සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.කාර්යාලයේ සිටින විශාකාට දුරකථන ඇමතුමක් ලබා ගන්නා සුභද්‍රා, ඇය අභිමන්ගේ දුරකථනයට ඇමතුම් ගත් බවත් නමුත් දුරකථනය වැඩ කලේ නැති බවත් පවසමින් ඒ ඇයිද කියා විශාකගෙන් විමසනවා.මේ වේලාවේ කුරුළු සහ අභිමන් තවමත් කතා කරනේනේ නැ නේද කියා සුභද්‍රාගෙන් අසද්දී, ඇය කුරුළුට අභිමන්ට කතා කරන්න කියා කියු බවත් නමුත් කුරුළු අභිමන් කතා කරනතෙක් කතා කරනකක් නැති බවත් පවසනවා.ඉන්පසු දෙදෙනාම මෙලෙස දෙපැත්තට වී කතා නොකර සිටියාම ප්‍රශ්න විසඳෙන්නේ නැති හෙයින් කවුරුන් හෝ කෙනෙකු මුල්වී ප්‍රශ්නය කතා කර විසඳා ගත යුතුයි කියා විශාකා පවසනවා.ඉන්පසු ඇයට විශාකාගෙන් ඉල්ලීමක් කරන්නට තිබෙන බව කියමින් ඇය එසේ ඉල්ලා සිටිම අසාධාරණ වුනත් ඔවුන් කෙසේ හෝ ප්‍රශ්නය විසඳාගන්නට ඕන බවත් කියද්දී , නමුත් ඇය අභිමන්ට කුරුළුට කතා කරන්න කියා කියුවත් ඔහු ඇය කියනා දේ අසයි කියා හිතන්නේ නැති බව විශාකා පවසනවා. ඒ කෙසේ වෙතත් ඇය එක්වතාවක් ඒ ගැන අභිමන්ට කියන්නම් කියාත් , ප්‍රශ්නය පටන් ගත්තේ කුරුළු හෙයින් ඇගේ හිතුවක්කාරකම අයින් කරලා ඇයම එම ප්‍රශ්නය විසඳාගන්නවා නම් හොඳ බවත් විශාකා පවසා සිටිනවා.ඉන්පසු දුරකථනය තියනවාත් එක්කම එතැනට පැමිණෙන ලොයිඩ්ටත් විශාකා සුභද්‍රා කියු විස්තර කියමින් කුරුළු අභිමන් ඇයට කතා කරනකන් බලා සිටින බවත් පවසා සිටිනවා.

අදිත්‍ය කුරුළුව හමු වී ඇයත් සමඟන් ඇගේ හිතේ තියන දේවල් ගැන දැන ඉන්පසු ඒ පිළිබඳ කතා කර නැවත සුභද්‍රාව හමුවන්නට ඇගේ නිවසට පැමිණ කුරුළුට කිසිම ප්‍රශ්නයක් නැති බවත් ඇයගේ ඔළුවට ප්‍රශ්න දාන්නට එපා කියාත් ඔහු සුභද්‍රාගෙන් ඉල්ලා සිටිනවා.ඒ අවස්ථාවේ කුරුළු අභිමන් ගැන මොනවාද කිවේ කියා අදිත්‍යගෙන් විමසද්දී අභිමන් ගැන ඇය කිසිවක් ඔහු සමඟින් කියන්නේ නැති බවත් පවසමින් අභිමන්ට කුරුළු ගැන මේ වේලාවේ සොයා බලන්න යුතුකමක් තිබෙන බවත් නමුත් ඔහු එසේ නොකර සිටින බවත් පවසද්දී අභිමන්ට මේ ප්‍රශ්නයේදී දොස් කීමට නොහැකි බවත් ප්‍රශ්නය ඇති කලේ කුරුළු බවත් සුභද්‍රා පවසා සිටිනවා.ඒ වේලාවේ ප්‍රශ්න දිහා එකම විදියට බලන්න බැරි බවත් එය අභිමන් තේරුම් ගත යුතු බවත් කියමින් , කුරුළු ඇය ළඟට පැමිණි නාගයා ඇගේ තාත්තා කියා හිතනවා නම් අභිමන්ට ඒ ගැන බලා සාධාරණ විදියට තීරණයක් ගත හැකි බව අදිත්‍ය පවසා සිටිනවා. එත් එක්කම කුරුළු එදින අභිමන් සමඟින් එළියට ගිය අවස්ථාවේ එම නායාව ඇය බෑගයේ දමාගෙන නොගියා නම් සියළු දේ වෙනස් වන්නට තිබුණු බවත් අදිත්‍ය පවසමින් නමුත් මේ ප්‍රශ්නය කුරුළු අභිමන් සමඟින් විවාහ වු පසු වුවා නම් ඊට වැඩිය ප්‍රශ්නයක් වෙන බවත් ඔහු පවසා සිටිනවා. කුරුළු මෙලෙස තනිව නිවසට වී කල්පනා කරමින් සිටියහොත් තවත් ප්‍රශ්න වැඩිවන බව සුභද්‍රා පවසද්දී ඔහු පුළුවන් හැම අවස්ථාවකම ඇය සමඟින් කතා කර යන්නම් කියා අදිත්‍ය පවසා සිටිනවා.

ඔය අතරේ කුරුළු එළියට වී අභිමන් ගැන කල්පනා කරමින් දුකින් ඉන්නා අවස්තාවේ එතැනට පැමිණෙන සුභද්‍රා, ඇය විශාකාට කතා කල බවත් ඔවුන් තවමත් කුරුළු ගැන බලාපොරොත්තුවෙන් ඉන්නා බවත් කියමින් ඇයට අභිමන්ට දුරකථන ඇමතුමක් ලබා දී බලන්න කියා පවසනවා. ඒ වේලාවේ ඇය ඔහුට කතා කල බවත් නමුත් ඔහු එයට පිළිතුරු නොදුන් බවත් කුරුළු පවසමින් ඔහුට ඇය සමඟින් කතා කරන්නට ඕනේ නැතිනම් ඇය කුමකටද වදයක් වී ඔහුගේ පස්සෙන් යන්නේ කියා සුභද්‍රා සමඟින් පවසනවා. ඒ අවස්ථාවේ එලෙස හිතුවක්කාර වී ප්‍රශ්න විසඳගන්නට බැරි බව සුභද්‍රා පවසද්දී ඇයට කාත් සමඟින්වත් කතා කරලා විසඳගන්නට තරම් ප්‍රශ්නයක් නැති බවත් එ නිසා ඇයට ඔහුට කතා කරන්නට බැරි බවත් කේන්තියෙන් කුරුළු පවසා සිටිනවා.ඒ වේලාවේ ඇය ඇමතුම් දැකන ඔහුට ඇයට කතා කරන්න තිබුණු බවත් නමුත් ඔහු දැන් වෙනතුරු එසේ ඇයට කතා කරේ නැති හෙයින් ඇය යළිත් ඔහුගෙ පස්සෙන් ගොස් කතා කරන්නේ කුමකද කියා විමසනවා.ඉන්පසු විශාකා මොනවාද කීවේ කියා අසද්දී ඔවුන් කුරුළු ගැන දුක්වෙන බවත් ඇයට ප්‍රශ්නය විසඳාගන්නට ඕනකමක් නැතිද කියාත් සුභද්‍රා අසද්දී ඇය සමඟින් අද ඉන්නේ නැති මනුස්සයා හෙට දිනයේ ඇයත් සමඟින් ඉඳියි කියා ඇය කෙසේද විශ්වාස කරන්නේ කියා කුරුළු කියමින් එවැනි කෙනෙකු සමඟින් ඉන්නවාට වඩා ඇය තනිව ජිවත් වන එක හොඳ බව සුභද්‍රාට තේරුම් කර දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *