හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රාත්‍රියේදි සත්‍යා දුකින් සිටින අම්මා වෙත යනවා.ගොස් තාත්තා ගැන පවසමින් හිත හදනවා.මේ අතර මෙරිල් ඇමති වීරවර්ණ හට කිරීමට ඇති දේ පවසනවා.දවස් 14කින් නිදහස් කිරීමට අවස්ථාවක් දියයුතු බව දසේ හට මෙරිල් ඇමති පවසනවා.එතැන ඇති මෙරිල් ඇමතිගේ බිරිඳ එය නොකරන ලෙසත් එය සිදු උවහොත් දරුණු බවත් පවසනවා.මාස කිහිපයක් සිරගෙදර තබන ලෙස ඔවුන් කතා කරනවා.මේ අතර වීරවර්ණ හට කතා කරන නීතීඥවරයා ඔවුන් යටතට ගත යුතු බව පවසනවා.උදෑසන සත්‍යා ශිවා සමඟ කතා කරමින් සිටින දේ මේනකා අසා සිටිනවා.එතැනට පැමිණෙන මේනකා සයිවර් ජේරාජ් හට කතා කර ගෙන්වන ලෙස පවසනවා.කෝප වන සත්‍යා තමා යහළුවාට පවසා ගෙන්වා ගන්නා බව පවසනවා.සත්‍යාගේ යහළුවා පාර්ක් එකේ හම්බුණ කොල්ලා නේද බවත් සත්‍යා හට ඔහු නොගැලපෙන බව පවසනවා.කෝප වන සත්‍යා මේනකා හට බැන වදිනවා.ශිවා පුංචි හට කියා සත්‍යා හට තෝසේ ඇය හමුවීමට යනවා.බස් එක පිටුපසින් ශිවා තෝසේ රැගෙන සත්‍යා හමුවීමට යනවා.මේ අතර මේනකා සත්‍යා ශිවා හට පවසා තෝසේ ගෙන්වා ගන්නා බව පවසනවා.ඔහු සත්‍යා හට නොගැළපෙන බව මේනකා පවසනවා.

කෝප වන සත්‍යාගේ මව ඇයට පිහියක් දික් කරනවා.ශිවා බයිසිකලයේ යන අතරතුර සැම්සන් හා පිරිස යන ත්‍රීවිල් එක හැප්පෙනවා.ඉන්පසු ශිවා අසලට පැමිණෙන සැම්සන් තමා වීරවර්ණ හට පාඩමක් ඉගැන්වු බව ත් තවත් ඉවර නැති බවත් සැම්සන් පවසා එතැනින් පිටව යනවා.මේ අතර මෙරිල් ඇමති හමුවීමට රයිනි නම් ගැහැණු ළමයෙක් පැමිණෙනවා.තමා හට ඇමති ළඟ රස්සාවක් උවමනා බව පවසනවා.රැකියාවක් දීමට මෙරිල් ඇමති කැමති උවද ඇයට උවමනා කරන්නේ ඔහුගේ පෞද්ගලික සහයිකාව වීමට බව පවසනවා.ඇයව පසුදින සිට තමා ළඟ වැඩ කිරීමට ගත් බව එතැන සිටි අයට මෙරිල් ඇමති පවසනවා.තමා හට සැම්සන් හමුවු බව ශිවා බාබු හට පවසනවා.මේ අතර සන්තුෂ්එනතුරු බලා සිටින යෙනුකි ඔහුට ඇමතුමක් ගන්නවා.නමුත් සන්තුෂ්ගේ අම්මා එයට කිසිවක් නොකියා සිටිනවා.කෝප වන යෙනුකි සන්තුෂ් යැයි සිතා බැන වදිනවා.තමා සන්තුෂ් නොවන බවත් ඇය පවසනවා.ඉන්පසු යෙනුකි ඇයගෙන් සමාව ගන්නවා.එතැනට පැමිණෙන සන්තුෂ් එය රැගෙන යෙනුකි සමඟ කතා කරනවා.මේ අතර සත්‍යා තාත්තාගේ යහළුවෙක් වන රත්තරං මුදලාලි වෙත යනවා.එහි ගිය අවස්ථාවේ සත්‍යා හට ඔහු බේස්ලට් එකක් දෙනවා.ඉන්පසු එය තමා දෙන එකක් නොවන බවත් එය වීරවර්ණ දුවට හැදු බව පවසනවා.ඉතාමත් දුකින් සත්‍යා හඩමින් තමා තාත්තා හට ආදරේ බව පවසනවා.නිවසට පැමිණෙන මෙරිල් ඇමති ඔහුගේ බිරිඳට ඔහුගේ අකමැත්තෙන් ගත් බව පවසනවා.සත්‍යා සුරේෂ්ගේ පියා හමුවීමට පැමිණෙනවා.සුරේෂ්ගේ පියා හමුවීමට යන සත්‍යා සිදුව ඇති දේ පවසනවා. කෙසේ හෝ එයට මුහුණ දිය යුතු බව පවසා ඇයට උදව් කරන්නම් කියා පවසනවා.සත්‍යා එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *