සතියේ දින වල රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සත්‍යාව මැරයන්ගෙන් බේරාගැනීමට සතුටු සිති ශිවා හා බාබු මත්පැන් පානය කර සිටිනවා.ශිවා හට ඇමතුමක් ගන්නා සත්‍යා ඇයව බේරාගත්තේ කෙසේද කියා සියලු දෙනා සෙවීමට පටන් ගන්නා බවත් සියලු දෙනා එකම බොරුව කිව යුතු බව පවසනවා.පසුදින සත්‍යා පල්ලියට යනවා.ජේරාජ් හා ජුඩ්ද ඇය සමඟයනවා.මේ අතර ඔවුන් දෙදෙනා සත්‍යාව පල්ලියේ දමා ශිවා හා බාබු මුණ ගැසීමට යනවා.මේ අතර බාබුගේ පියා හට ඇමතුමක් ගන්න මැරයන් ඔවුන් සමඟ බාබු රණ්ඩු වූ බව පවසා ඔවුන් නැවත බාබු හට පහර දෙන බව පවසනවා.කෝප වන බාබුගෙ පියා බාබු හට බැන වදිනවා.ජේරාජ් හා ජූඩ් ශිවා සොයා පැමිණෙනවා.ශිවා හට සල්ලි දීමට සැරසුනද ශිවා එය ගැනීමට අකමැති වනවා.යෙනුකි හා යහළුවන් සත්‍යා හට ඇමතුමක් ගෙන කැම්පස් නොපැමිණියේ ඇයි දැයි කියා විමසනවා.ඉන්පසු කෝප වන සත්‍යා ඔවුන් හට බැන වදිනවා.සත්‍යා වෙත යන මේරි ඇගේ ඇඳුම ඉරී ඇති බවත් මඩද තිබු බවත් පවසනවා.තමාගේ දේවල් හොයාන්නේ නැතිව සිටින්න කියා ඇයට බැන එතැනින් පිටව යනවා.සන්තුෂ් යෙනුකි සමඟ හෝටලයකට යනවා.ඔවුන්ගේ විවාහය ගැනීම සඳහා එය බැලීමට යන බව පවසා යෙනුකිව එතැනට එක්කගෙන යනවා.ජේරාජ්ගෙන් සත්‍යා ඔවුන් ශිවා හට සල්ලි දීමට ගියාද කියා විමසනවා.නැවත ආයිත් ශිවාව හමු නොවන ලෙස පවසනවා.මේ අතර යෙනුකි හට කරදර කිරීමට සන්තුෂ් හදනවා.ඉන්පසු යෙනුකි ඉක්මනින් එතැනින් පැන දුවනවා.පාරට දිව එන යෙනුකි ත්‍රීවිල් එකක නැග සත්‍යාගේ නිවසට යනවා.ඉන්පසු සත්‍යා හට කිසිවක් නොකියා යෙනුකි සත්‍යාව වැළඳගනිමින් හඩාවැටෙනවා.පසුව යෙනුකි සත්‍යා හට සිදු වූදේ පවසනවා.රාත්‍රියේදි යෙනුකි සත්‍යාගේ නිවසේ නවතිනවා.ශිවා හමුවීමට පැමිණෙන කැතරින් හට කිසියම් කෙනෙක් ඔවුන් ඇසුවොත් ශිවා යනු ඔහුගේ පෙම්වතා බව පවසන ලෙස පවසනවා.ඉන්පසු කැතරින් හට එය අසා කලන්තය දමනවා.මේ අතර සත්‍යා වීරවර්ණගේ නඩුව කතා කරන නීතිඥයා වෙත යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *