සතියේ දින වල රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයිටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.ශිවා කල්පනා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන බාබු ශිවා සමඟ කතා කරනවා.ශිවා දුකින් සිටින අයුරු බාබු දකිනවා.ඉන්පසු තෝමස් ශිවා හට සත්‍යාව පැහැරගැනීමට හොඳම අවස්ථාව මෙය බව පැවසු බවබාබු හට පවසනවා.නමුත් මේ වැනි වෙලාවක එසේ කිරීම හොඳ නැති බව බාබු පවසනවා.මේ අතර සත්‍යා හට සුරේෂ් කතා කරනවා.ඔහුගේ තාත්තා වීරවර්ණ හට උදව් කිරීමට උනන්දු වන බව පවසනවා.මේ අතර ශිවා සත්‍යාගේ නිවස අසලට පැමිණෙනවා.ඉන්පසු ඔහු සත්‍යා හට කතා කර තමාට ඇය බැලීමට උවමනා බව පවසනවා.ඉන්පසු ශිවා හට බැන එතැනින් යන ලෙස සත්‍යා පවසනවා.පසුව සත්‍යා කාටත් හොරෙන් ශිවා හමුවීමට එළියට ඒමට හදනවා.මේ අතර ජේරාඩ් එළියට වී වාඩි වී සිටිනවා.කාටත් හොරෙන් සත්‍යා ශිවා හමුවීමට පැමිණෙනවා.ශිවා කොයිම වෙලාවක හෝ තමා සමඟ එනවාද කියා විමසනවා.

තමා ඔහුට ආදරේ බවත් කිසි දිනක එය නොවෙනස් වන බව සත්‍යා ශිවා හට පවසනවා.ඉන්පසු ශිවා එතැනින් යනවා.මේ අතර සැම්සන් තෝමස් හමුවීමට පැමිණෙනවා.සත්‍යාව පැහැර ගැනීමට තෝමස් සමඟ සැම්සන් කතා කරගන්නවා.පසුදින සත්‍යා කැම්පස් යාමට පිටත් වනවා.මේ අතර ශිවා හට සත්‍යා කතා කර තමාට කෑම එකක් ගෙනෙන ලෙස පවසනවා.ඉන්පසු තෝමස් හට ඔවුන් එනතුරු රැඳි සිටිය යුතු බව සත්‍යා පවසනවා.ඔවුන්ගේ බසය අසලට මැරයන් පිරිසක් පැමිණෙනවා.ඉන්පසු පැමිණ සත්‍යා හට සිහි නැති කර එක්කගෙන යනවා.ඉන්පසු තෝමස් දැනුවත්ව එතැනින් බසය ඔවුන් රැගෙන යනවා.තෝමස්ද එහි කොටස් කරුවෙකු බව පවසනවා.මේ අතර ජේරාජ් හට ඇමතුමක් පැමිණෙනවා.එයින් වීරවර්ණ හට ලක්ෂ 300ක් ලෑස්ති කරගන්නා ලෙස පවසනවා.මේ අතර ශිවාටද ඇමතුමක් එනවා.කෙල්ල ඕනනම් ලක්ෂ 15ක් ලෑස්ති කරගන්නා ලෙස පවසනවා.කලබල වන ශිවා සත්‍යා සොයා කැම්පස් එකට යනවා.මේ අතර වීරවර්ණ හට අයෙක් පැමිණ දුරකථනයක් දෙනවා.එහිදි ඔහුට දුවව ගැනීමට ලක්ෂ 300ක් ලැස්ති කරගන්නා ලෙස පවසනවා.

එම ඇමතුම සත්‍යා හට දී වීරවර්ණ හට කතා කරන ලෙස පවසනවා.තමාව හා තෝමස්ව පැහැරගෙන ගොස් ඇති බව පවසනවා.බාබු හා ශිවා සත්‍යා බැලීමට කැම්පස් එකට යනවා.ජේරාජ් හට ඇමතුමක් ගන්නා වීරවර්ණ සත්‍යා පැහැරගෙන ඇති බව පවසනවා.බාබු හා ශිවා සිටින තැනට සැම්සන්ගේ ළඟ වැඩ කරන අයෙක් දකිනවා.ඉන්පසු බාබු හා ශිවා ඔහු පසු පස යනවා.මේ අතර සැම්සන්ගේ අයෙක් ජේරාජ්ගේ පසුපසින් ගොස් ඔවුන් මුදල් ගන්නා අයුර බලා සිටිනවා.මේ අතර බාබු හා ශිවා සැම්සන්ගේ ගෝලයෙකු සමඟ යනවා.සත්‍යා සිටින තැනට ශිවා හා බාබු පැමිනෙනවා.එතැන සිටි පිරිස බීමතින් සිටිනවා.මේ අතර ජුඩ් හා ජේරාජ් සල්ලි රැගෙන සැම්සන්ගේ ගෝලයෙකු පිටුපස යනවා.ශිවා තමා බේරාගැනීමට ඇවිත් ඇති බව සත්‍යා දකිනවා.ඉන්පසු ශිවා වෙත පැමිණෙන සැම්සන්ගෙ ගෝලයන් ශිවා හට පිස්තෝලය තබනවා.කෝප වන ශිවා ඔවුන්ට පහර දෙනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *