සතියේ දින වල රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රූමා ටෙලි නාට්‍ය මෙසේ ගලා යනවා.මෙහෙමට් හමුවීමට ආ සේරා සෙහෙර් හමු වී ඇයට තමාගේ හිතේ ඇති දේ පවසා එතැනින් පිටව යනවා.මේ අතර එතැනට හලිල් පැමිණෙනවා.හලිල් හටද කිසිවක් නොකියා සේරා එතැනින් පිටව යනවා.ජාන්සු ඇගේ විභාගය ගැන කල්පනා කරමින් සිටිනවා.රුමාගේ අම්මා ජාන්සු හට දීමට ආශිර්වාද කල දෙයක් දෙනවා.එය ඇයට විභාගයට හොඳ බව පවසා ඇයට දෙන ලෙස පවසනවා.මේ අතර රුමාගේ අම්මා තාත්තා හා මල්ලි නෑදෑයකුගේ නිවසට යනවා.ජාන්සු හා නිවසේ සියලු දෙනා රාත්‍රි කෑම ගනිමින් සිටිනවා.එහිදි ජාන්සු තමාව විරාත්ගේ රාත්‍රි සමාජ ශාලාවට කැදවාගෙන යනවා ලෙස පවසනවා.සෙනාම් එයට අකමැති උවද ජාන්සුගේ පියා ඇයව එක්කගෙන යන ලෙස පවසනවා.මේ අතර රූමා නිවසට පැමිණෙනවා.අම්මා දෙන්න කියු බව පවසා ආශිර්වාද කල දේ ජාන්සු හට දෙනවා.රාත්‍රියේදි මෙහෙමට් හා සෙහෙර් දුරකථනයෙන් කතා කරමින් සිටිනවා.ඒ අතර මෙහෙමට් හට ඇමතුමක් ගන්නා සේරා ඔවුන් හට නිවසට ඒමට නොහැකි බවත් රුමා සමඟ සිටින බවත් පවසනවා.

රූමාද නිවසට ඒ වෙලේ පැමිණෙනවා.තමා යහළුවෙකුගේ නිවසට යන බවත් තනිව ඇය නිවසට වී පරිස්සමින් සිටින ලෙසත් මෙහෙමට් පවසනවා.ඔහු එදින උදෑසන වන තෙක් පැමිණින්නේ නැතිද කියා රුමා ඇසු විට ඔහු නොපැමිණෙන බව පවසනවා.මෙහෙමට් නිවසින් පිටව ගිය විට රූමා ඉතාම සතුටින් සිනාසෙනවා.මේ අතර විරාත් හට කුරායි ඇමතුමක් ගන්නවා.ඉන්පසු ඔහුටද රාත්‍රි සමාජ ශාලාවට පැමිණෙන ලෙස පවසනවා.නමුත් විරාත් එහි යාමට අකමැති වනවා.රුමා විරාත් හට ඇමතුමක් ගන්නවා ඒ අතර විරාත්ගේ නිවසේ බෙල් එක නාද වනවා.ඔහු දොර ඇර බැලු විට රුමා ඇවිත් ඇති බව දැක විරාත් රුමාව වැළඳගන්නවා.මෙහෙමට්ද සෙහෙර් හමුවීමට ගොස් රාත්‍රි ආහාර අරගනිමින් සිටිනවා.රුමා විරාත් හට රාත්‍රි කෑම පිළියෙල කරනවා.කෑම කා අවසානයේ රුමා හා විරාත් චිත්‍රපටයක් නරඹමින් සිටිනවා.ඔවුන් හට තමන් දෙදෙනා මඟහැරුණු බව දෙදෙනාම කතා වනවා.නැවත එය නොවන ලෙස රුමා විරාත් සමඟ කතා කරනවා.මේ අතර හන්ඩේ හා කුරායි නිවසට පැමිණෙමින් සිටිනවා.හන්ඩේ බීමතින් කුරායි සමඟ කතා කරමින් සිටිනවා.නමුත් කුරායි ගේ කිසිදු කතාවක් හන්ඩේ නොඅසා එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *