සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ එළියට වී සතුටින් සිනාසෙමින් කුමක් හෝ යමක් ගැන සිතමින් සිටින කුරුළු ළඟට පැමිණෙන රේෂ්මා, ඇය එසේ සතුටින් ඉන්නවා දැක පහුගිය දින කිහිපයේම දුකින් සිටි ඇය මෙලෙස ඉක්මනින් සිනා සී සිටින්න හේතුවක් තිබෙන්නට ඕන කියාත් එම හේතුව කුමක්ද කියාත් කුරුළුගෙන් විමසනවා.නමුත් ඒ වේලාවේ දිගින් දිගටම ඇය ඊට හේතුව නොකියා එය ගනන් නොගෙන සිටිද්දී ඇය ගැන සැක සිතුන රේෂ්මා,ඇය නායා සිටින්නේ කොහේද කියා දන්නවා නේද කියා විමසමින් නායා ඇයව සොයා පැමිණියාද නේද කියා අසනවා.එ වේලාවේත් කිසිවක් කුරුළු නොකියා සිටිද්දී සියළුදෙනා නායාව සොයානා බවත් නායා අගි අතක නැතිව සිටියදී ඇය මෙලෙස සිනාසී ඉන්නේ කෙසේද කියාත් අසද්දී ඇයට කැමති දෙයක් හිතන්නට උපරිම නිදහස තිබෙන බව කියමින් එය මඟහරින්නට කුරුළු උත්සහා කරද්දී කුරුළු ඇගේ සියළු දේවල් ගැන දන්න බවත් නායා එතැනින් පැනලා එන බව කුරුළු දැන සිටි බවත් රේෂ්මා පවසනවා.ඉන්පසු ඇයට ඇත්ත කියන්න කියමින් නායා ඔවුන්ගේ නිවසේ ඉන්නවාද කියා විමසද්දී පොලිසිය පැමිණ මුළු නිවසම පරීක්ෂා කල බවත් එසේ සිටියා නම් අහුවෙන්නට එපැයි කියාත් කුරුළු පවසමින් ඇය හිත හදාගත් බවත් නොකා නොබී සිටියා කියා වැඩක් නැති බවත් ඇය පවසනවා. නමුත් කුරුළු කියු කිසිදෙයක් රේෂ්මා විශ්වාස කරේ නැහැ.

ඔය අතරේ පූජාට දුරකථන ඇමතුමක් ලබා ගන්නා බනුර,ඇයගෙන් ඇමතමක් නැති නිසා ඔහු මෙලෙස ඇයට ඇමතුමක් ලබා ගත් බවත් ,පසුදින ඇය සමඟින් ඔහු කතා කල විදියට අවුල් වුනාද කියාත් ඔහු විමසද්දී ඇය ඔහු සමඟින් අවුල් ගන්නේ කුමකටද කියා අසද්දී එකපාර මිනිස්සුන්ව විශ්වාස කිරීමට අපහසු බව කියද්දී ඔහු ඇයව පොලිසියේ කියා සැක සිතුවේ ඇයිද කියා අසනවා.ඒ වේලාවේ දවස් කිහිපයක්ම ඇය එලෙස ඔහු පසුපස ආ නිසා ඔහුට එසේ සිතුන බව බනුර පවසනවා. එත් එක්කම පූජාගේ වැඩේ ගැන කතා කරන්නට ඔවුන් කවදාටද මුණගැසෙන්නේ කියාත් ඇගෙන් විමසනවා.ඔහු හැකිනම් දැන් වුනත් ඇයට එ ගැන කතා කරන්නට ඒමට හැකි බව පූජා පවසනවා. ඉන්පසු ඔහු එදින එන්නම් කියා පැමිණ වැඩේ කතා කර ඉන්පසු ඔහුට එය කරනන්ට පුළුවන්ද බැරිද කියා තීරණය කරන්නම් කියාත් බනුර පවසා සිටිනවා. ඉන්පසු ඇය එසේ නම් ලිපිනය ඔහුට එවන්නම් කියා පුජා පවසමින් ඔහුට බයවෙන්නට එපා කියාත් ඇය කරන්න කියන දේ ඔහුට අමාරු වැඩක් නොවන බවත් පවසා සිටිනවා. ඔය අතරේ ජනනාදට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලොයිඩ්, මෙත්මාගේ හැසිරීම ඉතාමත් නරක බවත් මෙත්මා ඔෆිස් පැමිණි දින පටන් හැමදාම රණ්ඩු කරගෙන බවත් ඇය එලෙස හැසිරෙන්නේ ඇයිද කියාත් විමසනවා.ඒ අවස්ථාවේ ඔහුගේ කතාව අසා කෙන්ති ගිය ජනනාද මේ වෙද්දී මුළු ඔෆිස් එකම විශාකාගේ බූදලයක් බවට පත් වී තිබෙන බවත් පවසමින් මෙත්මාට මාලන්ට සිදු වු දේ පිළිබඳ සාධාරණ වේදනාවක් තිබෙන බවත් පවසනවා.ඒ වේලාවේ ඔවුන්ටත් මාලන් ගැන කණගාටුවක් තිබෙන බවත් නමුත් ඒවාට ඔවුන් පළි නැති බවත් ලොයිඩ් පවසනවා.ඉන්පසු ජනනාද, මෙත්මාට මාලන්ව කවුරුන් හෝ කෙනෙකු උඟුලකට පැටලෙව්වා කියා සැකයක් තිබෙන බවත් ඔහු පවසා සිටිනවා.

මේ වේලාවේ පුජා බනුරට පැමිණෙන්න කියමින් ඔහුට කරන්නට තිබෙන සියළු ගැන විස්තර කියමින් ඔහු කළ යුත්තේ කුරුළුගේ මැරුණු තාත්තා වන මලින්ද මෙන් රඟපෑම බවත් එම රඟපෑම කුරුළුගේ නිවසේ සිටින සියළුදෙනා ඇත්තක් කියා පිළිගත යුතු විශ්වාස කරන අයුරින් සිදු කල යුතු බවත් පවසනවා. ඉන්පසු ඔහුගේ තීරණය පිළිබඳ නැවත ඔහුව හමුවී අසන පූජාට ඔහු ඇය කියු දේ ගැන සිතා තීරණයක් ගත් බව පවසා සිටිනවා. ඉන්පසු ඔහු වැඩේ කරන්නට කැමති බවත් නමුත් ඔහුගේ පැත්තෙන් එයට කොන්දේසි කිහිපයක් තිබෙන බවත් කියමින් ඇයට මේ වැඩේට ඔහුවම ඕන බව ඔහු දන්නා බවත් ඔහු නැතිව ඇයට එම වැඩේ ගොඩදාගන්නට බැරි බවත් බනුර පවසනවාත් සමඟම ඔහු කියු දේ ඇත්ත බවත් ඇය ඔහුවම මේ වැඩේට තෝරාගත්තේ ඔහුගේ පෙනුම නිසා බවත් පූජා පවසමින් ඔහු ඇය කියනා විදියට වැඩ කළහොත් ලොකු ගානක් ගන්නට හැකි බවත් පූජා පවසා සිටිනවා. ඉන්පසු ඔහු පූජාට වැඩේ කරන්නට කලින් මුදලෙන් බාගයක් අවශ්‍ය බව පවසනවා. ඉන්පසු ඇයට එය කල නොහැකි බව පවසද්දී ඔහු වැඩේ බාර ගන්නවා නම් බාර ගන්නේ ඔහුගේ අතට මුදල් ලැබුණු පසුව බව බනුර පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *