සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. උදෑසන අසපුවට පැමිණෙන උඳුල් සහ අලී, අසපුව වසා තිබෙනවා දකිනවාත් සමඟම කලබල වී තරුපති අසළට පැමිණ මෙලෙස අසපුව වසා ඇත්තේ ඇයිද කියා විමසනවා. ඒ අවස්ථාවේ පොලිසිය විසින් පන්තිය දින කිහිපයකට වසා දමන්නට කියු බවත් උද්ඝෝෂණය පිළිබද පරීක්ෂණයක් පවත්වන තෙක් පන්තිය වසා තබන්නට කියු බවත් තරුපති පවසනවා.ඒ අවස්ථාවේ උද්ඝෝසණයක් නිසා පන්තිය වසා දමන්නේ ඇයිද කියා උඳුල් විමසද්දී ඔවුන් කිසිදු වරදක් කර නැති හෙයින් නිතිය ඉඩ දී බලා සිටිමු කියා තරුපති ඔවුන් සමඟින් පවසා සිටිනවා.ඒ වේලාවේ මෙවැනි දේවල් සිදු වෙද්දී තරුපති ඓලෙස ඉවසිමෙන් සිටින්නේ කෙසේද කියා අලී අසද්දී , ඉවසීමට සීමාවක් තිබෙන බවත් නමුත් මේ අවස්ථාවේ සිදු වන්නේ කුමක්ද කියා බලා සිටිමු කියා ඉල්ලා සිටිනවා.

ඔය අතරේ අගස්තිගේ අලුත් ගීතය එළිදැක්වීමේ උත්සවය සඳහා පැමිණෙන අගස්තිට සියළුදෙනා සුභ පතමින් ඔහුගේ ගීතය ගැන වර්ණනා කරනවා. ඒ වේලාවේ අගස්ති ළඟට පැමිණෙන වජිරා, අගස්තිට සුභ පතමින් ගීතය ලස්සන බවත් කියමින් ඔහුට වින්ඩිත් සමඟින් ගීතයක් කරන්න කියා පවසනවා.ඒ වේලාවේ සියළුදෙනා ඉදිරියේ සිය කතාව ඉදිරිපත් කරන අගස්ති , එතැන පැමිණ සිටි සියළුදෙනාට ඔවුන්ට ඔහුගේ ගීතය එළිදක්වන්නට පැමිණියාට ස්තුතිවන්ත වෙමින් ඔහු මෙලෙස තමන්ගේම ගීතයක් එළි දැක්වුයේ බොහෝ කාලයකට පසුව බව පවසමින් ඔහුගේ එම ගීතය ජනතාව අතරට රැගෙන යන්නට ඔවුන් වෙනදා මෙන්ම ඔහුට උදව් කරයි කියා බලාපොරොත්තු වන බව පවසනවා. ඒ අවස්ථාවේ එතැන සිටි මාධ්‍යවේදීයෙකු අගස්තිගෙන් ප්‍රශ්නයක් පැන නගිමින් ඔහුගේ ගීතයේ විඩියෝවටවත් වින්ඩිව නොගෙන සිටියේ ඇයිද කියා විමසද්දී වින්ඩිටවත් නැති ප්‍රශ්න ඔවුන්ට තිබෙන බවත් ඔහුගේ ගීතයේ විඩියෝව දුටු පසු එයට හේතුව කුමක්ද කියා ඔවුන්ට පැහැදිවෙයි කියාත් අගස්ති පවසනවා.ඉන්පසු ඔහු පිළිතුරුදී අවසන් වනවාත් සමඟම එතැනට සිටි තවත් මාධ්‍යවේදීයකු, ඊෂා කියන්නේ අගස්තිගේ කවුරුන්ද කියා විමසනවාත් සමඟම කිසිවකු කියාගත නොහැකි වුන අගස්ති මඳක් නිහඩ ව සිට ඇය රයිසින් ස්ටාර්ස් හි තරඟකාරිනියක් බව පවසා සිටිනවා.

මේ වේලාවේ සමාධි සමඟින් නුවරඑළියේ සිය නිවස කරා යමින් සිටින ඊෂාත් සමාජ මාධ්‍ය තුළින් අගස්තිගේ අලුත් ගීතය දැක එය බලමින් සිටිද්දී සමාධි එම ගීතය ලස්සන බව පවසමින් එම විඩියෝව දෙස මඳ වේලාවක් දුකින් බලා සිටිද්දී ඇයගේ සිතක රිදුන බව දැනුන ඊෂා ඇගේ උරහිස්ස මතින් හිස තබාගෙන් ඇයට එම විඩියෝව ඇයත් සමඟින් බලමින් සිටිනවා.එ අතරේම යළිත් අගස්ති සහ වින්ඩි ළඟට පැමිණෙන ඊෂා ගැන ප්‍රශ්නයක් පැන නැගු මාධ්‍යවේදීයා, අගස්තිගේ ගීතය වර්ණනා කරමින් නමුත් ඔහුට ඔහමු ඇසු ප්‍රශ්නයට සෑහීමකට පත්වනන්ට පුළුවන් පිළිතුරක් නොලැබුන බව පවසද්දී එම ප්‍රශ්නය ඔහුගේ ගීතයට අදාළ දෙයක් නොවන බව පවසද්දී එය අදාළ නොවෙන්නේ කෙසේද කියාත් එය මේ දිනවල ලංකාව පුරාම ජනප්‍රියම මතෘකාවක් බව ඔහු පවසමින් අගස්ති ඊෂාව ගොඩ දාන්නට යන බව පවසනවා. මේ වේලාවේ ඔහු කියනා දේවල් තවදුරටත් ඉවසා ගත නොහැකි වුන අගස්ති ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගනිමින් ඊෂා ඔහුගේ කවුරු වුවත් ඔහු තිබෙන ප්‍රශ්නය කුමක්ද අසමින් ඔහුව එතැනින් එළවා ගන්නවා.

මේ වේලාවේ තනිව එළියට වී අගස්ති ගැන සිතමින් සිටින සමාධි ළඟට පැමිණෙන ඊෂා, ඇය මොනවාද කරන්නේ අසමින් ඇය අගස්ති ගැන සිතමින් සිටිනවා නේද කියා විමසනවා.ඒ වේලාවේ අගස්ති ඇයගේ තාත්තා හෙයින් එලෙස නම කියමින් කතා කරන්නට එපා කියා ඉල්ලා සිටිනවා. එත් එක්කම ඊෂා වන ඇයට අගස්ති විසින් රයිසින් ස්ටාර්ස් තරඟාවලියෙන් ඉදිරියට යවනු ලබන්නට ඇත්තේ ඔහුගේ ගීතය එළිදැක්වීමට අවශ්‍ය වු නිසා බව ඊෂා පවසනවා.ඒ වේලාවේ හැමදෙයක් ගැනම එලෙස හිතන්නට එපා කියා සමාධි ඉල්ලා සිටිමින් ඇයට අගස්තිගේ සිංදුව අසනා විට හිතට කියා ගන්න බැරි දෙයක් දැනෙනා බව සමාධි පවසනවා. ඒ වේලාවේ ඇය තවමත් අගස්ති ගැන සිතනවා නේද කියා ඊෂා අසද්දී ඇය එය මඟ හරිමින් විශාල් ගැන අසමින් විශාල්ට ප්‍රශ්න වලට පැටලෙන්නට එපා කියන ලෙසත් ඇයටත් විශාල්ගෙන් ටිකක් ඈත් වී සිටින්න කියාත් සමාධි පවසා සිටිනවා..මේ අවස්ථාවේ විශාල් කියන්නේ නරක කෙනෙක්ද කියා ඊෂා අසද්දී ඔහු නරක කෙනෙක් නොවන බවත් නමුත් ඇය ඔහුගෙන් දුරින් සිටින එක හොඳ බව සමාධි ඇයට පැහැදිලි කර දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *