සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ ලිහිණිට දුරකථන ඇමතුමක් ලබා ගන්නා රදීෂ් ඇය මොකද කරන්නේ කියා අසද්දී , ඔහුට අම්මලා ආ පසු ඇයව අමතක වුවා නේද අසමින් විහිළු කරද්දී එසේ නැති බවත් ඔවුන් පැමිණි පසු ආ ගිය විස්තර ගැන කතා කරමින් බවත් පවසද්දී රදීෂ්ගේ අම්මා රදීෂ් පිටුපසින් පැමිණ ඔහු කතා කරන්නේ කාත් සමඟින් ද කියා ඔහුට හොරෙන් අසාගෙන සිටිනවා.ඒ වේලාවේදීම රදීෂ් ඔහුගේ අම්මාට ඇයව බලන්නට ඕන බව පැවසු බවත් හෙටම ඇයව එක්කගෙන එන්නද කියාත් අසද්දී ඇයට නම් හදිස්සියක් නැති බවත් ඔහුගේ අම්මා කොයි වගේ කෙනෙකුද කියා නොදන්නා හෙයින් ඇයට බය බවත් ලිහිණි පවසනවා. ඉතිං ඔය වේලාවේ ඔහුගේ අම්මා එ අසළට පැමිණ සිටිනවා අහම්බයෙන් වගේ දුටු රදීෂ් ඔහු ඇයට පස්සේ කතා කරන්නම් කියමින් දුරකතනය තියනවා. ඉතිං ඉන්පසු ඔහු කතා කල සියළු දේ අසාගෙන සිටි ඇය , ඇයට ඉතා ඉක්මනින්ම ඔහු මෙලෙස හැංගී හැංගි කතා කරන යාළුවා කවුරුන්ද කියා දැන ගැනීමට අවශ්‍ය බව රදීෂගේ අම්මා පවසනවා.

මේ වේලාවේ අනුහස් සමඟින් ටීෂාව සොයාන්නට පැමිණෙන අවන්ත එ මඟ තිබු කඩයක් අසළින් වාහනය නතර කර ඇගේ රූපයක් පෙන්වමින් ඔහු ඇයව දන්නවාද කියා විමසා සිටිනවා. එ වේලාවේ එම පින්තුරය දකින එම පුද්ගලයා එකපාරටම ගැස්සී ඇයව සොයන්නේ කුමටද කියා අවන්තගෙන් අසද්දී අවන්ත ගානකට නොගෙන ඇය ඔහුගේ පරණ යහළුවකු බව පවසමින් ඇයව ගොඩ කාලයකින් හමුවුයේ නැති බව පවසනවා. ඒ වේලාවේ ඔහු ඇයව දන්නවා වුවත් ඔහුට ඔත්තු දීමට නොහැකි බවත් එලෙස වුවහොත් ඔහුගේ ජිවිතයට එය ප්‍රශ්නයක් වන බවත් එම පුද්ගලයා පවසද්දී අවන්ත දිගින් දිගටම ඒ ටීෂා ගැන තොරතුරුක් ඔහුගෙන් දැනගන්නට උත්සහා කලත් එය එතරම් ලෙහෙසි වුයේ නැහැ. ඉන්පසු අනුහස් ළඟට යන අවන්තගෙන් වැඩේ හරි ගියේ නැ නේද කියා අසමින් ඔවුන් දැන් එතනින් ගොස් හරි විස්තරයක් සොයා ගෙන යළිත් පැමිණෙමු කියමින් තව තවත් ඔහුගෙන් ඇසුව හොත් ඔහු කතා කර ඒ ගැන ටීෂාට කියන්නට පුළුවන් බවත් අනුහස් කියමින් අවන්ත සමඟින් එතැනින් යන්නට යනවා.

මේ වේලාවේ අමීෂාව සොයා ඇගේ ගෙදරට පැමිණෙන මේනක , රදීෂ්ගේ අම්මා සිටිනවා දැක ඇගෙන් ඩිලාන් හරි අමීෂා හරි නිවසේ සිටිනවාද අසමින් ඇය ඩිලාන්ගේ බිරිඳද කියා විමසනවා. ඒ වේලාවේ ඇය ඔව් කියා පවසමින් ඔහු කවුද කියා අසද්දී ඔහු ඔවුන්ගේ කම්පැනියේ ජීඑම් මේනක බව පවසනවා.ඒ වේලාවේ රදීෂ්ගේ අම්මා රදීෂ් කම්පැනියේ හොඳින් වැඩකටයුතු කරනවාද කියා අසද්දී නොන්ඩියට හිනාවක් දාන මේනක, රදීෂ් වැඩ වරද්ද ගන්නට කලින් ඇය ලංකාවට පැමිණි එක හොඳ බව මේනක පවසද්දී ඔහු එසේ කියන්නේ ඇයිද කියා ඇය විමසද්දී කෙල්ලකුගේ ප්‍රශ්නයක් ඔහු දාගෙන ඇති බවත් ඇය ඉතා පිටිසර ගමක කෙල්ලකු බවත් කියමින් රදීෂ් වැනි කෙනෙකුට එවැනි කෙනෙකු ගැලපෙන්නේ නැති බව පවසමින් රදීෂ්ගේ අම්මාගේ ඔළුවට ලිහිණි ගැන වැරදි දේවල ඔළුවට දානවා. ඉන්පසු එය අසා කලබල වුන රදීෂ්ගේ අම්මා කවුද ඒ ගැහැණු ළමයා කියා අසමින් ඔහු කියන්නේ බොරුවක් නොවේ නේද කියා විමසනවා. ඒ වේලාවේ ඔහුට බොරු කියන්නට අවශ්‍ය නැති බවත් නමුත් කිසිවිටක එය ඇයට ඔහු පැවසු බව කියන්නට එපා කියාත් රදීෂ් ඇගෙන් ඉල්ලා සිටිනවා.ඒ වේලාවේ මේ ගැන ඩිලාන් දන්නේ නැති කියා ඇය අසද්දී ඩිලාන්ට ඒ ගැන තේරුමක් නැති බවත් රදීෂ් සිටින වයසයත් සමඟ ඩිලාන් ඒවා වැඩිය ගානකට නොගන්නා බවත් මේනක පවසමින් තව තවත් ඇයට උඩගෙඩි දෙනවා.

ඉතිං මේ වේලාවේ රදීෂ් ගැන ඇයට අමීෂා සමඟින් කතා කරන්නට අවශ්‍ය බව කියමින් රදීෂ්ට ගැහැණු ළමයකු සමගින් සම්බන්ධයක් ඇති බවත් ඒ ගැන ඇය දන්නවාද කියාත් අමීෂාගෙන් විමසමින් එම ගැහැණු ළමයා ගැන හැමොම විවිධ කතා කියනා බව රදීෂ්ගේ අම්මා පවසනවා. ඒ වේලාවේ ඇය දුප්පත් කෙනෙකුද කියා අසමින් ඇය එම ගැහැණු ළමයා ගැන දන්නවාද කියා විමසනවා. එ අවස්ථාවේ ඇය දන්නා බවත් ඇය හරිම හොඳ කෙනෙකු බවත් අමීෂා පවසමින් ඇයට අසනීප වි සිටි කාලයේ ඇය අමීෂාගේ ගෙදරට පැමිණ ඇයට කන්න උයා දී ගෙවල් දොරවල් වලද වැඩ කරදී ලස්සනට ඒ සියළු දේ හදා ගත් බව අමීෂා පවසනවා. ඒ වේලාවේ ඇය වැඩකරකම් කරන ළමයෙකුද කියා රදීෂ්ගේ අම්මා විමසද්දී එසේ නැති බවත් ඇය ඔවුන් සමඟින් ඇති හිතවත්මකට ආ බවත් අමීෂා පවසනවා. ඒ වේලාවේ ඔවුන්ගේ කතාවට එකතු වන රදීෂ්ගේ අක්කා, ඔවුන්ට එම ගැහැණු ළමයාව බලන්න යන්නට බැරිද කියා අමීෂාගෙන් විමසද්දී රදීෂ්ට කතා කරන අමීෂා , ලිහිණිව ඔහුගේ අම්මාටයි , අක්කටයි ගොස් පෙන්වන්න පුළුවන්ද කියා විමසනවා..ඒ වේලාවේ පුළුවන් බවත් නමුත් එතැනට ගොස් මෙවැනි අකාරයට නපුරු විදියට කතා කරන්නට එපා කියාත් ඇය ගමක හැදුණු වැඩුණු අහිංසක ගැහැණු ළමයකු බවත් රදීෂ් පවසා සිටිනවා.ඒ වේලාවේ අහිංසකද නැතිද කියා ඔවුන් බලාගන්නම් කියමින් මුලින්ම ඔවුන්ව එක්කගෙන යන්න තියා රදීෂ්ගේ අක්කා ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *