ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.මාලන් තමාගේ රෙදි ටික සොදා වේලමින් සිටිනවා.ඔහුගේ කාර් එක දැක මන්ත්‍රිතුමා එතැනට පැමිණෙනවා .ඒ එන විටද මාලන් ඇමතුමක සිටිනවා.ඉන්පසු මන්ත්‍රි හොරෙන් අසා සිටිනවා.එම ඇමතුනේ පසු මාලන් පොලිසිය වෙත ඇමතුමක් ගෙන කැලයේ නිධානයක් ඇති බවත් එය බිංදු සිරි නම් අයෙක් ගැනීමට හදන බවත් තමාගේ නම එස් කේ සිරිසේන බව පවසනවා.ඉන්පසු මාලන් එතැනින් පිටව යන විට මන්ත්‍රි ඔහුපසු පස හඹා ගොස් ඇමතුමක් ගත්තේ කාටද කියා විමසනවා.මාලන් නිධානය ගැන ඇහැ ගහගෙන සිටින බවත් ඔහුට උවමනා වන්නේ බිංදු සිරිව පන්නා ගැනීමට බවත් මන්ත්‍රි මාලන් හට පවසනවා.මේ අතර බිංදු සිරි තම තෙලිඡ්ඡවිලින් මැරයන් ගෙන්වා සරාගේ පොල්ලෙලි මැෂින් එකට ගිනි තැබීමට සුදානම් වනවා.මේ අතර සරා හා යහළුවන් පොල්ලෙලි ලෝඩ් එකක් දමා කඩයට පැමිණෙනවා.

මාලන් හමුවීමට නැවතත් මන්ත්‍රි පැමිණෙනවා.නිධානය මාලන් ගැනීමට යනවාද කියා විමසනවා.කිසිවක් නොපවසා මාලන් එතැනින් පිටව වීමට සුදානම් වනවා.රාත්‍රියේදි සරා හා කවඩියා මාස්ටර්ගේ නිවසට යනවා.එහිදි සරා හා කවඩියා බීමතින් පුහුණු වීම සිදු කරනවා.ඉන්පසු මාස්ටර් හට ඇත්ත පවසනවා.ඉන්පසු සරාව නැවත පිට කර යවනවා. මාලන් තනිව කාර් එකට වී නිදාගෙන සිටිනවා.පාරේ එන රසිකා එය දැක කාර් එක අසලට පැමිණෙනවා.ඇයගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන ලෙස මාලන් හට පවසනවා.මන්ත්‍රි බිංදුසිරි හා පිරිස සිටින තැනට පැමිණෙනවා.කොයි මොහොතක හෝ පොලිසිය ඔවුන් සිටින තැන වටලන බව පවසා පුළුවන් තරම් ඉක්මනින් එතැනින් පිටව යන ලෙස පවසනවා.කැලය අසලට බිංදු සිරිගේ වාහනය නවතා තිබෙන අයුරු දකින මාලන් කැලෑව තුලට යනවා.සරා හා යහළුවන් ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කිරීමට සුදානම් වනවා.සරා හා කවඩියා වෙත දිව එන එස් කේ සිරිසේන බිංදුසිරිගෙ මැරයන් ගමට පැමිණි බව පවසනවා.ඔවුන්ව වැරදි පාරකට යැවු බව සිරිසේන පවසනවා.නැවතත් සිරිසේන පාරේ එන විට ඔවුන් හට හමුවනවා.කෝප වන මැරයින් ඔහුට පහර දීමට යනවා.රාත්‍රියේදි සරාගේ මඩුවට ගිනි තැබීමට බිංදුසිරිගේ මැරයන් පැමිණෙනවා.ඔවුන්ගෙන් කීප දෙනෙක් සරා හා යහළුවන් අල්ලා ගන්නවා.එක් අයෙක් පැමිණ පොල්ලෙලි හට ගිනි තියනවා.එතැනට පැමිණෙන දියෝගබදු හා පිරිස එය නිවා දමනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *