සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.විශාකා සිටින තැනට පැමිණෙන අභිමන්ට ලොයිඩ් ඉතා ඉක්මනින් ඔහුගේ සහ කුරුළුගේ විවාහය ඉක්මන් කරන්න කියුවාට පුදුම බවත් මන්ද ඔහු හිතන පතන ආකාරය ගැන ඇය හොඳින්ම දන්නා බවත් විශාකා පවසනවා. ඒ වේලාවේ ලොයිඩ් කොහොමත් ඔහු සහ කුරුළු සතුටින් ඉන්නවාට වඩා කැමති හෙයින් ඔවුන්ට කැමත්ත දුන් බවත් ඒ වගේම ඔහුගේ හිතේ පුංචි බයක් ඔහු ගැන තිබෙන බවත් ඒ ලොයිඩ්ට සිදු වු දේ ඔහුටත් සිදු වෙයි කියා බවත් අභිමන් පවසද්දී ඇය සහ ලොයිඩ් වෙන් වෙන්නට හේතුව ඇය කියා ඔහුත් සිතනවාද කියා විශාකා අසද්දී එම ප්‍රශ්නය මඟ හරින අභිමන් එය අමතක කරනන් කියමින් ඇය ඔහුගේ සහ කුරුළුගේ විවාහය ගැන මොනවාද හිතන්නේ කියා සතුටින් අසනවා.ඒ අවස්ථාවේ ඔහු කුරුළු සමඟින් විවාහ වෙනවාට කැමති බවත් ඔහුට මේ ලොකේ හොඳින්ම ගැලපෙන කෙනා ඇය බවත් විශාකා පවසමින් ඔහුගේ තේරීම ගැන ඇය අඩම්බර වන බව පවසනවා.

ඉතිං මේ විදියට කුරුළු ගැන විශාකා අගය කරමින් ඉන්නවාත් සමඟම අභිමන්ට නොදන්නා දුරකතන අංකයකින් කුරුළු සහ අදිත්‍ය සිටින ඡායාරූප කිහිපයක් එනවා.ඒ අවස්ථාවේ ඔහු කලබල වී සිටිනවා දකින විශාකා කුමක්ද ප්‍රශ්නය කියා ඔහුගෙන් විමසද්දී ප්‍රශ්නයක් නැති බව පවසමින් ඔහු එය ඇයට සඟවනවා. එත් එකක්ම එම ඡායාරූප දැක කලබල වුන අභිමන් එහි ඇත්ත නැත්ත ගැන දැන ගැනීමට කුරුළුට දුරුකථන ඇමතුමක් ලබා ගන්නවා.ඒලෙස ගෙන ඇය කොහේද ඉන්නේ කියා විමසද්දී ඇය එළියට ගොස් ඒ මොහොතේ නිවසට ආ බව පවසද්දී ඇය එළියට ගියේ ඇයිද අසමින් ඇය කිවුවානම් ඔහු ඇයත් සමඟින් යන්ට එන බව අභිමන් පවසනවා. මේ වේලාවේ ඔහුට ඕනැ කරන්නේ කුරුළුගෙන්ම ඇය අදිත්‍යව මුණගැසෙන්නට ගිය බව දැනගැනීමට වුවත් ඔහුට එය දැනගැනීමට ලෙහෙසි වුයේ නැ. ඒ වේලාවේ ඇය ගියේ කොට්ටේ දෙසට බව කුරුළු පවසද්දී ඇයට ප්‍රශ්නයක් නැ නේද කියා අභිමන් විමසනවා.ඒ වේලාවේ කුරුළුත් අදිත්‍ය ගැන නොකියුවාට අභිමන් කතා කර විදිය ගැන බය වෙමින් සිටියේ. ඉන්පසු එසේ ප්‍රශ්නයක් නැති බව කියමින් කරුළු දුරකථන තියනවා.

හදසියේම මහිමාට දුරකථන ඇමතුමක් ලබා ගන්නා මාලන්, අභිමන් ඇයට ඔෆිස් එකට එන්න කියු බව පවසද්දී ඇයට නම් යළිත් කොළඹ ඔවුන්ගේ ඔෆිස් එකට එන්නට බැරි බවත් එලෙස පැමිණියහොත් අභිමන් ඇයට බැනවදි කියාත් මහීමා පවසද්දී එසේ ප්‍රශ්නයක් නැති බවත් ඇයට ඔෆිස් එන්න කියාත් මන්ද කුරුළුත් ඔෆිස් එන හෙයින් ඔෆිස් එක අලුති විදියට පටන් ගැනීමට සූදානම් වෙන බවත් මාලන් පවසනවා. නමුත් ඇයට ඒ ගැන හරියටම කියන්නට බැරි බවත් මන්ද සිදු වු ප්‍රශ්නත් සමඟ ඇයගේ නිවසින් ඇය කොළඹ යළි යනවාට අකමැති බවත් මහීමා පවසනවා. ඉන්පසු මේ වෙද්දී එම ප්‍රශ්න සියල්ල අවසාන බව මාලන් පවසද්දී ප්‍රශ්නය ඉවර නැති බවත් ඊයේ දිනයෙත් පොලිසිය කුරුළුගේ ප්‍රශ්නයට ඔවුන්ගේ නිවසට පැමිණ කටඋත්තර ලබා ගත් බවත් මහීමා පවසමින් එ නිසා ඇය ගැන බලාපොරොත්තු වන්නට එපා කියා මහීමා පවසනවා.ඒ වේලාවෙ ඔෆිස් එකේ අය ඇයට බනිනවාද අසමින් ඇය ගැන මොනවාද කියන්නේ කියා මාලන්ගෙන් විමසද්දී කවුරුත් ඇයට බනින්නේ නැති බවත් ඇය නිසයි කුරුළුව ඔවුන්ට හමුවුයේ කියාත් කියමින් මාලන් මහීමාගේ හිත හදනවා.

මේ වේලාවේ කුරුළු සදහ අදිත්‍ය මුණුගැසී තිබෙන බව දැනගත් අභිමන් කිසිවක් නොදන්නා ගානට අදිත්‍යට දුරකථන ඇමතුමක් ගෙන ඔහුගේ සැප දුක ගැන විමසනවා. ඒ වේලාවේ ඔහු හොඳින් කියාත් , කුරුළු හමුවු පසු ඔහුට අදිත්‍යව අමතක වී ඇති කියා සිත බවත් අදිත්‍ය පවසද්දී එය අසා අමුතුවට සිනාසෙන අභිමන් එසේ ඔහුව අමතක කරන්නේ කෙසේද අසමින් ඔහු තමයි කුරුළුව ඔහුට සොයා දුන්නේ කියා පවසනවා. ඉන්පසු මේ හදිසියේ ඔහු කතා කලේ ඇයිද කියා අදිත්‍ය විමසද්දී හදිසියක් නැති බවත් නිකමට කතා කලේ කියාත් අභිමන් පවසමින් ඔහු එදින කෝට්ටේ දෙසට යනවා දුටු බව අභිමන් පවසනවාත් එකක්ම ඔහු ක්ලයන්ට් කෙනෙකුව හමුවන්නට කොට්ටේට ගිය බව අදිත්‍ය පවසනවා. ඒ වේලාවේදීවත් අදිත්‍ය කුරුළු හමුවුන බව අභිමන්ට පැවසුවේ නැ.ඉන්පසු කුරුළු හමුවන්නට ඔහු ගියාද කියා දැනගන්නට අවශ්‍ය හෙයින් කුරුළු ඔහුට කතා කලේ නැතිද කියා අභිමන් අසද්දී කොත්මලේ සිට පැමිණි දවසින් පසු ඔහුට කුරුළුව මුණගැසුනේ නැති බව කියමින් අදිත්‍ය අභිමන්ට බොරු කියනවා.ඉන්පසු ඔහු යළිත් පස්සේ කතා කරමින් කියා අභිමන් දුරකතනය තියා යළිත් ඔවුන් දෙදෙනා ඔහුට කල බොරුව ගැන කල් පනා කරමින් සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *