සතියේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රෙහාන්ගේ නිවසෙන් ආ සරනි යහළුවන් සමඟ ඔවුන්ගේ නිවසට වී කතා කරමින් සිටිනවා.මේ අතර ඇය රෙහාන්ට ආදරය කරන බවපවසා ජුඩ් සරනි හට බැන වදිනවා.ජෙරාඩ් අරවින්දි හමුවීමට පැමිණෙනවා.ඔහු යහළුවෙකු සමඟ දුරකථනයෙන් කතා කරමින් සිටින විට එතැනට ආණ්‍යාගේ කාර් එක පැමිණෙනවා.තමා අරවින්දි හට හමුවීමට එන්න කියුවද පැමිණෙන්නේ ආණ්‍යා බව ජෙරාඩ් යහළුවා හට පවසා දුරකථනය විසන්ධි කරනවා.කාර් එකෙන් අරවින්දි ද බැස එන බව ජෙරාඩ් දකිනවා.එතැනට පැමිණෙන අරවින්දි ජෙරාඩ් හට පහර දෙනවා.ජෙරාඩ් ඔවුන් හට කතා කිරීමට හැදුවද අරවින්දිව තල්ලු කර එතැනින් පිටව යනවා.මේ අතර බානුක හට ඇමතුමක් ගන්නා ආණ්‍යා ඔහුට ඇයව හමුවන ලෙස පවසනවා.ඔහුට තනිව ඇය හමුවීමට එන ලෙස පවසා ඉක්මනින් ඇය හමුවීමට එන ලෙසපවසනවා.මේ අතර රෙහාන්ගේ අම්මා නිවසට පැමිණෙනවා.ඩේමියන්ගේ මැරයෙක්ව රැගෙන පොලිසිය බණ්ඩාගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔහුව බන්ඩාගෙන් ඔහු ගැන විමසද්දි භානුක පැහැරගැනීමට ආ බව පවසනවා.මේ අතර බන්ටි නිවසට පැමිණෙනවා.ආණ්‍යා හමුවීමට ආ භානුක හට ආණ්‍යා සියලු දේ පවසනවා.ජෙරාඩ් ඇයට නොගැලපෙන බව භානුක පවසනවා.රෙහාන් ගෙදර නැති වේලාවේ අම්මා හා නංගි නිවස සෝදිසි කරනවා.ඔවුන් නැති වේලාවේ කවුරුන් හෝ නිවසේ සිට අති බව සැක කරනවා.පසුදින බන්ඩා සමඟ වත්සලා සිකුරාගේ නිවසට යාමට සුදානම් වනවා.මේ අතර සිකුරා හමුවීමට යාමට නොහැකි බව බන්ඩා පවසනවා.ඉන්පසු තනිවම වත්සලා සිකුරා හමුවීමට යනවා.සිකුරාට ඇය සමඟ කෝපි එකක් බීමට යාමට කතා කලද එදින ඒමට අකමැති වන සිකුරා වෙනත් දවසක පැමිණෙන බව පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *