සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ යළි වතාවක් මලින්දගේ රුව ඇති පුද්ගලයා දැක බය වී කලබලයෙන් ඔහු පසුපස යනවා. ඉන්පසු ඇය එලෙස පසුපස ගොස් ඔහුට කතා කරමින් මලින්ද කියා කතා කරනවාත් සමඟම මලින්ද කියන්නේ කවුද අසමින් ඇයට කුමක්ද විය යුත්තේ කියා සැරෙන් වාගේ අසද්දී ඇයට ඔහු සමඟින් කතා කිරීමට අවශ්‍ය බව පවසනවා. ඉන්පසු ඇය එය කියනවාත් සමඟම ඇයව මඟහැර යන ඔහු පසුපස යළිත් පූජා පන්නමින් දිගින් දිගටම යනවාත් සමඟම එම පුද්ගලයා බැරිම තැන නැවතී ඇය ඔහුගේ පස්සෙන් මෙලෙස එන්නේ ඇයිද අසමින් ඔහු දවස් කිහිපයක්ම ඇය මෙලෙස ඔහු පසුපස එනවා දුටු බවත් කියමින් ඇගේ බෙල්ල තාප්පයකට තද කරමින් ඇය පොලිසියෙන්ද කියා විමසනවා. ඒ වේලාවේ පූජා ඔහුට ඇය කවුද කියා පැහැදිලි කර දෙමින් ඇයට ඔහු සමඟින් කතා කරනන්ට යමක් තිබෙන බව පවසනවා. ඒ අවස්ථාවේ ඇගේ දුරකථනයේ තිබු මලින්දගේ පින්තුරයක් පෙන්වමින් ඇය ඔහු පසු පස ආවේ එම හේතුව නිසා බව එම පුල්ගලයා සමඟින් පවසනවා. ඒ වේලාවේ එය දැක සිනාසෙන ඔහු ඒ සිටින්නෙ ඔහු නොවන බව පජාට පවසනවාත් සමඟම මලින්ද ගැන විස්තර බානුර සමඟින් පවසමින් ඇයට ඔහුගෙන් උදව්වක් අවශ්‍ය බව පවසනවා. එත් එකක්ම ඔහු එම උදව්ව කරනවාට ඇය ලොකු මුදලක් ඔහුට ගෙනවන බවටත් පොරොන්දු වෙමින් ඔහුට කරන්නට තිබෙන දේ පිළිබඳ වචනයෙන් දෙකෙන් කියන්න බැරි හෙයින් ඇය එය ඉන්පසු කියන්නම් කියා පවසමින් ඇය අත තිබු මුදල් ඔහු වෙත දිගු කරමින් ඔහුගේ දුරකථන අංකය පූජා ලබා ගන්නවා.

ලොයිඩ් ළඟට පැමිණෙන වාසනා, ඇයට ඔහු සමඟින් කතා කරන්නට අවශ්‍ය බව කියමින් ඇය එලෙස කතා කරන්නේ ඇයත් ඔවුන්ගේ ගෙදරම කෙනෙක් යැයි සිතා බව ඇය පවසමින් ඔවුන්ට ලොකු කරදරයක් වීමට ඉඩ තිබෙනවා කියා ඇයගේ හිතට දැනෙන බවත් , අභිමන්ට කුරුළු සමඟින් තිබෙන්නා වු ප්‍රශ්නය විසඳා ගන්න කියා පවසන්න කියාත් පවසද්දී ඔවුන් කුරුළුව පැත්තකට දමා නැති බවත් කියද්දී අනවශ්‍ය ප්‍රශ්න ඔවුන් අතරේ ඇති කරන්නෙ පූජා බවත් ඇයට මුල ඉඳන්ම අවශ්‍ය වුයේ අභිමන්ගෙන් කුරුළු අයින් කරන්න බවත් වාසනා පවසනවාත් සමඟම එතැනට අහම්බයෙන් පැමිණෙන විශාකා වාසනාගේ කතාවට එක් වෙමින් එම ප්‍රශ්නයට කිසිසෙත් පූජාගේ සම්බන්ධයක් නැති බව පවසද්දී , කුරුළු ඔවුන්ගේ ගෙදරට විවාහ වි අවහොත් අභිමනුත් ආරක්ෂා වන බවත් මේ සිදුවන දේවල් දුටු විට ඇගේ සිතේ බයක් ඇති වන බවත් වාසනා පවසා සිටිනවා. ඒ වේලාවේ ඔවුන් කුරුළුත් සමඟින් කතා කර ප්‍රශ්නය විසඳගන්නට උත්සහා කරන්නම් කියා ලොයිඩ් පවසා සිටිනවා.ඉන්පසු වාසනා එතැනින් යනවාත් එක්ක විශාකා සමඟ කතා කරන ලොයිඩ් වාසනා කියනා දේ තුළත් ඇත්තක් තිබෙන බව කියද්දී ඒ ගැන කල්පනා කරන විශාකාත් තව එක් වතාවක් ඒ පිළිබඳ සුභද්‍රා සමඟින් කතා කර බලමු කියා පවසා සිටිනවා.

ඔය අතරේ ජනනාද ළඟට පැමිණෙන මෙත්මා,මාලන් මෙච්චර කාලයකට ඔහුගෙන් අවසර නැතිව කිසිදෙයක් කර තිබුනාද කියා විමසමින් ඔවුන්ට ඔහුව සැක කරන්නට කලින් සිදුවුයේ කුමක්ද යන්න සොයා බලන්නට තිබුණු බව මෙත්මා පවසනවා. ඒ වේලාවේ ඔවුන් මේ කිසිදෙයක් ගැන දැන සිටියේ නැති බවත් අජිත්ගේ දුරකථනය පොලිසියට අහුවුන පසුවයි ඔවුන් මේ සියළු දේ දැනගත්තේ කියා ජනනාද පවසද්දී මේ සියළුදේ කලේ අභිමන් බව පවසද්දී එතරම් දෙයක් අභිමන්ට කරන්නට බැරි බව ජනනාද පවසද්දී අභිමන් මාලන්ට බිම දාගෙන ගහලා තිබුණු බවත් ඒ අවස්ථාවේ ඔවුන් ඒ ගැන සොයා බැලුවාද කියාත් අසමින් ඔහු හැම අවස්ථාවෙකම අභිමන්ගේ පැත්ත ගන්නේ ඇයිද කියා විමසා සිටිනවා. මේ වේලාවේ පූජාට අවශ්‍ය වන්නේ ඔවුන් සියළුදෙනාවම කම්පැනියෙන් අයින් කර කම්පැනිය තනි අයිතියට ගන්නට බව පවසනවාත් සමඟම එය ඇසුණු පූජා මෙත්මා ළඟට පැමිණ ඇය ඒ කිවේ මොනවාද කියා අසද්දී ඇය වැරදි නැති බව ඔප්පු කරන්නට නම් මාලන්ව ඇය ලංකාවට ගෙන්විය යුතු බව මෙත්මා පවසා සිටිනවා. ඇය එසේ පවසද්දී පූජාට එය කළ නොහැකි බවත් ඔහු එනවා නම් ඔහු පොලිසියට ගොස් බාරවිය යුතු බවත් ජනනාද පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *