සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. මේ වේලාවේ අගස්තිව මුණගැසෙන්නට පැමිණෙන ඔහුගේ පරණ මිතුරා ඔහු හදිසියේම ලංකාවට පැමිණි විගසම අගස්තිව හමුවන්නට එන්න කිවේ ඇයිද කියා විමසනවා. ඉන්පසු ඔහු ලංකාවේ සිටියේ නැතිවුවත් පහුගිය කාලේ සිදු වු දෙවල් ගැන ඔහු දන්නවා ඇති නේද කියාත් එ දේවල් නිසා ඔහුගේ ඔළුව අවුල් වී තිබෙන බවත් අගස්ති පවසද්දී , ඔහු සමාධි කියන්නේ කවුරුන්ද කියා හොඳටම දන්නවා නේද කියාත් ඒ කාලේ පංතියේ කොල්ලෝ ඒ කාලේ සමාධිව යාළු කරගන්නට උත්සහා කලද ඇය කැමති වුයේ අගස්තිට පමණක් බවත් ඔහු පවසනවා. ඒ වේලාවේ ඔහු කියනා දේවල් අසා සිටි අගස්ති නමුත් සුජි ඔහුට කියන්නේ වෙනම කතාවක් බවත් කියද්දී එ අසා කෙන්ති ගිය වසන්ත අගස්ති ගමෙන් ගිය පසු සුජි සමාධි පස්සෙන් සැහෙන්න කියා බවත් නමුත් සමාධි ඔහුට අකමැති වුන බවත් ඉන්පසු සුජි තරුපතිව සමාධිට අලලා දිගටම මඩ ගැසු බවත් ඔහු පවසනවා. මේ වේලාවේ ඔවුන් මීට කලින් ඔහු ඇත්ත කිවේ නැත්තේ ඇයිස අසමින් ඊෂා කියන්නේ කවුරුන්ද කියා අගස්ති විමසනවා. ඉන්පසු ඊෂා කියන්නේ අගස්තිගේම දුව බවත් ඔශු නැතිව සමාධි අවුරුදු ගණනක් සාමධි ඊෂාව හදාගත් බවත් කියමින් සිදු වු සියළු දේ ගැන අගස්තිට වසන්ත පැහැදිලි කර දෙනවා. එසේ කියද්දීත් අගස්ති ඔහු කියනා දේ ඒ හැටි විශ්වාස නොකර සිටි නිසා ඔහුට ඔවුන් කියනා දේ විශ්වාස නැතිනම් ඩීඒන් පරීක්ෂණයක් කර එය ඔප්පු කර ගත හැකි බව වසන්ත පවසනවා.

මේ වේලාවේ ඊෂා සමඟින් තරඟයේ වැඩකටයුතු සඳහා ඊෂා සමඟින් කොළඹ ආ සමාධිව දකින් වින්ඩි ඇය ළඟට පැමිණ ඊෂාගේ පස්සෙන්ම සමාධිට එන්න වෙලා නේද කියා අමුතුවට අසමින් තව කොච්චර කල් නම් එසේ ඇය පස්සෙන් යන්නද කියාත් එසේ පස්සෙන් ඇවිත් ඊෂාගේ මොනවා පරිසස්ම් කරන්නද කියාත් වින්ඩි අසනවා. එත් එක්කම ගම්වලින් කොළඹට පැමිණෙන දුප්පත් ළමයින් ඉක්මනින්ම වෙනස් වෙන බවත් වින්ඩි පවසනවා. මේ වේලාවේ වින්ඩි ඕනෑ වුයේ ඊෂාගේ සහ විශාල් අතර කුමක් හෝ සම්බන්ධයක් තිබෙන බව ඇයට හඟවන්නටයි. ඉන්පසු ඇය කියනවා සියළු දේ අසා සිටින සමාදධි වින්ඩිට ඊෂා එසේ වෙනස් වන කෙනෙක් නොවන බව පවසනවාත් සමඟම ඇය ඒ හිතන විදිය බවත් ගමේ සිටි පැමිණෙන ගැහැණු ළමයි කොළඹ සිටින සල්ලිකාර කොල්ලන්ව අල්ලා ගන්නා බවත් ඊෂාටත් දැනටමත් එසේ වෙලාද දන්නෙත් නැහැ කියා වින්ඩි පවසා සිටිනවා.ඉන්පසු ඇය කියනා ඒ හැමදේම ඉවසා සිටි සමාධි , ගම්වලින් පැමිණ ජනප්‍රිය අයගේ කරේ එල්ලී ගොඩයන්නට උත්සහා කරන අය ගැනත් ඇය දන්නවා බවත් එහෙයින් ඊෂා ගැන ඇයට දුක් වන්නට එපා කියාත් ඇය ඇගේ දුව ගැන බලාගන්නම් කියාතක් සමාධි සිනාසෙමින් පවසා සිටිනවා. එත් එක්කම කුවුරුන් හෝ කෙනෙකු බය වී ඉන්නවා නම් ඊෂා නිසා තමන්ගේ තැන නැතිවෙයි කියා එකට කරන්න දෙයක් නැති බවත් ඔවුන්ට කාත් සමඟවත් තරඟයක් නැති බවත් ඒ නිසා ඊෂා දිගටම සිංදු කියනා බවත් සමාධි පවසා සිටිනවා.

මේ වේලාවේ එළියට කෑම ගන්නට ආ අවස්ථාවේ එතැන සිටි පත්තරකාරයාව දකින අගස්ති ඔහු ළඟට පැමිණ , මිනිසුන්ට ගින්දර දී කන බොන දේවල් දිරවනවාද අසමින් ඔහුට බැන වදිද්දී අගස්ති කලබල වී ඇත්තේ ඇයිද කියා එම පත්තරකරු විමසමින් ඔහු මාධ්‍යවේදීයකු කියන බව අමතක කරන්නට එපා කියා අගස්තිගෙන් ඉල්ලා සිටිනවා. එත් එක්කම ඔවුන් ඔය තැන සිටින්නේ ඔවුන් නිසා බවත් ඔහුට මිඩියා එකේ සිටින අයට තර්ජනය කරන්නට බැරි බවත් ඔහු පවසා සිටිනවා. ඉන්පසු ඔහු සමඟින් කෙන්ති ගිය අගස්ති මිනිස්සුනට ගින්දර දී කන එක දිරවන්නේ නැති බවත් පවසනවාත් සමඟම ඔහු එය බලාගන්නම් කියාත් ඔහුට ගොස් ගෑනු ටික බලා ගන්න කියාත් පවසමින් විශේෂයෙන් ඊෂා ගන බලන්න කියා පවසනවා. මේ වේලාවේ ඔහු කියු දේ ඉවසාගත නොහැකි වු අගස්ති ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගනිමින් ඔහුට මොනවා කීවත් කමක් නැති බවත් නමුත් ඒ අහිංසක ළමයාට පඩුවේ ඉන්නට ඉඩ දෙන්නත් කියාත් පවසද්දී ඔහුව අත හරින්න කියාත් ඊෂා ගැන කියද්දී ඔහුට මෙතරම් කෙන්ති යන්නේ ඇයිද දන්නේ නැ කියාත් පවසා සිටිනවා. ඉන්පසු අගස්ති එතැනින් යනවාත් සමඟම ඔහුට කතා කරන පත්තරකරු , ඔහු පසුගිිය දිනක වින්ඩිව මුණගැසුණු අවස්ථාවේ කියන්නට ඕනෑ සියළු දේ කියු බවත් ඇය හමු වී ඒ කිවේ මොනවාද කියා දැනගන්න කියාත් කෑසමින් පවසා සිටිනවා.

කලබලයෙන් කාමරයේ ඇවිදිමින් සිටින වින්ඩි අසළට පැමිණෙන මනීෂා, ඇය තරහින් ඉන්නේ ඇයිද කියා විමසනවා. ඒ වේලාවේ ඇයට ඊෂාගේ අම්මාව චැනල් එකෙදී මුණගැසුණ බවත් ඇය සමාධිට ඊෂාව පරිස්සම් කරගන්න කියු බවත් එය කියනවාත් සමඟම සමාධි ඇගේ ඇඟට කඩා පැන ලොකු කතාගොඩක් කියු බවත් ඇය කිවේ රයිසින් ස්ටාර්ස් ඉවර වුණු පසු ඊෂාව ඇයට පරිස්සම් කරගන්න කියා බවත් ඇය එසේ කිවේ ඊෂා විශාල් සමඟින් නිතරම රවුම් ගසනවා දැක තිබුණු නිසා බවත් පවසද්දී ඇය එසේ ඇත්තටම කිවේ ඊෂා ගැන හිතාද නැතිනම් ඉස්සරහාට ඊෂාව ඇයට අභියෝගයක් වෙයි කියා සිතාද කියා මනීෂා සිනාසෙමින් අසා සිටිනවා. මේ වේලාවේ ඊෂා කියන්නේ ඇයට අභියෝගයක් නොවන බවත් ඇය නැතිනම් ඊෂාට මෙතරම් දුරක් එන්නට ලැබෙන්නේ නැති බවත් වින්ඩි පවසා සිටිනවා.ඉන්පසු මනීෂා එය අමතක කර දමන්න කියමින් අගස්ති ගැන පත්තරයේ තිබු කතාව කුමක්ද කියා වින්ඩිගෙන් විමසනවා. ඒ වේලාවේ එය එතරම් ගනන් ගන්නට ඕන දෙයක් නොවන බවත් පත්තරකාරයනි හිතට එන දේවල් ලියනා බවත් පවසද්දී එ ගැන කල්පනා කරන මනීෂා ඒ කෙසේ වුවත් ඇය ඒ ගැන පොඩ්ඩක් සොයා බලන එක හොඳ බව මනීෂා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *