සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා. රෙහාන්ගේ නිවසට වත්සලා පැමිණෙනවා.ඉන්පසු සියලු දේ වත්සලා පවසනවා.තමා නිවසට පැමිණෙන විට සරනි නිවසේ සිටි බවත් නන්දසිරි ද නිවසේ නොසිටි බවත් පවසනවා.නන්දසිරිවද ඔවුන් ඉදිරියට ගෙන්වු රෙහාන්ගේ අම්මා නන්දසිරිගෙන් ඔහු හිටියේ ද කියා අසා සිටිනවා. නන්දසිරි වත්සලා හට බැන වදිනවා.නානායක්කාර හට ඇමතුමක් ගන්නා ඩේමියන් ඔහුගේ වීඩියෝ එකක් භානුක හා පිරිස අතර ඇති බවත් එය නැවැත්වීමට යුතු බවත් පවසනවා.තමාට ලක්ෂ 10ක් උවමනා බව ඩේමියන් පවසා නානායක්කාරගෙන් ඉල්ලා සිටිනවා.නමුත් ඔහු අත එවැනි මුදලක් නැති බව නානායක්කා කියනවා.බන්ඩා හට ඇමතුමක් ගන්නා රෙක්සි සිකුරාව සොයාගත්තාද කියා අසනවා.තමා හට එය කිරීමට අමාරු බවත් බන්ඩා ඔහුට පවසනවා.මේ අතර රුක්ෂානා අධිකාරි හට කතා කර තමා රෙහාන්ගේ බිරිඳ බවත් ඔවුන් දෙදෙනා දික්කසාද නොවු බවත් සරනි ලෙස කිසි කෙනෙක් නැති බව පවසනවා.නැවත ඔහුට කතා නොකරන ලෙස පවසා දුරකථනය විසන්ධි කරනවා.ආණ්‍යා හට ඇමතුමක් ගන්නා අධිකාරි රෙහාන්ගේ නිවසට යන ලෙස පවසනවා.එය අසා සිටින උදාරි රෙහාන් හට මෙය පවසනවා.රෙක්සි හට ඇමතුමක් ගන්නා රෙහාන් මෙයට කුමක් හෝ කරන ලෙස පවසනවා.රෙහාන් අධිකාරි වෙත ගොස් තමාට ඇඹිලිපිටියට යාමට උවමනා බවත් පවසා එතැනින් පිටව යනවා.

සරනි හට ඇමතුමක් ගන්නා අධිකාරි තාත්තා හට කෙසේදැයි විමසනවා.මේ අතර රෙහාන් සරනි හට ඇමතුමක් ගෙන ඔහු සමඟ ඇඹිලිපිටියාමට සුදානම් වන බව පසනවා.මේ අතර ආණ්‍යා සරනිගේ නිවසට යමින් සිටිනවා.පාරේ සිටින ජේරාජ් ආණ්‍යා යන අයුරු දකිනවා.ආණ්‍යාගේ කාර් එක පිටුපසින් යන ජේරාජ් ඇයගේ කාර් එක නවත්වනවා.මේ අතර බන්ඩා ඇඹිලිපිටියට යාමට පිටත් වනවා.රෙහාන්ව පරක්කු කරමින් ඇඹිලිපිටියට පැමිණෙන ලෙස බන්ඩා පවසනවා.ආණ්‍යාගේ කාර් එකට නගින ජෙරාජ් ඇයට තමාගෙන් ගැලවීමට නොහැකි බව පවසනවා.සරනි ඇඹිලිපිටි යාමට සුදානම් වී නිවසින් පැමිණෙනවා.ඇය යහළුවෙකුගේ නිවසට යන බව අම්මා හා තාත්තා හට පවසනවා.ඔවුන හට සරනිගේ ගමන ගැන සැක සිතෙනවා.ඉන්පසු සරනිගේ පියා ඇය පසු පස යනවා.මේ අතර ආණ්‍යාගේ නිවසට පැමිණෙන ජෙරාජ් ආණ්‍යා සමඟ බානුකගේ සම්බන්ධයක් ඇති බවත් පවසනවා.මේ අතර බන්ටිගේ පියා බන්ටි පසු පසින් යනවා.බන්ටි සිටින තැනට පැමිණෙන රෙහාන් ගේ කාර් එකට ඇය නැග එතැනින් පිටව යනවා.එය දකින බන්ටිගේ පියා ඇයට කෑ ගසමින් එතැනට පැමිණෙනවා.ඉන්පසු බන්ඩාගේ බෝඩිමට එන බන්ටිගේ පියා බන්ඩාව සොයන බවත් බන්ටි කාර් එකක නැග ගිය පවත් බානුක හා අභියා වෙත පවසා එතැනින් පිවට යනවා.බන්ඩා හා ජුඩාගේ ගමනේදි ඔවුන්ගේ බයිසිකලය කැඩෙනවා.මේ අතර රෙහාන් බන්ඩා හට ඇමතුමක්ගෙන පාර කියන ලෙස පවසනාව.ඔවුන් එන පාරේ අලි සිටින බවත් පුළුවන්නම් එදින රෑ හෝටලයක නතර වී උදෑසන එන ලෙස පවසනවා.ඉන්පසු රෙහාන් හා සරනි එදින හෝටලයක නවාතැන් ගන්නවා.මේ අතර ඩාලිං හට ඇමතුමක් ගන්නා බන්ඩා සිකුරා හට තවත් සම්බන්ධයක් ඇති බවත් ඔහු සමඟ ගැහැණු අයෙක් සිටි පවත් පවසනවා.ඇය එය ඔප්පු කිරීමට ඔහු ලඟපන්තුර ඇති බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *