සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..මේ වේලාවේ කුරුළුගේ නිවසේ නාගයෙක් සිටිනා බව දැනගත් වනජීවි දේපාර්තමේන්තවේ නිළධාරීන් ඇගේ නිවසට පැමිණ නාගයාව රැගෙන යනවා. ඉතිං ඒ වේලාවේ නාගයාව රැගෙන ගිය හෙයින් දුකට පත්ව සිටින කුරුළු ළඟට පැමිණෙන රේෂ්මා, ඇයට කන්නට එන්න කියා අඩගසමින් ඇය නොකා සිටින හෙයින් සුභද්‍රාත් නොකා සිටින බව රේෂ්මා පවසනවා.ඒ වේලාවේ කුරුළු දිගින් දිගටම ඇයට ඇගේ හිත හදාගන්නට බැරි බවත් ඒ සිටින්නේ ඇගේ තාත්තා බවත් කියමින් ඇගේ වේදනාව රේෂ්මා සමඟින් පවසනවා.ඉන්පසු ඇයටත් ඒ සිටින්නේ ඇගේ අයියා බව දැනෙනමුත් නමුත් ඔවුන් කියනා දේ කිසිවකුත් පිළිගන්නෙ නැති බවත් එය දන්නේ කුරුළු සහ ඇය පමණක් බවත් රේෂ්මා පවසා සිටිනවා.එලෙස කවුරු මොනවා සිතවත් ඇයට ප්‍රශ්නයක් නැති බවත් ඇයට දැනෙනා දේ ඇත්තක් බව ඇය දන්නා බවත් මෙලෙස ඇය ළඟ නාගයෙක් සිටන බවට පොලිසියට පැමිණිලි කලේ අභිමන් බවත් එසේත් නැතිනම් සුභද්‍රා බවත් කියමින් වෙන කිසි කෙනෙකු මේ පිළිබඳ දැන නොසිටි බව කුරුළු කේන්තියෙන් පවසමින් කෙසේ හෝ ඔවුන් ඇගේ තාත්තාව ඇගෙන් වෙන් කරන්නට සිතනවා නම් ඒ කරන සියළු දේට ඔවුන්ට වන්දි ගෙවන්නට වන බවත් කුරුළු පවසනවා.

ඔය අතරේ පූජා ඇගේ වාහනයෙන් නිවස බලා යමින් සිටියදී මලින්ද ගේ රුව ඇති කෙනෙක් දැක බය වී ඔහු කවුරුන්ද කියා සොයමින් යන අතරේ යළිත් ඔහුව දකින පූජා පුදුමයට පත් වී ඔහු දෙස මඳ වේලාවක් බලා සිටිමින් ඔහු පසුපස ගියත් ඇයට ඔහුව මඟ හැරෙනවා. ඉන්පසු වාහනයට පැමිණෙන පූජා බයෙන් බිරාන්ත වී එසේ වෙන්නේ කෙසේද කියා තනිව කල්පනා කරමින් යළිත් මලින්දව මරාදැමු අයුරු සිහි වෙන්නට පටන් ගන්නවා.එත් එක්කම නාගයාව සිර කර තිබෙන ස්ථානයට පැමිණෙන පූජා, නාගයාට කුමක් හෝ විස සහිත යමක් ඉසිමින් නාගයාව මරන්නට උත්සහා කරද එම විස එතැන සිටි කුරුල්ලන්ට වැදි නාගයා ඒ අවස්ථාවේ කුඩුවෙන් පැන එතැනින් පැන යනවා. ඉතිං ඒ අවස්ථාවේ නාගයා කුඩුවේ නැති බව දුටු පූජා කලබල වී දිවවිත් එතැන සිටි පුද්ගලයාට ඒ බව පැවසුවද නාගයාව ඔවුන්ට සොයා ගත හැකි වුයේ නැහැ. ඉතිං ඉන්පසු යළි වතාවක් එම නාගයා කුරුළුව සොයා ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ නාගයාව දකින කුරුළු ඉතා සතුටට පත් වනවා.ඉතිං ඔය අවස්ථාවේ නාගායා අතුරුදන් වීම හේතුවෙන් යළිත් කුරුළුගේ නිවසට පැමිණෙන පොලිසිය සුභද්‍රා සහ රේෂ්මාට නායා රඳවා සිටි තැනින් පැනගොස් තිබෙන බවත් කියමින් ඔවුන් නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව කියමින් කුරුළුගේ කාමරයටද ගොස් නාගයා කොහේ හෝ තැනක සැඟවී සිටිනවාද කියා සොයා බලනවා. ඉතිං මේ වේලාවේ කුරුළුගේ කාමරයට පොලිසියට පැමිණෙනවා දුටු කුරුළු ඇගේ හැන් බෑගයට නගයාව දමා ගනිමින් ඇය එළියට යන බව කියමින් නිවසින් පිටතට ගොස් නාගයාව ආරක්ෂිත තැනක තබා පැමිණෙනවා.

නාගයාව සඟවා තබා කිසිවෙක්ටත් නොපෙනෙන සේ නිවසට පැමිණෙන කුරුළු වනජීවි කාර්යාලයේ නිළධාරියෙකුට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් නාගයා ගැන කිසිදු තොරතුරක් ඇය නොදන්නා ගානට ඔවුන් රඳවා තබාගෙන සිටි නාගයාව සොයා ගත්තද කියා විමසනවා. ඒ වේලාවේ තවම නගයාව සොයා ගත්තේ නැති බවත් ඔවුන් සොයනා බවත් හම නිළධාරියා පවසද්දී නාගයා ඔවුන්ගේ බාරයේ සිටියදී එසේ පැන ගියේ කෙසේද කියා කුරුළු අසමින් ඔවුන් තිබෙන වගතීම කුමක්ද කියා අසමින් බැන වදිනවා. ඉතිං එලෙස බැන වදිමින් ඇය එය ලෙසියෙන් අත් හරින්නේ නැති බවත් ඇය ඊට නඩු දමන බවත් පවසමින් දුරකතනය විසන්ධි කරනවා..එත් එක්කම නගයාව රැගෙන ගිය පුද්ගයකුට දුරකථන ඇමතුමක් ලබා ගන්නා පූජා, නායා කුරුළු සොයා නිවසට ගොස් ඇති බවත් ඉන්පසු ඇය නාගයාව කැලේට නිදහස් කර ඇති බවත් පූජා පවසමින් ඇය කුරුළුගේ පසුපස ඇගේ ගෝලයකු යැවු බවත් එම පුද්ගලයා සියළු දේ විඩියෝ ගත කරගෙන ඇති බවත් පූජා පවසනවා. එය එසේ නම් කුරුළු ඔවුන්ට කතා කර තර්ජනය කලේ ඇයිද කියා එම පුද්ගලයා විමසද්දී ඇය එලෙස කලේ ඇගේ තියන කපටිකමට බව පූජා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *