සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.නිර්වාන් සහ මහීමා කතා කරමින් සිටින තැනට පැමිණෙන ඔවුන්ගේ අම්මා නිර්වාන්ගෙන් ඉස්කෝල මහත්තයාගේ නිවසේ තොරතුරු කොහොමද කියා විමසනවා.ඒ වේලාවේ ඔහු ඉස්කෝල මහත්තයාගේ ගෙදරය යා යුතු වේලාවක් බවත් ඔහුගේ උදව් ඔවුන්ට අවශය බවත් නමුත් ඇය කියු නිසයි ඔහු මෙලෙස ඉස්කෝල මහත්තයාගේ ගෙදර නොයා හිටියේ කියා නිර්වාන් පවසනවා.ඒ වේලාවේ එලෙස නොයා ඉන්න එක හොඳ බවත් ඇය ඔහු එම ප්‍රශ්න වලට පැටලෙනවාට අකමැති බවත් නිර්වාන්ගේ අම්මා පවසනවාත් සමඟම පොලිසිය ඔවුන්ගේ නිවසට පැමිණ ඔහුගෙන් විජේරත්නගේ නිවසේ නැවතී සිටි ගැහැනු දරුවාගේ විස්තර ටිකක් ඔවුන්ගෙන් දැනගැනීමට අවශ්‍ය බව පවසනවා.ඒ වේලාවේ ඔවුන් පන්සලට යමින් සිටියදී ගඟ අසළ කුරුළු බිම වැටි සිටි බව දැක ඇයව රෝහල් ගත කල බව නිර්වාන් පවසද්දී ඉන්පසු ඔවුන්ට මේ බව පොලිසියට දැනුම් දෙන්නට තිබුණු බව එම නිලධාරියා පවසනවා.

ඔය අතරේ කුරුළුව මුණ ගැසෙන්නට පැමිණෙන අදිත්‍ය , රේෂ්මාව දැක කුරුළු නිවසේ සිටිනවාද කියා අසද්දී ඇය ගෙදර නැති බවත් ඇය එළියට ගිය බවත් පවසනවාත් සමඟම අදිත්‍යගේ මුහුණ වෙනස් වී ඔහු පැමිණියේ කුරුළුව මුණගැසෙන්නට බවත් නමුත් ඇය නැතතත් ඔහුට රේෂ්මා සමඟින් කතා කරන්නට දෙයක් තිබෙන බවත් කියමින් කුරුළු යළිත් අභිමන් නිසා ජිවිතය විනාශ කරගන්නට හදන බව පවසනවා. එත් එක්කම මුලින් ඔහුත් අභිමන්ව විශ්වාස කල බවත් , නමුත් පසුව සිදු වුන විවිධ දේ නිසා අභිමන් ගැන ඔහුගේ හිතේ තිබුනු විශාවාස බිඳ වැටුන බව පවසමින් අභිමන්ට ගැලපෙන්නේ පූජා බව අදිත්‍ය පවසනවා.එ වේලාවේ අභිමන් ගැන ඔහුට විවිධ ආරංචි ලැබුන බව පවසමින් ඔහුගේ දුරකථනයේ තිබු අභිමන් සහ පූජා එකට සිටින ඡායාරූප කිහිපයක් රේෂ්මාට පෙන්වමින් විවාහ වෙන්න ඉන්න දෙදෙනෙක් එසේ සිටියට ප්‍රශ්නයක් නැති බවත් නමුත් මෙවැනි තැන් වල පූජා සහ අභිමන් හැසිරෙන ආකාරය වැරදි බව අදිත්‍ය පවසනවා.මේ වේලාවේ ඒවා දකින රේෂ්මාගේ හිතෙත් අභිමන් ගැන සැකයක් ඇති වනවා.

මේ වේලාවේ අභිමන් හමුවී යළිත් නිවසට පැමිණෙන කුරුළුගෙන් ඔහු කොහේද ගියේ අසමින් අදිත්‍ය මෙතරම් වේලාවක් ඇය එනතුරු බලා සිට ඒවෙලේ ගිය බව රේෂ්මා පවසද්දී අදිත්‍ය කුමටද ඇයව හමුවන්නට පැමිණියේ කියා කුරුළු අසනවා.ඒ වේලාවේ ප්‍රශ්න එද්දී හදිසියේම ඒ ගැන කතා කරන්නට වෙන බව රේෂ්මා අමුතුවට පවසමින් ඇය කොහේද ගියේ කියා යළිත් විමසනවා.අභිමන්ව හමුවන්නට ගිය බව කුරුළු පවසද්දී එ කුමකටද කියා රේෂ්මා විමසනවා.ඒ වේලාවේ අභිමන් ඇය විවාහ වෙන්නට සිටින කෙනා බවත් එහෙයින් ඇය ඔහු සමඟින් කොහේ ගියත් ඇති ප්‍රශ්නය කුමක්ද කියා කුරුළු පවසනවා.ඒ අවස්ථාවේ විවාහ වෙන්න සිටිනවා කියා තැන් තැන්වල යන්න බැරි බවත් පවසමින් කතා කරන්නට තිබෙන දෙයක් ඔවුන්ගේ නිවසට පැමිණ කතා කරන්න කියා රේෂ්මා පවසද්දී කුරුළුට ඇගේ වෙනස දැනී ඇය එලෙස පවසන්නේ ඇයිද කියා විමසනවා.ඒ අවස්ථවේ මිනිස්සු වෙනස් වෙද්දී ඔවුන්ටත් වෙනස් වන්නට සිදුවන බව රේෂ්මා පවසනවා.

අදිත්‍ය කුරුළුට දුරකථන ඇමතුමක් ලබා දී ඇයව හමුවන්නට අවශ්‍ය බව පවසනවාත් සමගම ඔහුව මුණුගැසෙන්න යන කුරුළුට , ඇයට ලොකු අනතුරක් සිදුවෙලාත් ඇය බේරුණේ ඇගේ තිබෙන වාසනාවකට බව කියන අදිත්‍ය එතරම් වාසනාවක් තිබෙන ඇය එම වාසනාවට පයින් ගසා ජිවිතේ විනාශ කරගන්නට යන බව පසනවා.ඒ වේලාවේ ඔහු එලෙස කියන්නේ ඇයිද කියා කුරුළු අසද්දී එය ඔහුට හරියට කියන්න බැරි බවත් නමුත් ඔවහුට අවශ්‍ය ඇය සතුටින් සිටිනවා දකින්නට බවත් අදිත්‍ය පවසනවා.ඒ වේලාවේ ඔහුට කියන්න තිබෙන දේ කෙලින් කියන්නට කියා කුරුළු පවසද්දී ඔහු එය ටික ටික වේලාව ආවම කියන්නම් කියාත් මන්ද ඇය ඔහු ගැන වැරදියට හිතන්නට පුළුවන් බවත් අදිත්‍ය පවසනවා.එත් එක්කම ඔහු ඇයට විවාහ වෙන්න කියාත් නමුත් ඇය තව එක්වරක් ඔහු කියු දේ ගැන සිතන්න කියාත් කුරුළුගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *