සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය පසුගිය දින වල සිදුව ඇතිදේ මෙසේයි.සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට සියත නාලිකාවේ මෙය විකාශය වෙයි.අතුරුදන්ව සිටි මේඝා සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබෙයි .ඉන්පසු නැවතත් මේඝා තම නිවසට පැමිණෙයි.නිවසට පැමිණෙන මේඝා උවිඳු හට කතා කරනවා.ඇයට සිදුව ඇතිදේ කුමක්දැයි උවිඳු මේඝාගෙන් විමසනවා.හසන්ත හිරෙන් නිදහස් වී නිවසට පැමිණෙනවා.පසුදින සවස දේවානි උවිඳු හමුවීමට පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම සිදු වූ දේ පවසනවා.උවිඳුව වැළඳගනිමින් දේවානි හඬාවැටෙනවා.එය බලා සිටින ගිම්හානි මිස් එදෙස බලා තමාගේ ආදරය නැතිවීම ගැන දුක් වෙනවා.මේ අතර මේඝාගිම්හානි සමඟ උවිඳු හමුවීමට ගිය බව ආරණ්‍යාගේ මව ඇයගෙන් විමසනවා.රාත්‍රියේදි සුසිල් මේඝා හට උවිඳු සමඟ ඇති සම්බන්ධය නතර කරන ලෙස කියනවා.උවිඳු හා ඇයට ඕනතරම් කල් බලා සිටීමට පුළුවන් බවත් උවිඳු හොඳ කෙනෙක් බව පවසනවා.එතැනට පැමිණෙන ආරණ්‍යා සිදු වූ දේ පවසනවා.පසුදින දේවානි ද රැගෙන උවිඳු ඔෆිස් එකට යනවා.

තමා සමඟ උවිඳු සිටින්නේ කේන්තියෙන්ද කියා දේවානි විමසනවා.කිසිම දිනක ඔහුගේ හැඟීම් එකක් සෙල්ලම් නොකරන බව පවසනවා.අද දින කෙසේ හෝ දේවානි හට ඇයගේ නිවස තිබෙන තැන පෙන්වන ලෙස පවසනවා.ආරණ්‍යා ඉරෝෂ් හමුවීමට යනවා.තමාට ඉක්මනින් ආරණ්‍යාගේ නිවසට පැමිණ ඔවුන් ගැන කතා කිරීමට උවමනා බව පවසනවා.පසුදින සුසිල් දේවානි හා ගිම්හානි හට තමා හමුවීමට පැමිණෙන ලෙස පවසා දෙදෙනාම එතැනට එනවා.ඉන්පසු කෝප වන දේවානි සුසිල් හට බැන එතැනින් පිටව යනවා.සුසිල් හා හසන්ත ශෙරිල්ව සැක කරනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා දේශිත හට වෙඩි තැබීමට සිටින ලෙස පවසා බොරු කියනවා.උවිඳු හා පිරිස කතා කරමින් සිටින තැනට පැමිණෙන අයෙක් රේස් එක නැවත තියෙන බව පවසනවා.එය අසා සිටින උවිඳු හා යහළුවන් සතුටු වනවා.රාත්‍රියේදි නිවසට පැමිණෙන හසන්ත හට ඉරෝෂ් බැන වදිනවා.සුසිල් හට උවමනා වන්නේ ඔෆිස් එකේ සියලු දෙනා හට දේවානි මේඝා බව හැඟවීමටය.සුසිල් හමුවීමට පැමිණෙන හසන්ත ෂෙරිල්ව සැකකිරීමට නොහැකි බව පවසනවා.මේ අතර ඔෆිස් ඉවර වී දේවානි සමඟ උවිඳු ගෙදර යනවා.ඉන්පසු දේවානි හට යාමට හැර උවිඳු ඇය පසුපස යනවා.දේවානි හට ඇමතුමක් ගන්නා ආරණ්‍යා ඇයට උවිදුගේ කාර් එක තිබෙන තැන පවසනවා.ඉන්පසු දේවානි එතැන ඇති නිවසට යනවා.එය දේවානිගේ නිවස ලෙස සිතා උවිඳු එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *