සතියෙ දින වල රාත්‍රි 8.30ට ස්වරණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.ඩේමියන්ගේ මැරයන් ඔවුන් හට කුමක් හෝ කරයි කියා ජුඩා අභියා භානුක හට කියනවා.ඉන්පසු කුමක් හෝ කල යුතු බව පවසනවා.මේ අතර ඩාලිං හා සිකුරා අළුවිහාරේ නිවසේ සිටි නැති නිසා කුමක් හෝ කලයුතු බව කතා වෙමින් සිටිනවා.මේ අතර ඩේමියන්ව පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්ණ කරනවා.ඩේමියන් හට කතා කර භානුක සඟවා සිටින තැන කියන ලෙස පවසනවා.ඔහු මේ කිසිවක් දන්නේ නැති බව පවසනවා.ඒ අතර පහර කන ඩේමියන් පොලිසිය හට බිය වී සිදු වූ දේ පවසනවා.සවස වැඩට ගොස් රෙහාන් නිවසට පැමිණෙනවා.සරනි තනිව කල්පනා කරමින් සිටිනවා.ඉන්පසු නැවත රෙහාන්ගේ අම්මා අසනීප වී ලංකාවට එන ලෙස පවසනවා.මේ අතර කුමක් හෝ විසඳුමක් දෙන ලෙස රෙහාන් සරනිගෙන් ඉල්ලා සිටිනවා.විසඳුමක් දුන් විට ඇයට ගෙවනවාද කියා සරනි රෙහාන්ගෙන් විමසනවා.කෝප වන රෙහාන් ඇයට කිසිවක් හිතන්න එපා කියමින් එතැනින් පිටව යනවා.පසුදින ඩේමියන් බැලීමට නානායක්කාර පැමිනෙනවා.තමා එය කිරීමට එපා කියු බව පවසා නානායක්කාර ඩේමියන් හට පවසනවා.කුමක් හෝ කරන ලෙස ඩේමියන් නානායක්කාර හට පවසනවා.බන්ඩා හට ඇමතුමක් ගන්නා සරනි අම්මා ලංකාවට එන බව පවසනවා.

ආණ්‍යාද නැවතත් එන බවත් ඇයව රෙහාන්ගේ අම්මා හට මුණගැස්වීමට නොහැකි බවත් පවසනවා.ඉන්පසු කුමක් හෝ සිතා ඇයට කතා කරන ලෙස පවසා දුරකථනය විසන්ධි කරනවා.රාත්‍රියේදි ආණ්‍යා සරනි හමුවීමට පැමිණෙනවා.උදෑසන රෙහාන් හට ඇමතුමක් ගන්නා ඔහුගේ නංගි ඔවුන් එන බව පවසනවා.එය දැනගත් වහාම රෙහාන් සරනි හට කතා කර කුමක් හෝ කරන ලෙස පවසනවා.මේ අතර ඩාලිං බණ්ඩ හමුවීමට යනවා.සිකුරාටද ඇය සමඟඑන ලෙස පවසනවා නමුත් ඔහුට ඒමට බැරි ලෙස පවසනවා.කිසිවක් කරකියා ගැනීමට නොහැකි වන රෙහාන් රෙක්සි හට සියලු විස්තර පවසනවා.ඉන්පසු රෙක්සි බන්ඩා හට අමතා කුමක් හෝ කරන ලෙස පවසනවා.මේ අතර බණ්ඩා හමුවීමට පැමිණෙන ඩාලිං තමාගේ ලක්ෂ දෙකක් දෙන ලෙසත් සල්ලි දුන්නේ නැතිනම් රෙහාන්ගේ නිවසට යන බවත් පවසනවා.සල්ලි නොදෙන බව බන්ඩා පැවසු පසු ඇය සරනිගේ නිවසට ගොස් සියලු දේ පවස ලෙස පවසා එතැනින් පිටව යනවා.මේ අතර සරනි හට ඇමතුමක් ගන්නා බන්ඩා තාත්තා හට අසනීප බවත් පවසා රෙහාන් සමඟ කෙසේ හෝ ආණ්‍යාව නිවසට යවන ලෙස පවසනවා.ඉන්පසු බන්ඩා කියු ආකාරයටම සරනි රෙහාන් සමඟ ආණ්‍යා ඉදිරියේ රඟපානවා.ඉන්පසු සරනි ඇඳගනිමින් පිටත්වීමට සුදානම් වනවා.මේ අතර ආණ්‍යාද ඔවුන් සමඟ ඒමට සුදානම් වනවා.කලබල වන සරනි බන්ඩා හට ඇමතුමක් ගන්නවා.බණ්ඩා අරවින්දි හට ඇමතුමක් ගෙන ජේරාඩ් ආණ්‍යා සමඟ සම්බන්ධයක් ඇති බව පවසනවා. කෝප වන අරවින්දි ආණ්‍යා හා ජෙරාඩ් සමඟ ඇමතුමක් ගන්නවා.තමා හට ප්‍රශ්ණයක් බවත් තමා ගමනට නොඑන බවත් පවසා රෙහාන් හට යන ලෙස පවසනවා.ඉන්පසු රෙහාන් හා සරනි පිටත් වනවා.කාර් එකෙන් බහින් සරනි රෙහාන්ගෙන් ගත් චෙක්පත් ඇය ගනුදෙනුවක් නොකළ බවත් පවසා නැවත ඔහුට දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *