සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ උඳුල් සහ අලී තරුපතිගේ පන්තිය නැවැත්වීම පිළිබඳවත් යළිත් කෙසේ හෝ පංතිය ආරම්භ කිරීමට කල යුතු දේවල් පිළිබඳවත් කතා කරමින් සිටිනවා. ඒ අතරේ අලීට දුරකථන ඇමතුමක් ලබා ගන්නා විශාල්, ඔවුන්ගෙ සැපදුක් විමසමින් ඔවුන් රයිසින් ස්ටාර්ස් තරඟවලිය වෙනුවෙන් ඊෂාට තරඟයෙන් ඉදිරියට යාම සඳහා උදව් කරනවා නේද කියා විමසනවා. ඉතිං එලෙස අසමින් ඔහු අලීට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ කලින් ඔවුන්ට ඔහු කියු පරිදි පුද්ගලයකු ගැන සොයන්න බවත් ඔහු පිළිබඳ විස්තරයක් සොයා ගන්නට බවත් විශාල් පවසනවා.ඒ අවස්ථාවේ ඔහු එම කෙනා පිළිබඳ විස්තරයක් සොයා ගත්තාද කියා අසද්දී තවම සොයා ගත්තේ නැති බවත් නමුත් ඔහු නුවරඑළියේ සංගීත පන්තියකට යන බවත් එහෙයින් ඔහු කියන කෙනා අනිවාර්යෙන් උඳුල් සහ අලී දන්නවා ඇති කියාත් විශාල් පවසමින් ඔහු දැනට දන්නේ එපමණක් බවත් ඔහු පවසා සිටිනවා. ඒ වේලාවේ උඳුල් ඉන්නවාද අසමින් ඔහුට දුරකථනය ලබා දෙන්න කියා පවසමින් ඔහුටත් අලීට කියුවා මෙන් ඔහු තවමත් ඔවුන්ට කලින් කියා තිබු පුද්ගලයාව සොයනා බවත් ඔහුට හිතෙන් පරිදි ඔවුන් එම කෙනාව දන්නවා ඇති කියාත් පවසද්දී තවත් කුමක් හෝ විස්තරයක් ඔහු සොයාගතහොත් ඔවුන්ට ඒ ගැනි කියන්න කියාත් ඉන්පසු ඔවුන් ඒ ගැන සොයා බලන්නම් කියාත් උඳුල් පවසමින් දුරකථනය තියනවා. ඉන්පසු උදුල් ළඟට පැමිණෙන අලී , විශාල් ළගදීම දවසක උඳුල්ව සොයා පැමිණෙන බව ඔහුට පවසනවා.

මේ වේලාවේ කොළඹ යාම සඳහා සමාධි සමඟින් වාද කල ඊෂා ඉන්පසු වොෂ්රුම් එකට ගොස් ඇය කියු දේවල් ගැන කල්පනා කරමින් සිටියදී එතැනට පැමිණෙන සමාධි , ඇයට අය කෑසනවා කියා සිතන්නට එපා කියාත් ඇය කොළඹ ගිය විට ඔවුන් නුවරඑළියට වී තනිව සිටින්නේ කෙසේද අසමින් ඇය එක දවසක් හෝ නිවසේ නැති වුවාම මුළු ගෙදර පාළු වන බවත් ඇයට ඊෂා ගැන බය බවත් හඩමින් පවසනවා. ඒ වේලාවේ ඇය බය වෙන්නේ කුමකටද කියා ඊෂා අසද්දී ඇය අඩිය තිබු තැන ඇය හිතන තරම් ලස්සන තැනක් නොවන බවත් පවසද්දී ඇය පොඩි ළමයෙක් නොවන බවත් ඇය කල යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්නට හොඳට තෙරේන බවත් කියද්දී ඇයත් ඒ කාලේ එසේ සිතු බවත් නමුත් සමහර තැන් වලදී ඔවුන් සමහර දේ වෙනුවෙන් අන්ද වන බවත් පවසමින ඊෂා කෙදිනක හෝ දිනක ඔවුන්ගෙන් ඈත් වෙලා යන බව දන්නා බවත් එහෙත් එතකන් හෝ ඇය ඊෂාව පරිස්සම් කල යුතු බවත් සමාධි ඉතාමත් සංවේදී වෙමින් ඇය සමඟන් පවසද්දී ඇය කියු දේ අසා සංවේදී වු ඊෂා , ඇය සමාධිව සහ සීයාව අත්හැර කොහෙවත් යන්නේ නැති බවත් ඇය යනවා නම් ඔවුන් දෙදෙනාත් රැගෙන යන බවත් ඇය කිසිදින වෙනස් වන්නේ නැති බවත් සමාධි වැළඳ ගනිමින් පවසා සිටිනවා.ඔය අතරේ උඳුල් සහ සිය අම්මා සමඟින් කෑම කමින් සිටින විපුල, කල්බ් වල සිංදු කියා හරියන්නේ නැති බවත් එයින් කිසි අනාගතයක් නැති බවත් ඔහු උඳුල්ව හොඳ රැකියාවක් සොයා දෙන්නම් කියාත් පවසද්දී ඔහු ඊට අකමැති බව පවසනවා.ඉන්පසු මඳ වේලාවක් කල්පනා කරමින් සිටින විපුල , ඔහු ළඟදීම දිනයක ඔහුට විශාල්ව මුණ ගස්වන්නම් කියාත් එවිට ඔහුට විශාල්ගෙන් සංගීතය පැත්තට උදව්වක් වුවත් ලබා ගැනීමට හැකි බවත් පවසනවා. ඉන්පසු කෑම කන එක නතර කල උඳුල් ඔහුට දැන්ම විශාල්ව හඳුනා ගන්නට අවශ්‍ය නැති බවත් තව ටික කාලයක් ඉමු කියාත් පවසමින් එතැනින් නැගිට යනවා.

එළියට වී සිටින අගස්ති ළඟට කලබලයෙනක් දිව එන වින්ඩි , පත්තරයක් ඔහු වෙත දිගු කරමින් කුමක්ද සිදු වී ඇත්තේ කියා පත්තරේ දිග හැ බලන්න කියා පවසනවා. මේ වේලාවේ පත්තරේ දමා තිබු මාතෘකාව කියන අගස්ති මෙම ලිපිය පල කර ඇත්තේ ඔහුගෙ ගීතය එළි දක්වන අවස්ථාවේ එතැනට පැමිණි ඔහු සමඟින් රණ්ඩු වු මාධකරුවා බවත් ඔහු පිස්සෙක් බවත් අගස්ති පවසද්දී ඔහු කියන්නේ මෙ දමා තිබෙන ලිපිය ඔහුගේ චරිතයට හානික් නොවේ කියාද කියා වින්ඩි අසද්දී එය කෙසේද ඔහුට හානියක් වෙන්නේ කියා වින්ඩිගෙන් විමසනවා. ඒ වේලාවේ එම පත්තේ තිබෙන පරිදි ඔහු ගැන හෙළ කරනවා කියන ඇත්ත කුමක්ද කියා වින්ඩි අසද්දි එය ඔහු නොදන්නා බවත් එය ඔවුන්ගෙන් අසා දැන ගත යුතු බවත් අගස්ති පවසද්දී පත්තරකරුවෙක් නිකන් එවැනි දෙයක් ලියන්නේ නැති බවත් කුමක් හෝ හේතුවක් ඇතුවයි එසෙද් කරන්නේ කියාත් වින්ඩි පවසනවා. ඒ වේලාවේ දිගින් දිගටම වින්ඩි ඊෂා කියන්නේ ඔහුගේ කවුරුන්ද කියා විමසද්දී වින්ඩි සමඟින් කෙන්ති ගිය අගස්ති ඊෂා ගැන ඔහු දන්නේත් ඇය දන්නා දේ බවත් එතැනින් එහාට ඔහු ඒ ගැන දන්නේ නැති බවත් ඇයට ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් එම පත්තරකාරයා සොයා ගොස් එය දැනගන්නත් කියමින් පත්තරය විසි කර අගස්ති එතැනින් යනවා.එත් එක්කම මෙම ලිපිය අහම්බයෙන් වාගේ දුටු විපුල උඳුල්ට කතා කර එය පෙන්වමින් ඔහු එය දුටුවාද කියා විමසනවා.මේ වේලාවේ අගස්ති ගැ සහ ඊෂා ගැන විස්තර අසමින් එම පත්තරේ ලියා තිබෙන ආකාරයට ඔවුන් දෙදෙනා අතරේ කුමක් හෝ දෙයක් තිබෙන බවත් කියමින් උඳුල්ගෙන් ඇත්ත විස්තරය විපුල දැනගන්නට උත්සහා කරනවා. ඉතිං ඉන්පසු එය දැක කලබල වුන උඳුල් ගොත ගසමින් ඔහු ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බව කියමින් එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *