සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මෑණියන්ව සොයා පැමිණෙන ඩිලාන් දකිනවා දේවාලය අසළ සුදු කොඩි දමා තිබෙනවා. ඒ අවස්ථාවේ එතැන පාරේ සිටි අයෙකුගෙන් ඒ අසළ මරණයක් සිදු වී ඇතිද කියා ඩිලාන් විමසද්දී සිතා ගත නොහැකි දෙයක් සිදු වී ඇති බව පසමින් දේවාලයේ මෑණියන් නැති වී ඇති බව ඔවුන් පවසනවාත් සමඟම ඩිලාන් පුදුම වී එ කුමක් වී ද කියා ඔවුන්ගෙන් විමසනවා.ඒ වේලාවේ මෑණියන්ට නාගෙයක් දෂ්ඨ කිරීම හේතුවෙන ඇය මෙලෙස මියගොස් ඇති බව පවසන ඔවුන් එලෙස දෂ්ඨ කර ඇත්තේද මෑණියන් විසින් සිරකර තබාගෙන සිටින නාගෙයක් බව පවසනවා. ඉතිං එය අසා කලබල වුන ඩිලාන් බයෙන් තැති ගැන්වී දේවාලය දෙස බලා සිටිමින් ඔහුට එය තවමත් විශ්වාස කරන්නට බැරිව හිඳ ඉන්පසු පූජාට දුරකථ ඇමතුමක් ලබාගෙන නාගයා සිරකර තිබු කුඩුවෙන් පැනගොස් ඇති බවත් එ මදිවට එලෙස පැනගත් නාගයා මෑණියන්ටත් දෂ්ඨ කර ඇයව මරා දමා ගොස් ඇති බවත් පවසනවා.මේ වේලාවේ එම ආරංචිය අහනවාත් සමඟම පූජාටයද එය අදහගත නොහැකි වුවා. ඒ අවස්ථාවේ ඔහු එදින උදෑසන ඔහුගේ නිවස අසළ නයෙක් සිටිනවා දුටු බවත් එ එම නාගයා වෙන්න ඇති බවත් ඔවුන්ට යළිත් නයාගෙන් බෙරීමක් නැති බවත් ඩිලාන් පවසනවා.

ඉතිං මේ වේලාවේ අභිමන් පෙරදිනයක ඔහුව හමුවන්නට පැමිණ පහරදුන්නාට පලිගන්නට යළිත් රයන් අභිමන්ගේ නිවසට පැමිණෙනවා. එලෙස පැමිණ ඔහුගේ අම්මා මියගිය දුක දන්නේ ඔහු බව පවසමින් කුරුළුගේ තාත්තා සර්පයෙක් වී පැමිණ ඔහුගේ අම්මාව මෙලෙස මැරු බව පවසද්දී එය අසා කෙන්ති ගිය අභිමන් යළිත් ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගනිමින් මියගිය පුද්ගලයන්ට අපහාස කරන්නට එපා කියමින් ඔහුට පහර දෙන්නට සූදානම් වෙනවාත් සමඟම ඔවුන්ගේ රණ්ඩුව ඇසී එතැනට පැමිණෙන ලොයිඩ් අභිමන්ව නවත්වමින් ඔවුන්ගේ නිවසින් එළියට බහින ලෙස ඉල්ලා සිටිමින් ඔහු සහ ඩිලාන් ඔවුන්ට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්නේ නැතිද අසමින් ඔහුව ලොයිඩ් ගෙදරින් එඝියට ඇඳ දමනවා. ඒ වේලාවේ ඔහු යන්නම් කියමින් කුරුළුගේ තාත්තාට ඔවුන්ට කරදර නොකර පාඩුවේ ඉන්න කියා කියන්න කියමින් ඔවුන්ට කරපු දේවල් වලට සාප වෙන බව පවසමින් රයන් එතැනින් පිටව යනවා. එදින සවස ලොයිඩ්ගේ ඉල්ලීම මත ඔහුව හමුවන්නට පැමිණෙන විශාකා, ඇයට එලෙස එන්නට කිවේ කුමන කාරණාවකටද කියා ලොයිඩ්ගෙන් විමසනවා. ඒ අවස්ථාවේ ඔහුට සිතෙන ආකාරයට අභිමන්ගේ සහ කුරුළුගේ විවාහය ඉක්මන් කල යුතු බවත් ඔවුන් දෙදෙනා ඊට කැමති නම් ඔවුන් ඊට විරුද්ධ විය යුතු නැති බවත් එහෙයින් ඔවුන් දෙදෙනාගේ විවහාය ඉක්මනින්ම සිදු කරමු කියාත් ලොයිඩ් ඇයට යෝජනාවක් ගෙනෙනවා.ඒ අවස්ථාවේ ඇය අභිමන්ගේ හැමදේකදීම ළඟින් ඉන්නවා සේ මෙතැනදීත් අම්මාගේ වගකීම අරගෙන එම කටයුතු පිලිවෙලක් කරන්න කියා ලොයිඩ් විශාකාගෙන් ඉල්ලා සිටිනවා. ඉන්පසු ඔහු පහුවෙලා ඔහු හරි තීරණයකට පැමිණිම පිළිබඳ ඇය සතුටු වන බවත් පවසද්දී ඔවුන් මේ වේලාවේ සිතිය යුත්තෙ දරුවන්ගේ සතුට ගැන බවත් එ වෙනුවෙන් ඔවුන් කැප වී වැඩ කල යුතු බවත් ලොයිඩ් පවසනවා. එ අවස්ථාවේ අද පමණක් නොව ඉදිරියටත් ඇය දෙයක් කරනවා නම් කරන්නේ දරුවන් වෙනුවෙන් බව විශාකා පවසමින් එ වගකීම අය ඉෂ්ට කරන බව පවසනවා.

මේ වේලාවේ ඔෆිස් එකට පැමිණි කුරුළු සමඟින් තනිව කතා කිරීමට අවශ්‍ය බව කියන පූජා කවුරුත් නැති තැනට ගොස් ඇය මිට්න් එක අවස්ථාවේ කියු දේවල් කිවේ ඇයත් සමඟින් තිබෙන ඉරිසියාවක් නොවන බවත් ෆිල්ම් එක නිකුත් කරනවාට වඩා දේවල් කරන්නට තිබෙන බවත් පූජා පවසද්දී ඇයට කියන්න තිබෙන්නේ මොනවාද කියා කුරුළු පූජාගෙන් විමසද්දී ඇය තවමත් ඇයව අගේ අක්කා ලෙස පිළිගනන්ට කැමති නැතිද කියා අසනවා..ඒත් එකක්ම ඇය කුරුළුට වෛර කරා නම් , නපුරුකම් කරා නම් එලෙස කරන්නට ඇත්තේ ඇය පුංචි කාලේ සිට හැඳුන පරිසරයත් සමග විය හැකි බවත් ඇය පුංචි කාලේ සිට හැඳිවැඩුනේ කාත් කවුරුවත් නැති බවත් පූජා කුරුළුගේ හිත උණුවන ලෙස රඟපාමින් පවසනවා. එත් එකක්ම කුරුළුට අම්මා කෙනෙක් සිටියත් ඇයට අම්මා කියන්න කිසිවෙක් සිටියේ නැති බවත් ඔවුන්ගේ තාත්තා වන චන්ද්‍රාදිත්‍ය ඇගේ අම්මාව මරා ගත් බවත් පූජා සංවේදී ලෙස කුරුළු ඉදිරියේ පවසා සිටිනවා. ඒ වගේම ඇය මේ ලොකේ ආදරය කරන එකම කෙනා වන අභිමන්ට කුරුළු ආදරය කරන්න ගන්නා බවත් එතැන් පටන් ඇය මෙලෙස කුරුළුට වෛර කරන්නට පටන් ගත් බවත් පූජා පවසනවා. ඒ වේලාවේ අගේ ඒ වෛරය අසාධාරණයි කියා කුරුළු සිතනවාද අසමින් ඇය සිටින තැන කුරුළු සිටියා නම් කුමක්ද කරන්නේ කියා විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *