සතියේ දින වල රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකා‍වේ විකාශය වන රූමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රුමා හට තමා වරදකරුවෙකු නොවන වග පැවසීමට විරාත් බොට්ටුව අසලට පැමිණෙනවා.ඔවුන් දෙදෙනා සිටින තැනට සෙනාම් මැඩම් හා ලෙවෙට් පැමිණෙනවා.බෝට්ටුවෙන් එළියට එන රූමා සෙනාම් හා ලෙවෙට් සිපගන්නා අයුරු දැක කලබල වනවා.ඉන්පසු එතැනට පැමිණෙන විරාත් තමා හට අම්මාව හදුන්වා නොදෙනවාද කියාත් සෙනාම් හට විරාත් කතා කරනවා.කලබල වන රුමා ඉක්මනින් එතැනින් යමු යැයි පවසා දෙදෙනාම එතැනින් පිටව යනවා.තමා ගැන රුමා දැනගත් දේට සෙනාම් කලබල වනවා.තමා අම්මා සමඟ කතා කරපු එකට රෑමා අකමැතිදැයි විරාත් විමසනවා.නමුත් රුමා කිසිවක් නොපවසනවා.පොලිසියට යන මෙහෙට් හට පැමිණිල්ල අස් කරගන්නා ගෙස පවසා සෙහෙර් ඇමතුමක් ගන්නවා.පොලිසියට යන මෙහෙමට් එතැන ෆෙයියාස් එහි සිටින අයුරු දකිනවා.සෙහෙර් පැවසු අයුරින් මෙහෙමට් පැමිණිල්ල අස් කරගන්නවා.තාත්තා හමුවන මෙහෙමට් හට පැමිණිල්ල අස් කරගත්තේ ඇයි දැයි අසමින් රිසා ඔහුට බැන වදිනවා.පසුව සෙහෙර් හමුවීමට මෙහෙමට් පැමිණෙනවා.ඇය එසේ කීමට හේතුව කිමදැයි මෙහෙමට් විමසනවා.ඉන්පසු සෙහෙර්ගේ නැන්දා හා ඇය ෆෙයියාස් ගැන බොරු පවසනවා.

ඉන්පසු එය විශ්වාස කරමින් මෙහෙමට් එතැනින් පිටව යනවා.නිවසට පැමිණෙන අම්මා හට රුමා එදින සිදුවු දේ පැවසීමට සුදානම් වනවා.නමුත් සේරා එයට ඇහුම්කම් නොදෙනවා.පසුදින රුමා හමුවීමට යන සෙනාම් ඇයගේ හිතේ ඇති දේ දැනගැනීමට ඇයට කතා කරනවා.නමුත් රුමා වැරැද්දක් නොකල බවත් මේ ගැන සේරාත් දන්නා බවත් පවසනවා.විරාත් හා රුමා නොගැලපෙන බව සෙනාම් පවසනවා.තමා කරන්නේ හරි දේ බවත් ඇයට පරිස්සමින් කරන දේ කරන ලෙසත් පවසා රුමා එතැනින් පිටව යනවා.රුමා හා විරාත් කොලේජ් එකේ කතා කරමින් සිටිනවා.එතැනට හන්ඩේ හා කුරායි පැමිණෙනවා.වැරදි කරුවන් හමුවූවාද කියාත් දැන් විරාත් හට කෙසේදැයි හන්ඩේ විමසනවා.මේ අතර කෝප වන රුමා හන්ඩේ හට බැන වැදි එම පවුලට නොබනින ලෙස පවසා එතැනින් පිටව යනවා.රුමා හා විරාත් කාර් එකේ නැග පිටත් වන විට තමා ඒ කාර් එක හැප්පු කෙනාගේ නංගි උනොත් එම පවුගේ අයෙක් උනොත් විරාත් කුමක් කරාවිද කියා විමසනවා.ඒ ගැන කතා නොකරන ලෙස රුමා හට විරාත් පවසනවා.කෝප වන රූමා කාර් එකෙක් බැස යාමට සුදානම් වනවා.ඔවුන් හට කෙදිනකවත් සතුටින් සිටීමට බැරිද කියා විරාත් රුමාගෙන් අහනවා.එයට දුක හිතෙන රූමා පැමිණ විරාත්ව වැළඳගන්නවා.මේ අතර මෙහෙමට්ගේ කොට්ටය තුල තිබු සෙහෙර්ගේ ඡායාරූපයක් සේරා හට මුණගැසෙනවා.රණ්ඩුවට මුල වන්නේ ඇය දැයි සේරා හැක කරනවා.ඉන්පසු ඇය මෙහෙමට් වැඩ කරන කඩේට යනවා.ඉන්පසු ෆෙයියාස්ගේ කඩය ඇයට පෙන්වන ලෙස සේරා මෙහෙමට් හට පවසනවා.නමුත් මෙහෙමට් ඇයට එය නෙපෙන්වනවා.මේ අතර සෙහෙර් එතැනට පැමිණෙනවා.යාමට සුදානම් වන සෙහෙර් හට තමාගේ පුතාගේ වේදනාවට හේතු වූ අය සොයාගන්නා බව සේරා පවසනවා.කලබල වන සේහෙර් එතැනින් පිටව යනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *