සතිය දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල කා අතරත් ජනප්‍රිය ටෙලිකතාවකි.තාත්තා සමඟ කතා කරන සත්‍යා හට ශිවාට හා බාබුට ඔවුන්ගේ කඩය අඩු මුදලකට දීමට කැමතිබව පවසනවා.එයට සත්‍යා හට නැවත මැදිහත් නොවෙන ලෙස බවසනවා.ඉන්පසු එය සත්‍යා ශිවා හට ඇමතුමක් ගෙන පවසනවා.ඉතාමත් සතුටු වන ශිවා පුංචි හටද එය පවසනවා.මේ අතර වීරවර්ණ ඔහුගේ මිතුරෙකුගේ උත්සවයක් සඳහා සහභාගි වනවා.එහිදි ඔවුන් තරුණ වයසේ සිදුකල දේවල් පිළිබඳ කතා බහ කරමින් සිටිනවා.ඔවුන් අසලට පැමිණෙන වීරවර්ණගේ යහළුවාගේ බිරිද මෙරිල් ඇමතිතුමා ආ බවත් ඔහු සමඟ කතා කිරීමට යනලෙස බවසනවා.වීරවර්ණ තනිව සිටින තැනට මෙරිල් ඇමතිතුමා පැමිණ තනිව නොසිටින ලෙසත් පවසනවා.දෙදෙනා අතරම එතැන වචන හුවමාරුවක් ද සිදුවනවා.පසුදින වීරවර්ණගේ බෝට්ටු පරික්ෂාකිරීමට පොලිසියෙන් පැමිණෙනවා.ඉන්පසු ඔවුන් හට එහි තිබු මත්කුඩු හමුවනවා.ඉන්පසු එතැන සිටි අයෙක් ඔවුන් අත්අඩංගුවට ගන්නවා.ඇමතුමක් ගන්නා පොලිසි ඕ.අයි.සී වීරවර්ණ හට තමා හමුවීමට එන බව පවසනවා.වීරවර්ණගේ නිවසට පැමිණෙන පොලිසිය සිදු වූ දේ ගැන පවසනවා.විරවර්ණවද රැගෙන ඔවුන් පොලිසියට පිටත්ව යනවා.

කලබල වන සත්‍යාගේ අම්මා සත්‍යා හට මෙය පවසන ලෙස ඇය බලාගන්නා කාත්තාවට පවසනවා.සියලු දේ දැනගන්නා සත්‍යා ඉක්මිනින් නිවසට යාමට පිටත් වනවා.මේ අතර ශිවාවෙත පැමිණෙන ශිවාගේ පුංචි වීරවර්ණ පොලිසියට හසුවු බව වැල්ලේ කතා වන බව පවසනවා.මෙය ඇමතිගේ වැඩක් බව ශිවා පවසා ඉක්මිනින් ඔහු එතැනින් පිටව යනවා.නිවසට යන සත්‍යා ජේරාඩ් සමඟ පොලිසියට යනවා.පොලිසියට යන සත්‍යා හට කිසිවක් හංගන්නට උවමනා නැති බවත් ඔහු හිරගෙදර දවස් 14ක් සිටීමට යුතු බව පවසනවා.එසේ නොකරන ලෙස සත්‍යා පැවසුවද එය උසාවියේදි ඔප්පු කරන ලෙස පවසනවා.වීර්වර්ණ වෙත යන සත්‍යා කෙසේ හෝ තමාව බේරගන්නා බවපවසා හඬමින් එතැනින් පිටව යනවා.ඉන්පසු ඇය වීරවර්ණගේ බෝට්ටුවල වැඩ කල සියලු දෙනා හට කතා කර කරගෙන ආ වැඩ ඉදිරියට කරගෙන යන ලෙස පවසනවා.ශිවා හා බාබු සිදුව ඇති දේ ගැන කල්පනා කරමින් සිටිනවා.සත්‍යා හට ඇමතුමක් ගන්නා ශිවා ලෝයර් කෙනෙක් සොයාදෙන ලෙස පවසනවා.බන්ටිගේ සැලෝන් එකට යන බාබු හා ශිවා ඔහු දන්නා ලොයර් කෙනෙක් හමුවීමට යනවා.කැම්පස් එක අසලට පැමිණෙන සත්තුෂ් යෙනුකි හට තමා සමඟ යහළුවෙකුගේ හෝටලයට යාමට කතා කරනවා.එයට අකමැති වන යෙනුකි යහළුවන්වද කාර් එකට දමාගෙන ඒගමන යාමට සුදානම් වනවා.රාත්‍රියේදි සත්‍යාගේ නිවසට ලෝයර් කෙනෙක් පැමිණෙනවා.ඔහු සමඟ කතා කරන සත්‍යා ඔහු ගිය පසු ජේරාජ් සමඟ ඔහු හරියට වැඩේ කරාවිද කියා සැක කරනවා. පසුදින උසාවියට යාමට ශිවා හා සත්‍යාද සුදානම් වනවා.විරවර්ණගේ නඩුවෙන්පසු ඔහු හිරේ දමා ඇති බව මෙරිල් ඇමතිතුමාහට ඇමතුමක් දී පවසනවා.ඉතාමත් දුකින් සත්‍යා නිවසට පැමිණෙනවා.ඉන්පසු කෙසේ හෝ තාත්තා බේරාගන්නා බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *