔහුට සිදු වුයේ කුමක්ද යන්න පැහැදිලි කර දෙමින් ඔහු මැරුණේ නැති බවත් නමුත් ඔහුව මරන්නට කිසියක් පිරිසකට උවමනා වු බවත් කියමින් ඔවුන් ඉදිරියේ ඔවුන්ගේ හිතේ විශ්වාසයක් ඇති වෙන ලෙස ඔහුගේ කතාව දිඟ හරිනවා.

මේ වේලාවේ බනුර කියු සියළු දේ අසා සිට ඉන්පසු එය දරාගත නොහැකිව කාමරයට පැමිණෙන සුභද්‍රා ළඟට එන රෙෂ්මා, ඇය ඔවුන්ට එම පුද්ගලයාව විශ්වාස කරන්න එපා කියා පැවසුවද ඇයගේ හිතෙත් ඒ පැමිණ සිටින්නේ මලින්ද කියා පොඩි හෝ විශ්වාසයක් තිබෙනවා නේද කියා රෙෂ්මා විමසමින් ඇයටත් සුභද්‍රාටත් වැඩිය කුරුළුට ඒ සිටින්නේ ඇගේ තාත්තා බව හොඳටම දැනුන බව පවසද්දී ඇගේ සිතේ ඒ ඉන්නේ මලින්ද නොවේ කියා සැකයක් නැති බවත් නමුත් ඇයට එය පිළිගන්නට බැරි බවක් තිබෙන බවත් පවසනවා. මේ වේලාවේ රෙෂ්මා ඔහු මලින්ද කියා ඔවුන්ට ඔප්පු කරන්න කියමු කියාත් ඊට ඔවුන් උදව් කරමු කියාත් කියමින් එ තුළින් ඔහු ගැන ඔවුන්ගේ හිතේ තිබෙන්නා වු සැකය හෝ නැති කරගන්නට පුළුවන් බවත් රෙෂ්මා සුභද්‍රාට පැහැදිලි කර දෙනු ලබනවා. එත් එක්කම ඔවුන් කතා කරමින් සිටින තැනට පැමිණෙන කුරුළු ඔහු ගිය බව කියමින් එක දශමයක්වත් වෙනස් වෙන්නේ නැතිව මලින්ද වගේම කෙනෙකු තව ඉන්නේ කොහොමද කියා හඬමින් අසනවා.

මෙත්මා හැමවිටම පූජාට වෙනස්කම් කිරීම හේතුවෙන් ඒ ගැන සිතමින් පුජා දුකින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන ජනනාද, ඇයට කන්නට එන්න කියා පවසද්දී ඇයට කන්නට තරම් හිතේ සතුටක් නැති බවත් ඇයට හැමදේම එපාවෙලා තිබෙන බවත් පවසනවා. ඉන්පසු ජනනාදගේ අත අල්ලා ගන්නා පූජා ඇයට ඇත්ත කියන්න කියමින් ඔවුන්ට ඇය ඔවුන්ගේ නිවසේ ඉන්න එක කරදරයක්ද කියා විමසමින් මෙත්මා ඇයට සලකන විදියට ඇගේ හිත ගොඩක් පැරි ඇති බවත් ඇය සිතාගෙන ඉන්නේ ඇය මෙත්මාට වරදක් කරනවා කියා බවත් පවසමින් ඇය කිසිදින මෙත්මාට වරදක් කර නැති බව ඉතා වේදනාවෙන් පවසනවා. ඉන්පසු ඇගේ වේදනවා දැනුන ජනනාද ඔවුන් දෙදෙනාම ඔහුගේ දරුවන් බවත් එහෙයින් ඒ විදියට කතා කරන්න එපා කියාත් ජනනාද ඉල්ලා සිටිද්දී ඇයව තේරුම් ගත් එකම කෙනා ජනනාද බවත් වෙන කිසිකෙනෙකු ඇයව තේරුම් ගන්නේ නැති බවත් පූජා පවසා සිටිනවා. ඉන්පසු ජනනාද ඇයට ඉවසන්න කියාත් කාලයක් සමඟ සියළු ප්‍රශ්න විසඳෙයි කියාත් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *