සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය මේ දින වල කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යකි.පසුගිය සති කීපයේ සිදු වූ දේ මෙසේයි.උදෑසන අවදි වන සත්‍යා ලෑස්ති වී තාත්තා බැලීමට යනවා.තමා අතින් ලියු ලියුමක් සත්‍යාගේ අම්මා සත්‍යා හට දී තාත්තා හට එය දෙන ලෙස පවසනවා.සත්‍යාගේ නිවසට එන ජූඩ්ද වාහනය නවතා ඔවුන් යන්නේ කොහේදැයි විමසනවා.තමාද එන බව පැවසුවත් එයට අකමැති වන සත්‍යා ලෙල්ලමට ගොස් එතැන වැඩ බලන ලෙස පවසනවා.මේ අතර ශිවා ලෙල්ලමට ගොස් මාළු ගෙන ඒමට සුදානම් වනවා.ඔහු අසලට පැමිනෙන කැතරින් තමා හට ප්‍රමාද වී ඇති බවත් ඇයව ඉක්මනින් හොටෙල් එකට ගොස් දමන ලෙසත් පවසා ශිවාගේ බයිසිකලයට නගිනවා.මේ අතර ශිවා හා කැතරින් බයිසිකලයේ යන අයුරු සත්‍යා දකිනවා.සත්‍යාගේ වාහනය දකින කැතරින් ශිවා හට තවත් ලං වෙනවා.සත්‍යා ඔවුන් දැක ඇති බව ශිවා දකිනවා.කෝප වන ශිවා කැතරින් හට බැන ඇයව මගින් බස්සවා එතැනින් පිටව යනවා.මේ අතර සත්‍යා තාත්තා බැලීමට යනවා.අම්මා තාත්තා හට දුන් ලියුමද සත්‍යා තාත්තා හට දෙනවා.එම ලියුම අතට ගන්නා වීරවර්ණගේ යහළුවා එය කියවනවා.සත්‍යා පල්ලියට ගොස් සිස්ටර් හට තමා හට සිදුව ඇති දේ පවසා සිත නිවාගන්නවා.

ඉන්පසු ශිවා හට ඇමතුමක් ගන්නා සත්‍යා තමා පල්ලියේ සිටින බවත් ඇයව මුණගැසීමට එන ලෙසත් පවසනවා.තමාද ශිවා සමඟ එන බව බාබු පවසනවා.සම්බන්ධකම හා යහළුකම පටලවාගන්න එපා කියමින් ශිවා එතැනින් පිටව යනවා.ඉන්පසු එයට බාබු හට දුක හිතෙනවා.ශිවා පල්ලියට යනවා.මේ අතර රයිසින් ස්ටාර් එකේ තරඟකරුවෙක්ද ඔහුගේ වීඩියෝව කිරීමට අවසර ගැනීමට පැමිණෙනවා.මේ අතර කැතරින් ශිවා සොයා පැමිණෙනවා.ශිවා අත ඇති දුරකතනය උදුරාගෙන කැතරින් දිව යනවා.කෝපයෙන් යන ශිවා කැතරින් හට පහරදී ඇය කරන වැඩේ නවත්වන ලෙස පවසනවා.ඉන්පසු එතැනින් ශිවා පිටව ගොස් ඔහුගේ පුංචි සමඟ කැතරින් ගැන කියනවා.ඔවුන් කතා කරමින් සිටින විට කැතරින් මුහුදට පනින්ට යන බව දකිනවා.ශිවා ඉක්මනින් ගොස් ඇය බේරාගන්නවා.මේ අතර සැම්සන් තෝමස් සමඟ එකතු වී සත්‍යාව පැහැරගැනීමට සුදානම් වනවා.ශිවා බාබු හමුවීමට එනවා.ශිවා කියු දේට බාබු කෝපයෙන් සිටිනවා.මේ අතර සත්‍යා සුරේෂ්ගේ වීඩියෝව දැක ඔහුගේ පියා නීතිඥයෙක් බව දැනගන්නවා.ඉන්පසු ඔහු හට ඇමතුමක් ගන්නා සත්‍යා තමාගේ පියා සිටින්නේ හිරේ බවත් එයට ඔහුගේ පියාගෙන් උදව් ඉල්ලනවා.මේ අතර සත්‍යා බෝට්ටුවෙත යනවා.ඉන්පසු බීමතින් ජූඩ් පැමිණෙනවා. කෝප වන සත්‍යා ජුඩ් හට පහර දෙනවා.මේ අතර සුරේෂ් අම්මාද සමඟ තම තාත්තා හට සත්‍යාගේ විස්තරය පවසනවා.ඉන්පසු පසුදින පැමිණ තමාව හමුවන ලෙස සුරේෂ් හට පියා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *