සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.වත්තේ වැඩ කරමින් සිටින සමාධි ළඟට පැමිණෙන ඊෂා, ඇයට ඇගෙන් දැනගන්නට දෙයක් තිබෙන බවත් නමුත් ඇය ඒ දේ ඇසුවත් හරි පිළිතුරුක් මෙතෙක් වෙන තුරු ලැබී නැති බවත් පවසමින් අගස්ති ඇය ඔහුගේ දුව කියා පිළිගන්නට අකමැති ඇයිද කියා විමිසනවා. ඒ වේලවේ මඳ වේලාවක් කල්පනා කරමින් සිටින සමාධි , අගස්ති එය ඔහුට ඉදිරියේදී ප්‍රශ්නයක් වීමට ඉඩ ඇති කියා සිතන හෙයින් එය පිළිගන්නට අකමැති ඇති බව සමාධි පවසද්දී ඔහුට ඇති වන ප්‍රශ්නය කුමක්ද කියාත් ඔවුන් ඔහුගෙන් කිසිදු දෙයක් ඉල්ලන්නේ නැති බවත් ඊෂා විමසද්දී ඔහුට දුවකු ඉන්නවා කියා ඔහුට ආදරය කරන රසිකාවියන් දැනගතහොත් එය ඔහුට ප්‍රශ්නයක් වෙයි කියා හෝ එසේත් නැතිනම් වින්ඩි දැනගතහොත් ප්‍රශ්නයක් ඇති වෙයි කියා අගස්ති සිතනවා ඇති කියා සමාධි පවසනවා.ඒ අවස්ථාවේ ඇයට කිසිදින අගස්ති ළඟට ඇත්ත කියන්නට සිතුනේ නැද්ද කියා ඊෂා අසද්දී ඇයට කිසිදින ඔහුගේ අකමැත්තෙන් ඇයට තාත්තා කෙනෙකු ලබා දෙන්න උවමනා වුයේ නැති බව සමාධි පවසා සිටිනවා.

මේ වේලාවේ අගස්තිව හමුවන්නට කොළඹට පැමිණි නිලු ඊෂා ගැන කියු දේවල් ගැන සිතමින් සිටින අගස්ති පරිඝනකය ගෙන , ඊෂා පළමුවරට ඔහු හමුවන්නට පැමිණ ඔහුට බැන වදිමින් චෝදනා කල විඩියෝව යළිත් නරඹා අවසන් කර ඉන්පසු ඇයගේ ජිවිත කතාව ගැන ඇය විසින් කියනු ලබන කතාව අසනවා.. ඒ වේලාවේ ඇය විසින් ඇගේ තාත්තා ඇය පුංචි කාලයේදීම අනතුරකට ලක් වී මිය ගිය බවත් ඇගේ අරමුණ වන්නේ හොඳ ගායිකාවක් වීම බවත් එම කතාව තුළ කියනවා. මෙය අසා සුජීවට දුරකථන ඇමතුමක් ලබා ගන්නා අගස්ති, ඔහුට ඔහුව හමුවන්නට අවශ්‍ය බවත් ඔහු ආ පසු කාරණය ගැන කියන්නම් කියාත් අගස්ති පවසමින් දුරකථනය තියනවා.ඉතිං මේ වේලාවේ අගස්ති ළඟට පැමිණෙන වින්ඩි , ඔහු සැරින් සැරේ ඊෂාගේ කතාව බලන්නේ ඇයිද කියා විමසද්දී සැරෙන් සැරේ ඔහු බැලුවේ නැති බවත් දෙතුන් පාරක් ඔහු ඇය කවුද කියා සොයා බැලු බවත් අගස්ති වින්ඩිට බොරු කියමින් පවසනවා.

අගස්තිව හමුවන්නට කොළඹ ගිය නිලු ඒ ගැන සමාධි සහ තරුපති හමුවී පවසා සිටිනවා.ඒ වේලාවේ ඇය දැන සිටියා නම් නිලු අගස්තිව හමුවන්නට කොළඹ යන බව ඇය කිසිසෙත්ම ඇයට යන්නට ඉඩ දෙන්නේ නැති බව සමාධි පවසනවා. ඒ වේලාවේ අගස්ති සහ සමාධි කිසිදින එකතු වන්නේ නැති බව ඇත්ත බවත් නමුත් ඊෂාගේ තාත්තා කියා පිළිගන්නට කෙනෙකු සිටිය යුතු බව නිලු පවසනවා. ඒ වේලාවේ ඔවුන් කුමක් කරත් ඊෂා ඔහුගේ දුව කියා අගස්ති පිිළිගන්නේ නැති බව තරුපති පවසමින් ඔහු එය නොදැන සිටිනවා නොව බවත් නමුත් එය පිළිගන්නට ඔහු බය බවත් තරුපති පවසමින් අගස්ති සිටින්නේ ලොකු සැකයක බවත් ඔහු එය වාසියට හරවගන්නට යන බවත් තරුපති පවසා සිටිනවා. ඒ වේලාවේ මේ සියළු දේවල් අසාගෙන සිටින සමාධි ඉතාමත් සංවේදීව ඇයට කිසිදින අගස්තිගෙන් කිසිදු දෙයක් අවශ්‍ය නැති බව පවසා සිටිනවා. ඉන්පසු නිලු අගස්තිට කවදා හෝ දිනක මුළු ලෝකය ඉදිරියේ ඊෂා කියන්නේ ඔහුගේම දුව බව පිළිගන්නට වෙන බව නිලු පවසනවා. මේ වේලාවේ සමාධි සහ ඊෂා ගැන දුක සිතුන තරුපති, ඕනෑම අවස්ථාවක ඇය සහ ඊෂා වෙනුවෙන් ඔහු අගස්ති සමඟින් කතා කරන්නම් කියා තරුපති පවසද්දී ඔහු එලෙස කල යුතු නැති බව සමාධි පවසනවා.

දිගින් දිගටම විපුලට ඇයට හමුවන්නට එනන් එපා කියා ශානිකා කියා තිබියදීත් එය ගනන් නොගෙන යළිත් ඇයව හමුවන්නට විපුල පැමිණි අවස්ථාවේ ඔහුට ලැජ්ජාවක් නැතිද අසමින් මෙලෙස සැරෙන් සැරේ පැමිණ ඇයට වද දෙන්නේ ඇයිද කියා ශානිකා විමසද්දී, විශාල් නිවසේ සිටිනවාද කියා විපුල අසනවා. ඒ වේලාවේ ඔහුගේ පුතකු ඇගේ ගෙදර නැති බවත් ඔහුගේ පුතා ඇත්තේ නුවරඑළියේ බවත් ශානිකා කෙන්තියෙන් පවසා සිටිද්දී, පුතාට කොහොමද කියා යළිත් විපුල ශානිකාගෙන් අසද්දී මොන ප්‍රශ්න ඔවුන් දෙදෙනා අතර තිබුනත් ඒ සිටින්නේ ඔහුගේ සහ ඇයගේ දරුවා බව විපුල තේරුම් කර දෙන්නට උත්සහා කලත් එ කිසිවකු ගනන් නොගත් ශානිකා යළිත් ඔහුට බැන වදිමින් ඔහුව නිවසින් පන්නා ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *