සතියේ දින පහේම රාත්‍රි 9.30ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යයි.කුරායි හා ඔහුගේ පෙම්වතිය කාර් එකේ පාරේ යමින් සිටිනවා.ඔවුන් ඉදිරියට කාර් එක හරස් කර හන්ඩේ තමා හට මෙසේ කරන්නේ ඇයි දැයි විමසනවා.සැමදේම ඉවර බවත් තව දුරටත් හන්ඩේ හට කුරායි රැවටෙන්නේ නැති බවත් පවසා එතැනින් පිටව යනවා.ඔවුන් පිටව යන අයුරු හන්ඩේ දුකින් බලා සිටිනවා.මේ අතර සෙනාම් හා ඇයගේ යහළුවෙක් ලෙවෙන්ට් හමුවීමට පැමිණෙනවා.සෙහෙර් තමා හමුවීමට නොපැමිණි නිසා මෙහෙමට් ඇය සොයා කඩයට පැමිණෙනවා.එහිදි සෙහෙර්ගේ කට තුවාල වී ඇති බව මෙහෙමට් දකිනවා.එය සිදුව ඇත්තේ කෙසේදැයි විමසුවත් සෙහෙර් එයට කිසිවක් පවසන්නේ නෑ.මේ අතර සේරා වැඩ කරන නිවසේ ඇයට ඒ අසලට නොපැමිණෙන ලෙස පැවසු කාමරයෙන් තමා බේරාගන්නා ලෙස කියමින් කවුරුන් හෝ කෑ ගසනවා ඇසෙනවා.එය අසා සිටින සේරා එම නිවසේ හිමියා හට එය පැවසුවත් ඔහු සේරා හට බැන වැදී එම කාමරයට ගොස් දොර වසා ගන්නවා.සවස වැඩ ඇරි නිවසට යමින් සිටන මෙහෙමට් හට කිසියම් පිරිසක් විසින් පහර දෙනු ලබනවා.එතැනට පැමිණෙන වෙනත් පිරිසක් මෙහෙමට්ව දැක ඔහුව ඉක්මනින් හෝලට යාමට සලස්වනවා.

තමාගේ දමා ගිය කරාබුව සොයා සෙනාම් නැවත ලෙවෙට්ගේ බෝට්ටුවට පැමිණෙනවා.මේ අතර විරාත් රුමාගේ හා ඔහුගේ පාසලේ ව්‍යාපෘතිය භාර දීමට රුමාගේ නිවසට පැමිණෙනවා.එහිදි ඔවුන් නිවසේ නැති බව දැනගන්නා විරාත් රුමා සිටින ඇයගේ නිවසට යනවා.මෙහිදි රුමා හා සේරා ඔවුන්ගේ වැඩ කරමින් සිටිනවා.විරාත් ගොස් එම නිවසේ දොරට තට්ටු කරනවා.රුමා දොර ඇරීමට පැමිණියද ඇයට එය නොහැකි වී අම්මා දොර අරනවා.විරාත් දකින සේරා පුදුමයෙන් බලා සිටිනවා.තමා රුමාගේ නිවසට ගිය බවත් ඔවුන් නිවසේ නැති බවත් පවසා එය රුමා හට දෙන ලෙස පවසා සේරා හට එය දෙනවා.ඉන්පසු විරාත් එතැනින් පිටව යනවා.රුමා තමාගැන විස්තර විරාත් හට හංගන දේට අම්මා අකමැති බවත් එය පසු කලෙක දුකක් බවත් පවසනවා.එය අසා සිටින රුමා විරාත් හමුවීමට යනවා.මේ අතර විරාත්ගේ නිවසට පොලිසියෙන් පැමිණෙනවා.එතැනට රුමාද පැමිණෙනවා.මෙහෙමට් නම් අයෙක් විරාත් මිනිසුන් දමා ඔහුට පහර දුන් බව පවසා කට  උත්තරයක් දුන් බව පවසා විරාත්ව පොලිසියට රැගෙන යනවා.එය අසා සිටින රුමා ඉතාම කලබල වනවා.මෙහෙමට් හට ඇමතුමක් ගන්නා රුමා ඔහුට සිදුව ඇති දේ ගැන විමසනවා.මෙහෙමට් බැලීමට රුමා ඉක්මනින් රෝහලට පැමිණෙනවා.හන්ඩේ හට මෙය ආරංචි වී කුරායි වෙතගොස් විරාත් පොලිසියේ බව පවසනවා.තමා එය නොකල බව විරාත් පොලිසියට පවසනවා.මෙහෙමට් හට සිදුව ඇති දේ ඔහුගේ අම්මා හා තාත්තා දැනගන්නවා.මෙය සිදු කලේ විරාත් බව මෙහෙමට් පවසනවා.ඉන්පසු කෝපයෙන් සේරා රුමා දෙස බලා සිටිනවා.

විරාත් පසුව පොලිසියෙන් නිවසට පැමිණෙනවා.ඔහු රුමා සමඟ කතා කිරීමට හැදුවද ඇය දුරකථනයට කතා නොකරනවා.පසුදින උදෑසන රුමා විරාත් හමුවීමට පැමිණෙනවා.තමා හට ඔහු සමඟ කතා කිරීමට උවමනා බව පවසවනා.පසුව දෙදෙනාම එළිය යනවා.මේ අතර විරාත්ගේ පියා රුමාගේ අම්මා හා තාත්තා මුණ ගැසීමට පැමිණෙනවා.ඉන්පසු විරාත් හට මෙම නඩුව හොඳ නැති බවත් එය ඔවුන් හට අයින් කරගන්නා ලෙසත් පවසනවා.නමුත් රිසා හා සේරා එයට අකමැති වනවා.මෙය ඔවුන් නොකල බවත් අවශ්‍යනම් ඔවුන් ණය මුදලින් නිදහස් කරන ලෙසත් උනාල් පැවසුවද ඔවුන් එයට අකමැති වී උනාල්ව නිවසින් පන්නා ගන්නවා.නිවසට එමින් සිටින රුමා විරාත්ගේ පියාව දකිනවා.නිවසට ඉක්මින් එන ඇය සිදු වූ දේ අම්මාගෙන් විමසනවා.සේරා රුමා හට බැන වදිනවා.සෙනාම් මැඩම්ගේ නිවසට යන සේරා හට රුමා හට බෝට්ටුවේ වැඩට නොයන ලෙසත් ඇයට එය අමාරුබවත්පවසනවා.එය ඔවුන්ට කරදරයක් නොව බව හා ඔවුන් හට මුදල් මේ මොහෙතේ උවමනා බවත් පවසනවා.පසුදින රුමා බෝට්ටුවේ වැඩට යාමට සුදානම්ව සිටිනවා.ඇය හමුවීමට පැමිණෙන විරාත් ඇයව බෝට්ටුව අසලින් දමන ලෙස පවසා ඇයව කාර් එකට නග්ගා ගන්නවා.මේ අතර සෙනාම් ලෙවෙට් හමුවීමට පැමිණ තමා සමඟ එළියට යාමට කාතා කරගන්නවා.දෙදෙනාම එතැනින් පිටව යනවා.මේ අතර රුමා බොට්ටුවට පැමිණ ලෙවෙට්ව සොයනවා.විරාත් හට ඇමතුමක් ගන්නා උනාල් වරදකරුවන් අල්ලා ගත් බව පවසනවා.එය පැවසීමට විරාත් රුමා සොයා බොට්ටුවට පැමිණෙනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *