සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ අගස්ති අලුතින් කල ගීතය බලමින් සිටින වින්ඩි ළඟට අගස්ති පැමිණෙනවාත් සමඟම ඔහුට ගීතය පෙන්වමින් මේ වෙද්දී ඔහුගේ ගීතය ලංකාව පුරාම ජනප්‍රියම ගීතයක් බවට පත් වී ඇති බව වින්ඩි සතුටින් යුතුව පවසමින් කෙසේ වෙතත් ඇය ඔහු සමඟින් තරහා බව කියමින් ඔහු ඇයව ගීතයේ විඩියෝවට ගත්තේ නැති බවත් එසේ නොකලේ ඇයිද කියාත් අගස්තිගෙන් විමසනවා. ඒ වේලාවේ එය විඩියේ ඩිරෙක්ටර්ගේ තීරණයක් බවත් ඔහුට ඊට බලපෑම් කරන්නට බැරි බවත් පවසමින් වින්ඩිගේ හිත හදන්නට උත්සහා කරනවා. කෙසේ වුවත් ප්‍රශ්නයක් නැති බවත් කෙසේ හෝ ඔවුන්ගේ වැඩක් මෙලෙස ජනප්‍රිය වු එක ගැන ඇගේ හිතේ ඇත්තේ අවංක සතුටක් බවත් වින්ඩි පවසා සිටිනවා.මෙලෙස කතා කරමින් සිටින අතරේ අගස්ති එකපාරටම ඇයගෙන් අහන්නට දෙයක් ඇති බව කියමින් ඊෂා සහ විශාල් අතරේ කුමක් හෝ සම්බන්ධයක් තිබෙනවාද කියා අගෙන් විමසනවා. ඒ වේලාවේ ඇය ඒ පිළිබඳ හරියටම දන්නේ නැති බවත් නමුත් ඇය දැකපු දේවල් එක්ක ඇයට එලෙස සිතුන බවත් වින්ඩි පවසනවාත් එක්කම ඒ පිළිබඳ හිතන අගස්ති ඇයට දැනෙන පරිදි විශාල් ඇත්තටම ඊෂාට ආදරය කරනවාද කියා වින්ඩිගෙන් අසනවා.එසේ කිසිදින විශාල් ඊෂාට ඇත්තටම ආදරය කරන්නේ නැති බවත් ඇයට හිතෙන පරිදි විශාල්ගේ පස්සෙන් ගොස් ඊෂා ඇගේ එල්ලී ඇති බවත් වින්ඩි පවසනවා.

ඔය අතරේ කාමරයට වී ඊෂා ගැන කල්පනා කරමින් සිටින අගස්ති ඇගේ නිවසේ දුරකථනයට ඇමතුමක් ලබා ගනිමින් ඇමතුමට පිළිතුරු දෙන්නේ කවුරුන්ද කියා මඳ වේලාවක් ඇහමුකන් දෙමින් සිටිනවා. ඒ අවස්ථාවේ ඒ කතා කරන්නේ දුණුසිංහ බව දැනගත් අගස්ති , ඊෂා නිවසේ සිටිනවාද කියා අසනවා. එත් එක්කම දුණුසිංහ ඊෂා එ වේලාවේ ගෙදර නැති බවත් කතා කරන්නේ කවුරුන්ද කියාත් අගස්තිගෙන් විමසද්දී ඇත්ත කියන්නට බැරි හෙයින් ඔහු ඊෂාගේ රසිකයෙක් බව පවසමින් ඔහු පසුව ඇයට ඇමතුමක් ලබා ගන්නම් කියමින් දුරකථනය තියන්නට යනවාත් සමඟම කවුරු කතා කලා කියාද කියන්නට ඕනේ කියා අගස්තිගෙන් ඔහු අසමින් ඔහුගේ නම කුමක්ද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඔහු කියනා දේට උත්තර දීමට අපහසු වුන අගස්ති , ඔහුගේ නම ඩෙනිස් බවත් ඔහු පසුව කතා කරන්නම් කියාත් කියමින් දුරකථනය තියනවාත් සමඟම දුණුසිංහට ඔහු ගැන සැකයක් ඇති වෙනවා. එත් එක්කම අගස්ති ළඟට පැමිණෙන වින්ඩි , ඊෂාගේ නම කිවේ කුමක් නිසාද කියා අගස්තිගෙන් අසද්දී , කට්ටිය ෂෝ කරන්නට හදන බවත් එහිදී ඊෂා සමඟින් ඔහුට එකට ගීත ගායනා කරන්නට පුළුවන්ද කියා ඔහුගෙන් විමසන බවත් කියමින් බොරුවක් ගොතා වින්ඩිට පවසනවා.

වත්තේ වැඩ කරමින් සිටින සමාධි ළඟට දිව එන ඊෂා, සීයා කොහේද කියා අසමින් ඇයට යළි වතාවක් කොළඹ යාමට සිදු වන බව පවසනවා. ඒ වේලාවේ කරමින් සිටි වැඩේ නවත්වන සමාධි හදිසියේම කොළඹ යන්නට අවශ්‍ය වුයේ ඇයිද කියා ඊෂාගෙන් විමසනවා. ඒ වේලාවේ පෙරදිනයක සමීර කතා කර ඔවුන්ගේ ප්‍රොමෝෂන් වැඩ සඳහා කොළඹ එන්නට සිදු වන බව කීවා මතක නැතිද කියා සමාධිගෙන් අසද්දී එසේ වුවත් හිතෙන වේලාවට එසේ කොළඹ යන්නට බැරි බවත් ඊට සීයා කැමති වන්නේ නැති බවත් සමාධි කියද්දී දැන් කරන්නට දෙයක් නැති බවත් තරඟයට සහභාගී වුවා නම් එය කරන්නට වෙන බවත් ඊෂා කියමින් ඇයට බෝඩින් කාමරයක් කොළඹින් ගැනීමට අවශ්‍ය බවත් ඇය පමණක් මෙලෙස නුවරඑළියේ සිට කොළඹ යන බවත් පවසද්දී ඇගේ කතාව අසා සිනාසෙන සමාධි එය කිසිසෙත් වෙන්නේ නැති දෙයක් බව කියද්දී ඇය යළුවකුට ඇයට බොඩින් කාමරයක් සොයන්න කියු බව කියද්දී ඇය කියු දේ අසා තරහා ගිය සමාධි ඔවුන්ගෙන් අසන්නෙ නැති එලෙස තනි තීරණයක් ගත්තේ කෙසේද අසමින් ඇය දැන් වෙනස් බවත් ඇයට එය තේරේන බවත් සමාධි පවසද්දී එය අසා කේන්ති ගිය ඊෂා ඇය කිවේ ටික දිනකට කොළඹ සිටිය යුතු බවත් ඇය එසේ නම් ඉන්දියාවේ ගොස් තනිව සිටි බවත් එයට කවුරුත් මොනවත් කිවේ නැති බවත් කියමින් ඇයට ගෙදර සිරවී සිටිය නොහැකි බවත් පවසා අය එක්කෝ රයිසින් ස්ටාර්ස් තරඟයෙන් අයින් විය යුතු බවත් නැති නම් කොළඹ ගොස් නැවතීමට අවශ්‍ය බවත් කියමින් ඔවුන් එ දෙකෙන් කැමති කුමක්ද කියා සිතා බලා ඇයට තීරණය කරන්නත් කියමින් එතැනින් යන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *