සතියේ දින වල රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.නසිරා දේශිත හමුවීමට යනවා.ඇය යන මගට පැමිණෙන දේශිත ඇය යන්නේ කොහේද කියා විමසනවා.තමා යන්නේ තමාගේ ලෝකය සොයාගෙන පවසා දෙදෙනාම වැළඳගන්නවා.මේ අතර රන්දුලි හා එෂාන් හමුවීමට යනවා.උවිඳු හට වෙඩි තැබුවේ එෂාන්ගේ පියා බව පවසමින් රන්දුලි බැන වදිනවා.නමුත් එෂාන් එය පිළිනොගෙන රන්දුලි සමඟ රණ්ඩු වනවා.ආරණ්‍යාගේ පියා හා මහෙන්ද්‍ර ඉරෝෂ් ගැන කතා කරමින් සිටිනවා.ආරණ්‍යාගේ මව දැන ඉරෝෂ් හට කැමති බව පවසනවා.මේ අතර මේඝා උවිඳු තමාගෙන් වෙන්ව ඇති අයුරු කල්පනා කරමින් තමා ලොකු වරදක් කල බව ආරණ්‍යා සමඟ පවසනවා.ආරණ්‍යාගේ බල කිරීමට මේඝා උවිදු හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු ආරණ්‍යා ඇමතුම ගෙන උවිඳුව ඔවුන් හට අපහසුතාවයට පත්කිරීමට උවමනා නැති බවත් මේඝා කියන්නේත් සිටිය දේවානි බව පවසනවා.හෙට උදෑසන ඔහුව බැලීමට එන ලෙස පවසා දේවානි දුරකථනය විසන්ධි කරනවා.උවිඳුගේ අම්මා හා නංගි උවිඳු බැලීමට රොහලට යාමට බස් හෝල්ට් එකට වී සිටිනවා.ඉන්පසු ඔවුන්ව දැක මේඝා එතැනට පැමිණෙනවා.තමා උවිඳුව බැලීමට යන බවත් පවසා ඔවුන් දෙදෙනාට තමා සමඟ එන ලෙස ඇය පවසනවා.

දේවානි හට මැඩම් කියා කතා කොකරන ලෙස පවසනවා.ආරණ්‍යා ඉරෝෂ්ව තාත්තා මුණ ගැසීමට එක්කගෙන යනවා.ඔවුන්ගේ සම්බන්ධයට ඔවුන් අකමැති නැති බව පවසනවා.මේ අතර එෂාන් හසන්තගෙන් උවිඳු හට වෙඩි තැබුවේ ඔහුද කියා විමසනවා.මේඝා හා උවිඳුගේ නිවසේ සියලු දෙනා ඔහු බැලීමට පැමිණෙනවා.එහිදි උවිඳුගේ අම්මා ඔවුන්ගේ පවුල් ගැලපෙන්නෙ නැති බව පවසනවා.ආරණ්‍යා හට වෙඩි තැබීමට හසන්ත තවත් අයෙක් සමඟ රැකගෙන සිටිනවා.නමුත් එතැනට පැමිණෙන ඉරෝෂ්ගේ කාර් එකට ආරණ්‍යා නගිනවා.එෂාන්ගේ නිවසට රන්දුලි පැමිණෙනවා.කෝපයෙන් රන්දුලි ශ්‍රීමති හට බැන වදිනවා.එතැනට පැමිණෙන හසන්තගෙන් උවිඳු හට මේ අපරාධය කලේ ඔහුදැයි කියා විමසනවා.රාත්‍රියේදි එෂාන් වෙත පැමිණෙන ශ්‍රීමති එෂාන් හට උවිඳුට වෙඩි තැබුවේ හසන්ත බව පවසනවා.උවිඳු රෝහලෙන් පැන රේස් එකට ගිය බව මහේන්ද්‍ර පැමිණ මේඝා හට පවසනවා.මේ අතර හසන්ත ආරණ්‍යාව මැරීමට සුදානම් වනවා.තමා අතින් කිරීමට යන වැරැද්ද ගැන හසන්ත කල්පනා කරමින් සිටිනවා.මේ අතර මේඝාගේ අම්මා මහේන්ද්‍ර හට කතා කර තමා ලංකාවට එන බව පවසනවා.සුසිල් හමුවීමට ෂෙරිල් පැමිණෙනවා.උවිඳු රේස් එකට ගිය බව පවසනවා.මේ අතර නිත්‍යා ලෙස පෙනි සිටි සමාධි සුසිල්ව අත්අඩංගුවට ගැනීමට පැමිණෙනවා.සුසිල් හට ඇමතුමක් ගන්නා දේශිතට ඔහු තවත් අයෙක් හට අනතුරක් වීමට ඇති බව පවසනවා.ඉන්පසු දේශිත එය සියලු දෙනාට පවසනවා.උවිඳු තරඟය ජයග්‍රහණය කරනවා.දේශිත උවිදු හට ද ඇමතුමක් ගෙන අනතුරක් ඇති බව පවසනවා.මේඅතර ආරණ්‍යා පාරේ එන විට ඇය ඉදිරියට හසන්ත පැමිණෙනවා.ඉන්පසු ඇයට වෙඩි තැබීමට හසන්ත සුදානම් වනවා.එතැනට පැමිණෙන ඉරෝෂ් එය නවත්වන ලෙස කෑ ගසනවා.ඉන්පසු හසන්ත තමාටම වෙඩි තියාගන්නවා.උවිඳු හට තරඟය ජයග්‍රහණය කල පසු කෝටි පහ ලැබෙනවා.උවිඳු වෙත පැමිණෙන රාදික ඔහුට සභ පතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *