සතියේ දින පහේම රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.උණ සෑදි ඇති බාප්පා දැක උවිඳු හට මිනිදුලි විස්තර පවසනවා.ඉන්පසු බේත් ගෙන ඒමට සුදානම් වන බව පවසනවා.නමුත් ඔහු යාමට අකමැති වනවා.මේ අතර රාත්‍රියේදි දේශිත නසිරා ගැන කල්පනා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන එම නිවසේ සිටින ගැහැණු ළමයා නැන්දා පව් බවත් ඇය ගැන සිතන ලෙසත් පවසනවා.තමාට අවශ්‍ය වන්නේ ඔවුන්ට උදව් කිරීමට බව ඇය පවසනවා.එතැනින් පිට වන්නට කිව්වද ඇය පිට නොවන නිසා දේශිත ඇයව කාමරයෙන් ඇඳ දමනවා.මේඝා අසලට පැමිණෙන ආරණ්‍යාගේ මව ඇය නරක පව්ලකට සම්බන්ධ වී විනාශ වන බව පවසනවා.ආරණ්‍යා පවසන ආකාරයට ඉරෝෂ් හොඳ බවමේඝා පවසනවා.නමුත් පවුලේ අය හොඳ නැති බව පවසනවා.ඔවුන් කතා කරන තැනට ආරණ්‍යාද පැමිණෙනවා.තමා කිසිම විටක දෙමාපියන්ගේ අකමැත්තෙන් එය නොකරන බවත් ඉරෝෂ් හට ඇය අකමැති නොවන බවත් පවසනවා.කෝප වන අම්මා එතැනින් පිටව යනවා.මේ අතර ආරණ්‍යා දුරකථනයක් රැගෙන පැමිණ උවිඳු රැවැට්ටීමට මේඝා සමඟ එකතු වනවා.ඉන්පසු රාත්‍රියේදි ඇමතුමක් ගන්නා ආරණ්‍යා තමා උවිඳුව දන්නා බවත් ඇය මේඝා බවත් පවසනවා.කෝප වන උවිඳු ඇයට බැන විහිළු කිරීමට වෙන අයෙක් සොයාගන්නා බව පවසනවා.ඉරෝෂ්ගේ අම්මා තාත්තා අසලට ගොස් කෙසේ හෝ ඉරෝෂ් හා ආරණ්‍යා විවාහ කර පිටරට යැවිය යුතු බව පවසනවා.

හැමදේම නතර කරන ලෙස බොරු පැවසුවේ ඇයිදැයි ශීමති හසන්තගෙන් විමසනවා.මේ අතර රාත්‍රියේදි උවිඳුගේ බාප්පා හීනෙන් කෑ ගහනවා.එය දකින උවිඳු ඇයි දැයි විමසනවා.මේ අතර රාදික ලීසා හමුවීමට පැමිණෙනවා.තමා ඇය හමුවීමටම ආ බව පවසා දෙදෙනාම එතැනින් පිටව යනවා.උදෑසන ඉරෝෂ් හට අම්මා හා තාත්තා ඉක්මනින් විවාහ වී පිටරට යන ලෙස පවසනවා.උදෑසන ආයතනයට එන උවිඳු තමා හට නිවාඩුවක් උවමනා බව ගිම්හානි හට පවසනවා.මාමා හට බේත් අරන් දීමට උවමනා බව පවසා අදට විතරක් යන ලෙස පවසනවා.උවිඳු රේස් එකට යනවා.මේ අතර ගිම්හානි මේඝා හට උවිඳුගේ රේස් එකක් බැලීමට යමු යැයි පවසනවා.මේ අතර ආරණ්‍යා ඉරෝෂ් හමුවීමට එනවා.ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින තැනට ආරණ්‍යාගේ අම්මා පැමිණ තම දරුවාගෙන් ඈත් වෙලා සිටින ලෙසත් පවසා ආරණ්‍යාව එතැනින් එක්කරගෙන යනවා.ගිම්හානි මේඝා හා ආරණ්‍යා උවිඳුගේ රේස් එක බැලීමට යනවා.ඔවුන් පැමිණ ඇති බව උවිඳු දකිනවා.එතැනට යන උවිඳු ඔවුන් සමඟ කතා කරනවා.උවිඳුගේ රේස් එක පටන් ගන්නවා.එයින් උවිඳු පරාදය වනවා.රාත්‍රියේදි ආරණ්‍යා හට කතා කරන මහේන්ද්‍ර ඇති වී ඇති ප්‍රශ්ණයට හොඳින් මුහුණ දෙන ලෙසත් පවුගේ සමගිය නැති නොකරගන්නා ලෙස පවසනවා.එදිනද මේඝා හා ආරණ්‍යා උවිඳු හට ඇමතුමක් ගන්නවා.කෝප වන උවිඳු බැන වැදී දුරකථනය විසන්ධි කරනවා.පසුදින ආයතනයට එන උවිඳුගෙන් බොරු කියා නිවාඩු ගත් දේට බැන වදිනවා.ඇය මහේන්ද්‍ර සර් හට එය කියු බවත් එයට අවසර දෙන ලෙසත් ඔහු පැවසු බව ගිම්හානි මිස් පවසනවා.මේ අතර රන්දුලි එෂාන්ගේ නිවසට පැමිණෙනවා.කලබල වන එෂාන් ඇයට යන ලෙස පවසනවා.ඔවුන් අසලට පැමිණෙ එෂාන්ගේ අම්මා පැමිණ රන්දුලි හට බැන වදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *