සතියේ දින වල රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.ප්‍රේක්ෂක ආදරය දිනගනිමින් පසුගිය දින කීපයේ සිදු වුදේ මෙසේයි.දේවානිගේ අතුරුදන් වීම ගැන උවිඳු කනස්සල්ලෙන් සිටිනවා.එය බලා සිටින ඔහුගේ තාත්තා හා නංගි ඔහු එසේ සිටින්නේ ඇයි දැයි විමසනවා.දේවානිගෙන් දින කීපයක සිට තොරතුරක් නැති බව පවසනවා.ඔහුට ඒ ගැන සොයා බලන ලෙස උවිඳු හට ඔවුන් පවසනවා.මේ අතර ලිසා සුසිල් හට දහවල් ඔහු සොයා පැමිණි බවත් දේවානිගේ අතුරුදන් වීමට සුසිල් සැක බවත් පවසනවා.ලිසා දිගින් දිගටම ඒ ගැන පවසා සිටිනවා.මේ අතර උවිඳු හමුවීමට පැමිණෙන යහළුවන් කෙසේ හෝ දේවානි ගැන සොයා බැලීමට යුතු බව පවසනවා.කෙසේ හො දේවානිගේ නිවස සොයා ගත යුතු බව චාමරි පවසනවා.ඉන්පසු සියලු දෙනා එතැනින් පිටත්ව යනවා.මේ අතර ෂෙරිල් මේඝාගේ දුරකථනය රැගෙන සුසිල් හා රාදික හමුවීමට පැමිණෙනවා.එය ඔන් කර තොරතුරු ගැනීටම හැදුවද එය නොහැකි වනවා.සුසිල් කට උත්තරයක් දීමට පොලිසියට යනවා.දේවානිව උවිඳු පැමිණ බස්සවන තැන නිවස් වලට ගොස් ඔවුන් දේවානි ගැන විමසනවා.

නමුත් ඔවුන් කිසිදු තොරතුරක් ඔවුන්ට නොදෙනවා.මේ අතර ගිම්හානි මිස් උවිඳු හට ඇමතුමක් ගන්නවා.ඔහු ආයතනයට නොයෙනවාද කියා විමසනවා.දේවානිගේ පෞද්ගලික තොරතුරු ෆයිල් එකෙන් ලිපියනය අරන් දෙන ලෙස පවසනවා.ඉක්මනින් ආයතනයට පැමිණෙන ලෙස පවසනවා.මේ අතර ඉරෝෂ් හමුවීමට ආරණ්‍යා පැමිණෙනවා.කෝපයෙන් ඇය ඉරෝෂ්ගේ තාත්තා පිස්තෝලයක් සමඟ පොලිසියට හසුවු බව පවසා බැන වැදි එතැනින් පිටව යනවා.ඉක්මනින් උවිඳු ආයතනයට පැමිණ ගිම්හානි හමුවීමට යනවා.තමාට දේවානි ඇමතුමක් දුන් බව ගිම්හානි පවසනවා.උවිඳු තනිව රේස් ට්‍රැක් එකේ යමින් සිටිනවා.ඔහු දකින රාදික හා රයන් ඔහුට කතා කරනවා.එතැනට පැමිණෙන උවිඳු සමඟ රාදික බහින් බස් වීමක් සිදු වනවා.ඉන්පසු එතැනට චාමරි හා යහළුවන් පැමිණෙනවා.මේ අතර පොලිසියෙන් සුසිල් මුණ ගැසීමට පැමිණෙනවා.ඔහු නිවසේ නැතිබව ලිසා ඔවුන්ට පවසනවා.නමුත් ඔවුන් පැමිණෙන තෙක් රැදි සිටින බව පොලිසිය ලිසා හට පවසනවා.මේ අතර සුසිල් නිවසට පැමිණෙනවා.මේඝා සිටින්නේ කොහේද කියා විමසනවා.කිසිවක් නොකියන නිසා ඔවුන් එතැනින් පිටව යනවා.මේ අතර ෂෙරිල් මේඝා හමුවීමට කෑමද රැගෙන පැමිණෙනවා.ෂෙරිල් හට පහර දී මේඝා එතැනින් පැන ගන්නවා.

සුසිල් හට ඇමතුමක් ගන්නා ෂෙරිල් මේඝා පැන ගිය බව පවසනවා.පාර දිගේ දිව එන දේවානිව උවිඳු දකිනවා.එතැනට පැමිණෙන සුසිල්ගේ පිරිස ඇයව රැගෙන යනවා.මේ අතර නැවත වාහනය හරවාගෙන උවිදු පැමිණියද දේවානි එතැන සිටියේ නැත.පසුදින එෂාන්ගේ මව පාරේපැමිණෙනවා.ඇය එන මගට මිනිදුලිද පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම බහින් බස් වීමක් සිදුවනවා.නිවසට පැමිණෙන එෂාන්ගේ අම්මා එෂාන් හට බැන වදිනවා.පසුදින සුසිල් සර් නැවත ආයතනයට පැමිණෙනවා.ගිම්හානි හා පිරිස ඉතාම පුදුමයෙන් බලා සිටිනවා.දේවානි වහම මහේන්ද්‍ර හට කතා කර කුමක් සිදුවුවේද කියා විමසනවා.ඉන්පසු ඔහුට උවමනා ලෙස සිටින බව මහේන්ද්‍ර ගිම්හානි හට පවසනවා.මේඝා තනිව කල්පනා කරමින් සිටිනවා.මේ අතර උවිඳු දේවානිගේ අතුරුදන් වීඹට මේඝාව සැක කර ආණ්‍යා හට කතා කර සිදුව ඇති දේ පවසනවා.තමා එසේ නොකර බව පවසා පරිස්සමින් වැඩ කරන ලෙසත් ගිම්හානි කියන දේ අහන ලෙසත් පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *