සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා..මේ වේලාවේ රදීෂුත් ඔහුගේ අම්මා සහ අක්කාත් ඩිලාන් සමඟින් ලිහිණිගේ නිවස කරා යමින් සිටිනවා. ඒ අවස්ථාවේ ඇයගේ නිවසට යන පාරේ වාහනයකට යාමට අපහසු හෙයින් ඔවුන් වාහනය අතරමඟ නවතා දමා ඇවිද එන අතරතුරේ මහන්සී දැනී මඟ නතර වු අවස්ථාවේ රදීෂ්ගේ අක්කා ලිහිණිගෙන් තව කොතරම් දුරක් මෙලෙස ඇවිද යන්නට තිබෙනවාද කියා විමසද්දී තව විනාඩි 10ක් පමණ යයි කියා පවසද්දී එය අසා කේන්ති ගිය රදීෂ්ගේ අක්කා , ඔවුන්ගේ පාරේ වාහනයකට යෑමට නොහැකි ඇයිද කියා අසද්දී එතැන සිටි ලිහිණිගේ ලොකු අප්පා ඇයට කලබල වෙන්නට එපා කියමින් තවම ආණඩුවෙන් පාර හැදුවේ නැති බව පවසනවා. ඒ වේලාවේ එය අසා අමුතුවට හිනාවෙන රදීෂ්ගේ අම්මා මේ ගම ආණ්ඩුවෙන් අත්හැර දාපු ගමක්ද කියා ඔහුගේ විමසනවා.මේ වේලාවේ රදීෂ්ට දිගින් දිගටම අම්මා කියනා දේවල් අසාගෙන සිටිමට නොහැකි වු හෙයින් ලංකාවේ ගම් දියුණු වෙන්නේ ටික ටික බව කියමින් ඒ ගැන නොසිතා නිවසට යමු කියා පවසනවා. ඉතිං මෙලෙස ලිහිණිගේ නිවසට එනතුරුම රදීෂ්ගේ අක්කාත් , අම්මාත් ගම ගැන විවිධ දේ කියමින් පැමිණෙන අවස්ථාවේ ඔවුන්ට ඉදිරියෙන් පැමිණි ලිහිණිට ඔවුන් කියනා දේවල් දරා ගන්නට අමාරු වුවා..

මේ වේලාවේ කාර්යාලයේ අලුත් වැඩපිළිවෙළ ගැන අනුහස් සමඟින් කතා කරමින් සිටින අක්ෂාට කාර්යාලයේ සිටින සේවකයකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඇයව සහ අනුහස්ව හමුවීමට ටීෂා කියා කෙනෙකු කාර්යාලයට පැමිණ තිබෙන බව පවසනවා. ඉතිං ඉන්පසු අක්ෂා ඇයට එනන් කියා දුරකථනය තියා ඒ ගැන අනුහස් සමඟින් කියනවාත් සමඟම ටීෂා ඔවුන් සිටින තැනට පැමිණෙනවා දැක ඔවුන් දෙදෙනා පුදුම වී ඒ දෙස බලා සිටිමින් ඇයට වාඩි වෙන්න කියා පවසනවා. ඉන්පසු ටීෂා ආවේ ඔවුන් දෙදෙනාව හමුවන්ට බව පවසද්දී ඔවුනුත් කාලයක සිටි ඇයව මුණගැසෙන්නට බලා සිටිය බව පවසනවා. ඒ වේලාවේ ඇයට යමක් කියන්නට තිබෙන බව පවසමින් ඇය එලෙස අවන්තගේ නිවසට දරුවත් රැගෙන ගියේ ඇයට කරන්නට දෙයක් තිබුණේ නැති නිසා බව පවසමින් ඇයට පොඩි දරුවකු සිටින බවත් දරුවාගේ තාත්තා ඇයව දාලා ගොස් සිටින බවත් ඇය තැනින් තැන කුලී වැඩ කර දරුවාත් බලාගෙන ජිවත් වන බව ටීෂා පවසනවා. ඒ වේලාවේ ඇය කියනා සියළු දේ ඇත්ත කියා ඔවුන් පිළිගන්නම් කියාත් නමුත් මේ දේ කරන්න කියා ඇයට අණ දුන්නේ කවුරුන්ද කියාත් අක්ෂා විමසනවාත් සමඟම ඇය කියානා සියළු දේ අසාගෙන මෙතෙක් නිහඬව සිටි අනුහස් ඇය කියනා සියළු දේ ඔහු රේකොඩ් කරන බව කියමින් සියළු ඇත්ත ඔවුන්ට කියන ලෙස ඉල්ලා සිටිනවා.ඒ වේලාවේ එලෙස කරන්නට එපා කියාත් ඇය මෙලෙස හරි ඔවුන් හමුවී ඇත්ත කියන්නට සිතුවේ ඔවුන් සැරින් සැරේ කිහිපවතාවක්ම ඇයව වත්තට පැමිණ සෙවු නිසා බව ටීෂා පවසමින් එය ඇයට කරන්න කියු අය දැන් ඇය ගැන බලන්නේ නැති බවත් ඔවුන් මේ පැත්තෙනුත් මාරු වී ඇති බව ටීෂා පවසමින් ඇයට එය සිදු කරන්නට ඔවුන් 25000 ක් දුන් බව පවසනවාත් සමඟම එය අසා කෝපයට පත් වුනු අනුහස් 25000 කට ඇය විනාශ කරේ ඔහුගේ මල්ලිගේ ජිවිතය බවත් ඔහුගේ නංගී මානසිකව වැටී ඇති බවත් අනුහස් කෑගසමින් පවසා සිටිනවා.ඉතිං ඔහු එලෙ කෑගසනවාත් සමගම ඇය මේ කරපු දේ නිසා ඔවුන් සියල්ලන්ගේම ජිවිත අවුල් වී ඇති බවත් එහෙයින් ඇය එයට සම්බන්ධ වුයේ කෙසේද කාගේ උවමනාවකටද කියා කියන්න කියා අක්ෂා ඉල්ලා සිටිනවා.

උදේනිව සොයා කෝපයෙන් ඇගේ නිවසට පැමිණෙන ආනන්ද, ඇය දේව්මිමට ඔහු ගැන ඔහුට විරුද්ධව දේවල් කියමින් උසිගන්වන්නේ ඇයිද කියා විමසනවා.ඒ අවස්ථාවේ ඔහු කියනා දේ ගැන ගානකට නොගන්න උදේනි ඇය එසේ කලේ නැති බව පවසද්දී එසේ නම් තාත්තාලා දුවලාගේ ජිවිතේ ගැන දන්නවාද කියා විවිධ දේ කියා තිබෙන්නේ ඇයි ද අසමින් ඒ කතාව කුමක්ද කියා විමසනවා.ඒ අවස්ථාවේ ගැහැණියක් කසාද බැඳ බලාපොරොත්තු වන දේවල් සහ පිරිමියකු කසාද බැඳ බලාපොරොත්තු වන දේවලුයි දෙකක් බවත් එය ඔහුට තේරෙන්නේ නැති බවත් උදේනි පවසමින් ඔහු හිතනා පරිදි පිරිමියකුට මුදල් තිබේ නම් හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන් කියා සිතන එක වැරදි බවත් එහෙයින් ඔහු මෙලෙස දෙව්මිව සල්ලිකාරයෙකුට විවහා කරදෙන්නට ඔහු සූදානම් වෙන්නේ කියාත් උදේනි පවසනවා.ඒ වේලාවේ ඔවුන් දෙව්මිව විවාහ කරදිය යුත්තේ හොඳ ගතිගුණ ඇති කෙනෙකුට බව උදේනි පැහැදිලි කර දෙද්දී ඒ කෙනා අවන්තද කියා ආනන්ද සැරෙන් අසද්දී ඔහු තමයි දෙව්මිට ගැලපෙනම කෙනා බව උදේනි ආනන්දට තේරුම් කර දෙන්න උත්සහා කරනවා.අවන්තගේ තිබෙන්නේ බොරු රඟපෑම් බවත් ඔහු කතා කල යෝජනාවට දෙව්මි අවනතවේගෙන ආ බවත් ඇය එය වෙනස් කල බවත් ආනන්ද උදේනිට පවසද්දී ඔහු බොරු කියනා බවත් දෙව්මි ඇයට කතා කර ආනන්ද සැරෙන් සැරෙ එම විවාහ යෝජනාවට කැමති වන්න කියා බල කරන බව පැවසු බවත් උදේනි පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *