සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.දින දෙකක් ලිහිණිගේ නිවසේ නැවතී සිටි රදිෂ්ගේ අම්මා, අක්කා සහ ඩිලාන් කොළඹ බලා පිටත් වෙන්නට සූදානම් වෙනවා.මේ වේලාවේ රදීෂ්ව හමුන්නට ලිහිණි ජුස් බර් එකට පැමිණෙන අවස්ථාවේ රදීෂ් දුරකථනයෙන් ඔහුගේ අක්කා සමඟින් කතා කරමින් සිටිනවා ලහිණිට ඇසෙනවා. ඒ වේලාවේ රදීෂ් කේන්තියෙන් කෑගසමින් ඔහු යන්නේ ඔහුට ඕන තැන් වලට බව අම්මාට පැහැදිලි කර දෙන්න කියා රදීෂ් පවසනවා.ඉන්පසු ලිහිණි ඒ අසළට පැමිණ සිටිනවා දකින රදීෂ් යළිත් ඔහුට ඇමතුම් ලබා ගන්නට එපා කියමින් දුරකථන තියනවා.නමුත් දිගින් දිගටම රදීෂ්ගේ අක්කා ඇමතුම් ගනිද්දී ලිහිණි එයට පිළිතුරු දෙන්න කියා පැවසුවත් රදීෂ් එය කලේ නැහැ.ඉන්පසු ලිහිණි රදීෂ්ගෙන් කුමක් හෝ ප්‍රශ්නයක් වුවාද කියා විමසමින් ඇයත් සමඟින් ඔශු ඉන්නවා කියා දැනගෙන නේද කියා රදීෂ්ගෙන් විමසනවා.ඒ වේලාවේ රදීෂ් නැ කියා පවසද්දී, මේ ප්‍රශ්න ඔහුටත් පීඩනයක් බවත් ,ඇයටත් එසේ බවත් එහෙයින් ඔහුගෙ අම්මාට සහ අක්කාටත් එසේ වී ඇති බව ලිහිණි පවසමින් ඔහුට අම්මාගෙන් හරියට ඔවුන පිළිබඳ උත්තරයක් අසා කියන්න කියා ඉල්ලා සිටිනවා.

රදීෂ් සමගින් කතා කරන්නට පැමිණෙන ඩිලාන් ඔහු සමඟින් කතා කරන්නට යමක් තිබෙන බව පවසමින් අද ඔහු ඔෆිස් එකට ආවේ නැ නේද කියා රදීෂ්ගෙන් විමසනවා.ඒ අවස්ථාවේ ෆැක්ටරියේ බොහෝ වැඩ තිබු බවත් එහෙයින් ඔෆිස් එකට ඒමට නොහැකි වුන බවත් රදීෂ් පවසා සිටිනවා.ඉන්පසු ඔහුව හමවුන්නට ඕනේකිවේ ඇයිද කියා ඩිලාන්ගෙන් ඔහු විමසද්දී මේනක රදීෂ් සමඟින් මේ දිනවල ගේමක ඉන්නා බවට කතාවක් පැතිරෙන බවත් එය ඇත්තක්ද කියාත් ඩිලාන් රදීෂ්ගෙන් විමසනවා. මේ වේලාවේ එය අසා සිනාසෙන රදීෂ්ට මෝඩයකු මෙන් එසේ හිනාවෙන්නට එපා කියාත් ඔහුට කල්පනාවෙන් වැඩ කරන්න කියාත් පවසනවා. ඒ අවස්ථාවේ මේනක ෆැක්යරියේම පුද්ගලයකු සමගින් රදීෂ්ට ළඟදීම සිද්ද වෙන්නට යන දේ බලා ගන්න යනුවෙන් පවසා තිබෙන බවත් ඩිලාන් පවසනවා.මේ වේලාවේ එසේ නම් මේනකට ඔහු ඉදිරියට පැමිණෙන්න කියා කියන්න කියාත් ඔහු මේනකට බය නැති බවත් රදීෂ් ගානකට නොගෙන පවසද්දී ඔහුට ඇත්ත කියන්න කියා ඉල්ලා සිටිමින් ළඟදී දිනයක ලිහිණිගේ බොඩිම අසළදී කවුරුන් හෝ මැර කණ්ඩායමක් ඔහු පසු පස පැන්නුවාද කියා රදීෂ්ගෙන් විමසනවා.ඉන්පසු ඔහුට ඒ දේවල් කිවේ අනුහස්ද කියා රදීෂ් අසනවාත් සමඟම කවුරු කීවත් නැතත් එය ඇත්තක් නේද කියා ඩිලාන් අසද්දී පොඩි ප්‍රශ්නයක් සිදුවුන බවත් එය එතරම් ලොකු දෙයක් නොවන බවත් රදීෂ් පවසා සිටිනවා.ඒ වේලාවේ රදීෂ්ට සැර කරන ඩිලාන් පොඩි පොඩි ප්‍රශ්න ලොකු ප්‍රශ්න බවට පත් වෙන බවත් එහෙයින් කරුණාකර මේක පස්සෙන් පන්නන එක නතර කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ රදීෂ් එදින නිවසට නොපැමිණිම හේතුවෙන් රදීෂ්ගේ අක්කා සහ අම්මා ඒ ගැන කතා කරමින් ඔහුගේ දුරකථන වැඩ කරන්නේ නැති බවත් කිසිදින ඔහු එසේ නිවසට නොපැමිණ සිටින්නේ නැති බව රමණි පවසද්දී රදීෂ් යාළුවොත් සමඟින් කොහේ හෝ තැනක පාටියකට යන්නට ඇති බවත් ඉන්පසු එතැනදී දුරකථනය විසන්ධි වෙන්නට ඇති බවත් තව ටික වේලාවකින් ඔහු එයි කියාත් රදීෂ්ගේ අක්කා ගානකට නොගෙන පවසනවාත් සමඟිම එතැනට පැමිණෙන ඩිලාන් රදීෂ් නිවසේ නොමැති බව නොදැන ඔහු කොහේද කියා රමණිගෙන් අසද්දී ඔහු පෙරදින නිවසට පැමිණ නැති බවත් ඔහුගේ දුරකථනය වැඩ කරන්නේ නැති බවත් පවසනවාත් සමඟම එය අසා කලබල වුන ඩිලාන් ඔහු ගියේ කොහේද කියා සොයා බලන්න වෙන බව පවසද්දී රමණි සහ රදීෂ්ගේ අක්කා , ඩිලාන්ට ගොස් ඔහු ඉන්නා තැනකින් සොයාගෙන එන්න කියා ගානකට නොගෙන පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *