සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.කම්පැනියට අලුතින් පැමිණි රදීෂ්ට එහි වැඩ කටයුතු ගැන කියමින් එම ස්ථානයන් පෙන්වනු ලබනවා. ඒ වේලාවේ එතැන තිබු ෆැක්ටරියේ කොටසක් රදීෂ් පෙන්වමින් එතැන නම් ඔහුට පෙනෙන පරිදි අවුලක් නැති බවත් කට්ටිය වැඩ කරගෙන යන බවත් පවසද්දී අවුලක් නැත්තේම නැති බවත් ඔවුන්ට පෙනෙන පරිදි වැඩ කෙරිගෙන ගියත් එතැන තිබෙන ලොකුම ප්‍රශ්නය සමහර අවස්ථාවන් වලදි ඔවුන්ගේ ප්‍රඩක්ෂන් ටර්ගට්ස් වලට ඔවුන් පැමිණෙන්නේ නැති බව ඩිලාන් පවසමින් එය ලොකු අඩුවක් බව රදීෂ්ට ඔහු පැහැදිලි කර දෙනවා. මේ වේලාවෙ එලෙස වෙන්න හේතුව විදියට ඔහුට දැනෙන්නේ මැනේජර්ගේ සිට ඒච්ආර් එක දක්වා සිටින්නේ මේනක විසින් පුහුණු කල අය බව ඩිලාන් අන් කිසිවෙකුටත් ඇසෙන්නේ නැති පරිදි රදීෂ්ට ලං වී පවසනවා. ඒ වේලාවේ මේනකව ඔෆිස් එකෙන් අයින් කරද්දී ඔවුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන් බවත් ඩිලාන් පවසනවා.

ඉතිං මේ විදියට ඔහු කියනා සියළු දේ අසාගෙන සිටි රදීෂ් , ඔහුට එම තත්ත්ව තේරුම් ගත හැකි බවත් ඔහුට අවශ්‍ය වන්නේ මෙතැන සිටින මැනේජර්ස්ලා සමඟ සහ එහි සිටින සියළු සේවකයන් සමගින් කතා කර ඔහුට මෙතැන සිදු වන දේ පිළිබඳ අහසක් ගත හැකි බවත් රදීෂ් පවසනවා. නිවසට හොරෙන් දෙව්මිව හමුවන්නට පැමිණෙන අවන්ත, ඔහු ටීෂාව සොයන්නට යන බවත් ඇය ඉන්නේ කොහේද කියා ඔහු දන්නා බවත් දෙව්මිට පවසනවාත් සමඟම එය අසා පුදුම වුන දෙව්මි ඔහු කේසේද එය දැනගත්තේ කියා විමසනවා. ඒ වේලාවේ එය අක්ෂා ඔහුට කියු බවත් පවසමින් ඔහුගෙන් තවත් ප්‍රශ්න අහන්නට එපා කියාත් මේ සිටියා මෙන් ඔහුට කාලය ලබා දෙන්න කියාත් අවන්ත දෙව්මිගෙන් ඉල්ලා සිටිනවා. ඒ වේලාවේ දෙව්මි දිගින් දිගටම ඒ ගැන විස්තර අසද්දී ඇය එලෙස ඔහුගෙන් අසන්නේ ඇයිද අසමින් ඒ ගැන ඔහුට ඇයට කියන්නට බැරි බව අවන්ත පවසනවා. ඒ වේලාවේ මේ ගැන සැකය තිබෙන්නේ ආනන්දට බවත් එහෙයින් ඔහු කරනා දේ කුමක් ද කියා ඇයටත් ආනන්දටත් බලා සිටින්න කියා අවන්ත පවසනවා. ඉන්පසු ඇයට බය වෙන්නට එපා කියාත් ඔහු කෙසේ හෝ එය කර පෙන්වනවා බවටත් පොරොන්දු වෙනවා.

මේ වේලාවේ කම්පැනියේ විස්තර ගැනත් දැන් තත්ත්වය ගැනත් කතා කිරීමට අවශ්‍ය බව කියමින් ඩිලාන් අමීසාව කාර්යාලයට ගෙන්වා ගන්නවා. එලෙගස ගෙන්වාගෙන් ඔවුන් කම්පැනිය දියුණ කල විදිය ගැනත් රවී සමඟින් ඇය එම කම්පැනිය දියුණු කරවන්නට බොහෝ සේ මහන්සී වු බවත් ඩිලාන් පවසමින් එ නිසාම කම්පැනියේ විශේෂ තීරණයන් ගන්නා අවස්ථා වලදී ඇය එතැන සිටිය යුතු බැවින් ඔහු මෙලෙස ඇයට එන්න කියු බව ඩිලාන් පවසනවා. ඉන්පසු ඔවුන්ට කියන්නට තිබෙන දේ කියන්න කියා අමීෂා පවසමින් මේ වෙද්දී කම්පැනිය ගැන බලන්නට රදීෂුත් සිටින හෙයින් බය වෙන්නට දෙයක් නැති බව අමීෂා පවසනවා. ඉන්පසු මේනක කියන්නේ ඇය සිතනා විදියට ඇගේ යාළුවකු නොවන බවත් මේනකට ඔවුන් කිසි කෙනෙකු යාළුවකු නොවන බවත් රදීෂ් පවසමනවා. ඒ වේලාවේ මේනක වරදක් කලා කියන්න ඔවුන්ට තිබෙන සාක්ෂි මොනවාද කියා අමීෂා අසනවාත් සමඟම රදීෂ් අතේ තිබු ෆයිල් එක ඇයට දිගු කරමින් එය හොඳින් බලන්න කියා ඉල්ලා සිටිනවා.ඉතිං ඉන්පසු එම විස්තර බලන අමීෂාටත් තේරුම් යනවා එතැන කුමක් හෝ ප්‍රශ්නයක් ඇති බව. නමුත් ඇයට කිසිසෙත්ම මේනක වරදක් නොකර කම්පැනියෙන් අයින් කිරීමට නොහැකි බව අමීෂා පවසා සිටිනවා.එත් එක්කම ඔහුගේ බැංකු ගිණුමේ මුදල් තිබුනත් ඒවා ඔවුන්ගෙන් ගත් ඒවා කියා සාක්ෂි නැතිව විශ්වාස කරන්නට බැරි බව අමීෂා පවසද්දී ඔහු එය සක්ෂි ඇතුව ඉක්මනින්ම ඔප්පු කරන්නම් කියා රදීෂ් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *