රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වනවා.ජේරාජ් සත්‍යා සමඟ බොට්ටු බත් රැගෙන යාමට ලෙල්ලමට පැමිණෙනවා .එම අවස්ථාවේ සත්‍යාව එළයට යවා ජේරාජ් හා තාත්තා කතා කරන්නේ කුමක්දැයි ඇය අහනවා.නීතීනඥ රෙජිනෝල් වීරවර්ණගේ නඩුවට කතා කරන බව දසනායක ඇමතිතුමා සමඟ මෙරිල් ඇමති කතා කරමින් සිටිනවා.ඉන්පසු රෙජිනෝල් හට ඇමතුමක් ගන්නා මෙරිල් ඇමතිතුමා වීරවර්ණව තවත් මාසයක් හෝ දෙකක් සිරගෙදර තබන ලෙස පවසනවා.ඉන්පසු කෝප වන රෙජිනෝල් සේවාදායකයන් හට පෙනීසිටීමට නොසිටින ලෙස ඔහුට බල කිරීමට නොහැකි බව පවසනවා.මේ අතර සත්‍යා හට යෙනුකි කතා කර තමා සන්තුෂ්ගේ පියා කල වැරදි දන්නා බවත් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දීමට ඇයට හැකි බවත් පවසනවා.මේඅතර සත්‍යා සීයාවද කැටුව නැවත නිවසට යාමට වැඩිහිටි නිවාසටය පැමිණෙනවා.මේ අතර මෙරිල් ඇමතිතුමා ගේ ළඟ වැඩ කරන රයිනි ඔහුගේ නිවසට පැමිණ ෆයිල් එකක් උවමනා බව පවසනවා.ඉන්පසු එහිදි මෙරිල් ඇමතිතුමාගේ බිරිඳ ඇයගෙන් විස්තර විමසනවා.පසුදින සත්‍යා බැලීමට ශිවා නිවස අසලට පැමිණෙනවා.මෙරිල් ඇමතිතුමා නිවසට පැමිණ විට ඔහුගේ බිරිඳ රයිනි පිළබඳව විමසනවා.මේ අතර සන්තුෂ් යෙනුකි හට කතා කර කෙසේ හෝ තමාට උවමනා දේ ගන්නා බව පවසනවා.මේ අතර මෙරිල් ඇමතිතුමා වෙත සැම්සන් පැමිණෙනවා. කෝප වන මෙරිල් ඇමතිතුමා ඔහුට බැන එලවා ගැනීමට හදනවා.තමා ඔවුන් හට උදව් කිරීමට පැමිණි බව පවසනවා.සත්‍යා හමුවීමට තෝමස් පැමිණෙනවා.තමාහට රැකියාව නැති වු බව පවසනවා.නැවත සත්‍යා බසයේ පැමිණෙන්නේ නැති බව ජුඩ් තෝමස් හට පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *