සතියේ දින පහේම රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා ගියා.රාත්‍රියේදි දේවානි උවිඳු හට ඇමතුමක් ගන්නවා.දෙදෙනා කතා කර තමාගේ නින්දට බාධා කල බව උවිඳුගේ බාප්පා කතා කර බැන වදිනවා.උදෑසන උවිඳු රැකියාවට යාමට පිට වනවා.එළියට එන විට ඔහු ලිස්සා වැටීමට යනවා.එය දකින අම්මා ගමනට බාධා වූවා කියා ටිකක් ඉද යන ලෙස පවසනවා.තමා හට ප්‍රමාද වන බව පවසා ඔහු පිට වනවා.ආයතනයට එන උවිඳු වෙත ජෝන් පැමිණ දේවානි මිස් කොහේදැයි විමසනවා.තමාගෙන් ඇය ගැන නොඅසන ලෙස පැවසුවද උවිදුගේ හිතේ දේවානි ගැන ආදරයක් ඇති බව පවසනවා. කිසි දිනක දේවානි උවිඳු හට කැමති වෙන්නේ නැති බව පවසා ජෝන් එතැනින් පිටව යනවා.දේවානි ප්‍රමාද වී පැමිණෙනවා.උවිඳු හා දේවානි එකිනෙකාට හිනා වෙමින් සිටිනවා.එය දකින ගිම්හානි හට දුක සිති තමාගේ හිත කෙසේ හෝ සාදා ගත යුතු බව පවසනවා.ගිම්හානි එතැනින් නැගිට ගිය විට උවිඳු දේවානි වෙත ගොස් කතා කරනවා.ඔවුන් දෙදෙනා එකිනෙකාගේ අතින් අල්ලාගෙන සිටියදි එතැනට ජෝන් පැමිණෙනවා.කලබල වන දේවානි නැගිට එතැනින් පිටව යනවා.කිසිවක් නොකියා ජොන් සිදු වූ දේ කල්පනා කරනවා.දේවානිගේ අත් හිරි වැටී ඇති බවත් එනිසා අතින් අල්ලාගෙන සිටි බවත් පවසනවා.සුසිල් හා රාදික හමුවීමට ලිසා පැමිණෙනවා.එහිදි ඉක්මනින් ලිසාව විවාහ වන ලෙස රාදික හට පවසනවා.සවස දේවානිව නිවසට දැමීමට යන උවිඳු තමා හට නිවස පෙන්වා දුන්නේ නැති බව පවසනවා.ඔවුන්ගේ කාර් එක පිටු පසින් බයිසිකලයක පුද්ගලයෙක් ගමන් ගන්නවා.

 

මේ අතර රයන් හා රාදික සිටින තැනට චාමරිපැමිණෙනවා.ඉන්පසු රේස් එක පැදීමට ලියාපදිංචි වීමට පාදුක්ක හෝටලයකට ඔවුන් ගිය බවත් උවිඳු හට එය කර ගැනීමට නොහැකි බවත් පවසනවා.එය අසා සිටින චාමරි උවිඳු හට කතා කර එය හෝටලයට යන ලෙස පවසනවා.ඇය ඇමතුමක් දෙන අයුරු බලා සිටින රාදික හා රයන් ඔවුන් කල බොරුව ගැන කතා වනවා.දේවානි කාර් එකෙන් බැස නිවසට යමින් සිටිනවා.කවුරුන්හෝ පිරිසක් පැමිණ ඇයව වෑන් එකක් ඇතුලට දමාගන්නවා.උවිඳුද චාමරිගේ කීමට හෝටලයට යමින් සිටිනවා.මේ අතර හසන්ත නිවසින් පිටවන විට එශාන් හට ඔහුගේ ඉනේ තිබු තුවක්කුව දැක බිය වනවා.ඉන්පසු එය සුසිල් හට දීමට යන ලෙස ඉරෝෂ්ට හා එෂාන් හට පවසනවා.වෑන් රථයට නැග යන දේවානි කෑ ගසමින් යනවා.මේ අතර හසන්ත උවිඳුගේ පිටුපස යමින් සිටිනවා.එතැනට පැමිණෙන කාර් එකක හසන්ත හැප්පෙනවා.එම කාර් එකෙන් බහින ගැහැණු කෙනා හසන්තිගේ බයිසිකලයේ යතුර ගෙන පොලිසියට මෙය කිව යුතු බව පවසනවා.මේ අතර දේවානි ප්‍රමාද වූ නිසා ආරණ්‍යා ඇයට ඇමතුම් ගන්නවා.නමුත් ඇගේ දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බව පවසනවා.එතැනට පැමිණෙන දේවානිගේ තාත්තා හට ආරණ්‍යා සියලු දේ පවසනවා.

 

ඉන්පසු ඔහු උවිඳු හට ඇමතුමක් ගෙන දේවානි සිටින්නේ ඔහු සමඟද කියා විමසනවා.ඉන්පසු දේවානි හට කරදරයක් වී ඇත බව තේරුම් ගන්නා ඔවුන් දේවානි සෙවීමට යනවා.මේ අතර හසන්ත වෙත පැමිණෙන පොලිසිය හට ඔහු ළඟ තිබු තුවක්කුව දැක පොලිසියට ඔහු රැගෙන යනවා.හසන්ත හිරේ ඇති බව ඔහුගේ බිරිඳ එෂාන් හා ඉරෝෂ් හට පවසනවා.තමා ගොස් තාත්තා බේරා ගන්නා බව ඉරෝෂ් පවසනවා.දුරකථනය උදුරාගන්නා ඉරෝෂ් සුසිල් හට බැන වදිනවා.රාත්‍රියේදි දේවානිගේ දුරකථනය විසන්ධි කර ඇති නිසා උවිඳු කලබල වනවා.දේවානිව කවුරුන්හෝ හිරකරගෙන සිටින බව පෙන්වනවා.වෙස් වලාගනිමින් එතැනට සුසිල්ගේ ගෝලයෙක් වන ෂෙරිල් එතැනට පැමිණ ඇයට උවමනා දේවල් වලට පවසන ලෙස පවසනවා.පසුදින පැමිණෙන උවිඳු ගිම්හානිගෙන් දේවානි ගැන විමසනවා.ඇය නොදන්නා බව පවසා ඉක්මින් ගිම්හානි එතැනින් පිටව යනවා.දේවානි හට කුමක් හෝ සිදුව ඇති බව උවිඳු පවසනවා.මේ අතර දේවානිගේ නිවසට පොලිසියෙන් පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *